IMG-LOGO

2025 මැයි මස 09 වන සිකුරාදා


‘රටේ ආර්ථිකය කාබාසිනියා කළේ රාජපක්ෂ ආණ්ඩුවයි’

(රංජන් කස්තුරි)
 
“රටේ ආර්ථිකය කාබාසිනියා කළේ රාජපක්ෂ ආණ්ඩුවයි. අපේ රජය ආර්ථිකය විනයානුකූලව ඉදිරියට ගත්තා. බලයට පත්වීමේ කෑදරකමින් ඔවුන් දැන් ආර්ථිකය ගැන බොරු ප්‍රචාර කරනවා” යැයි මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා කොළඹ මුදල් අමාත්‍යංශයේ අද(03) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාකදී පැවසීය.
 
“අපේ රජය ගත් ණයවලින් වැඩිම කොටසක් වැය කළේ රාජපක්ෂ ආණ්ඩුව ගත් ණය ගෙවීමට” යැයිද එහිදී මංගල සමරවීර මහතා කීවේය.
 
“එදා ආර්ථිකයත් අද තත්වය ගැනත් විවෘතව සංවාදයකට එන්නැයි මම මහින්ද රාජපක්ෂ හිටපු මුදල් අමාත්‍යවරයාට ආරාධනා කරනවා” යැයිද එහිදී මුදල් ඇමතිවරයා පැවසීය.
 
එදා රාජපක්ෂ ආණ්ඩුව අධික පොලියට ණය අරගෙන ඒවා හිතවතුන්ගේ ව්‍යාපෘති වෙනුවෙන් වැය කර රටේ ආර්ථිකය අයි සී යූ එකට ඇද දමා තිබූ බවද මේ වනවිට එම රෝගියා සාමාන්‍ය වාට්ටුවට මාරු කර සුව අතට හැරෙමින් සිටින බවද මුදල් ඇමතිවරයා කීය.



අදහස් (29)

‘රටේ ආර්ථිකය කාබාසිනියා කළේ රාජපක්ෂ ආණ්ඩුවයි’

අමා Thursday, 03 October 2019 12:47 PM

දෙන්නෙක් එක්ක විවාද කරලා වැඩක් නෑ. ඡන්දෙ තියන්න කියන්නකො. අපි උත්තර දෙන්නම්.

:       143       861

adam Thursday, 03 October 2019 12:52 PM

මෙයා විහිළු කතා කියනවා

:       1035       1290

ලක් වැසියා Thursday, 03 October 2019 01:00 PM

දන්නෝ දනිති මංගල. එතකොට මහ බැංකු වාර්තා බොරුද? 2015 7.2 වලට තිබ්බ ආර්ථික වර්ධන වේගය දැන් 2019 2.7 %

:       1142       2228

ravi Thursday, 03 October 2019 01:03 PM

ඔවු ඔවු. තාමත් ආණ්ඩුව කරන්නේ රාජපක්ෂලා. බලයට ඇවිල්ලා අවුරුදු පහක් ගිහිල්ලා තාම ඉන්නේ විපක්ෂ මානසිකත්වයේ

:       204       762

wimal Thursday, 03 October 2019 01:05 PM

ආයෙමත් මහජනතාව රවට්ටන්න මෙයලා බොරු කියනවා.

:       641       1116

සේන Thursday, 03 October 2019 01:07 PM

හැම එකටම රාජපක්ෂ , රාජපක්ෂ . බල තණ්හාව තිබ්බට රටක ආර්ථිකේ කරන්න පුලුවන් ද ? ආර්ථිකෙත් කාලා, සංස්කෘතියත් කාලා, ජාතියත් කාලා තවත් දොඩවනවා. රාගය කියන්නේ පූර්ව අකුසළයක්. පව්කාරයින් රටේ මුල් පුටුවල ඉන්නකොට රටකට කවදාවත් හරියන්නෙ නෑ.බොරුව අනිත් පාපය.

:       0       68

jayasekaraFriday, 04 October 2019 10:50 AM

වැඩිකතා නොකියමි. සේන, සහතික ඇත්ත ඔයාගේ කතාව...

:       0       0

Dilan Thursday, 03 October 2019 01:10 PM

ඔබතුමාත් හොයාගන්න දේවල්.ආණ්ඩුවක් පත්කරලා අවුරුදු ගාණක් ජනතාව බලාගෙන හිටියෙ ඕක දැනගන්න නේද? ඔබතුමා වැනි ඇමතිවරයෙක් ලැබුණු එක ජනතාවගේ වාසනාව. අර ලෝකයේ හොඳම මුදල් ඇමතිත් ඔබතුමාට දෙවෙනි වෙනවා නිසැකයි. වැඩ නොකෙරෙන්න හේතු කියන එක වැඩ කරනවාට වඩා කොච්චර ලේසිද? මිනිස්සුත් වැඩිය කැමති ඒකට. ආර්ථිකය විනාශ කරපු රටේ මහ බැංකුව විතරක් තියලා වැඩක් තියනවද? ඒක නිසා තමයි ඒකත් ඉවර කරල දාන්න ඇත්තේ.

:       0       136

senarath Thursday, 03 October 2019 01:14 PM

මාතර ගොබෙල්ස් කියන කතාවලට රැවටෙන්න තරම් රටේ ජනතාව මෝඩ නැහැ. ඩොලරය 2015 දී තිබුණේ රුපියල් 132ට, අද කීයද 180ක් විතර වෙලා. ඒ විතරක්ද මේ ආණ්ඩුව ගනිපු මුළු ණය රාජපක්ෂ ආණ්ඩුව අවුරුදු 10ට ගනිපු ණයටත් වඩා වැඩියි. රටේ යුද්ධයක් තිබිලත් එදා රජය මොනතරම් සංවර්ධන වැඩ කළාද? මේ රජය වැඩි ණයකුත් අරගෙන කරපු සංවර්ධන වැඩ මොනවද? ලෝකේ ලොකුම හොරකම් කරලා වාර්තා නම් තිබ්බා. මහබැංකුව කොල්ල කෑවා. රටේ නැවත ත්‍රස්තවාදයක් හැදුවා. මෙයාට ඕනේ සමරිසි විවාහ නීතිගත කරන්න රට හෙනගැහුවත් කමක් නැහැ...

:       396       1126

samFriday, 04 October 2019 08:27 AM

අැයි මේ ගොල්ලන් ණය අරන් කෝටි ගණන් වටිනා වාහන දීලා ඇමැතිලාව සංවර්ධනය කරේ. ඒක කොච්චර වටිනා සංවර්ධනයක්ද?

:       0       0

ගගන Thursday, 03 October 2019 01:18 PM

හරි සන්තෝෂයි...

:       1       60

A.M.A Kumara Thursday, 03 October 2019 01:20 PM

ඒක මුලු රටම දන්නවනේ.. මහ බැංකුව මහ දවල් කොල්ලකාලා ආර්ථිකය කාබාසිනියා කලේ රාජපක්ෂලා තමයි.

:       206       814

chandima Thursday, 03 October 2019 01:25 PM

මෙන්න හීනෙන් නැගිටපු කෙනෙක්? 1947 ඉඳන් රට පාලනය කලේ ඔයගොල්ලෝ දෙපැත්තට බෙදිලා. කඩ කලා.. ගෙවල් ගිනි තියලා 30 අවුරුදු යුද්ධයක් ඇතිකළේ ඔයගොල්ලෝ. තමන්ට ආණ්ඩුව ගෙනියන්න රටේ අදායම පරදුවට තියලා ප්‍රකෝටිගණන් සැලසුමක් නැති ණයගත්තේ ඒ ගොල්ලෝ. අන්තිමේ කමිටු, සම්මන්ත්‍රණ, අපරාධ පරීක්ෂණ, කියකියා අවුරුදු හතරහමාරක් බුදියගෙන උන්නේ ඔයගොල්ලෝ, රටේ හැමෝටම එකම බදු නීතියක් කියන එක වෙනස් කරලා ඇමතිවරු මන්ත්‍රීවරු, සහ තම බලය පවත්වා ගැනීමට අවශ්‍ය වෙන උදවියටත්, තමන්ට කරදරයක් වෙයි කියලා හිතෙන උදවියටත් තීරුබදු සහන ලබාදෙමින් රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ සෑම පුරවැසියෙකුටම එකසේ ක්‍රියාත්මක වියයුතු නීතිය අවභාවිතා කලේ ඔය දෙගොල්ලොම. රටේ ප්‍රජාතන්ත්‍රවාදීව නියෝජිතයකු නම් කිරීමට අපට තිබූ අයිතිය නැති කරලා පක්ෂ නායකයින්ට වැටුපට සේවය කරන පුද්ගලයෙකුට අපි ලව්වා කතිරේ ගස්සා ගැනීමේ ක්‍රමය ඇතිකළේ ඔය දෙගොල්ලොම එකතු වෙලා. තව කියන්න එමටයි. අපි හීනෙන් නැගිටලත් නැහැ.. අන්තට්ටු දාගෙනත් නැහැ. වෙන එකක් තියා නාගනන්ද මහත්මයා රටේ විකල්පයක් අපේක්ෂාකරන ජනතාවට දෙන්න ගිය නායකත්වය මැදට වෙනත් කණ්ඩායමක් බිහිකරලා නාගනන්ද සහ එම ජනතාව අතරමන් කලෙත් ඔයගොල්ලන්...

:       70       905

lakshman Thursday, 03 October 2019 01:29 PM

ඇත්ත නැත්නම් අද අපේ රට හැම අතින්ම ස්වයංපෝෂිතයිනේ.

:       0       87

mangala Thursday, 03 October 2019 01:32 PM

මංගල දැන්වත් ඔය පිස්සු කෙලින එක නවත්තන්න. මනුස්සයෝ... ඔහෙලට ඡන්දෙ දීලා අපිත් ඒ කාලකන්නි අවුරුදු කීපයේ සාපයට අහුවුණා. මිනිස්සු හෙන ඉල්ලන්නේ අපට ඔහෙලට ඡන්දෙ දීලා කරගත්ත විපාකයට. මෙන්න වැන්දා දැන්වත් තොලොංචි වෙලා යනවලා...

:       540       1204

Mahee Thursday, 03 October 2019 01:32 PM

ඒ කතාව ඇත්ත. හැබැයි මුන්නැහෙලා ඉතුරු ටිකත් හූරලා දැම්මා...

:       230       259

රජින්ද Thursday, 03 October 2019 01:38 PM

රට බයිලා ගැහුවට ආයෙත් මිනිස්සුන්ව අන්දන්න ඔබලාට ලැබෙන්නේ නැහැ. එකම තැටිය එකම විදිහට අහලා අහලා අප්‍රසන්න වෙලා තියෙන්නේ. කරුණාකරලා මිනිස්සුන්ට පාඩුවේ නිදහසේ තමන්ගේ අපේක්‍ෂකයා තෝරාගන්න දෙන්න. මේ වෙනකොට මම හිතනවා 2014දී උන්නට වැඩිය බුද්ධිමත් මිනිස්සු පිරිසක් ඉන්නවා කියන එක. ඒ මිනිස්සුන්ට 2014 ඉඳන් 2019 වෙනකන් වෙච්චි දේවල් අමතක වෙන්න තරම් ඒ මිනිස්සු මතකයෙන් පිරිහිලා නැහැ. විශේෂයෙන්ම පාස්කු ප්‍රහාරය වෙලාවේ ඔබලාගේ කට්ටිය කරපු කියපු දේවල් අමතක වුණා කියලා හිතුවද? යන්න මහත්තයෝ යන්න...

:       2343       3402

Sarath Thursday, 03 October 2019 02:30 PM

මරු කතාව

:       143       141

Raveendra Thursday, 03 October 2019 03:25 PM

මේ අය හොඳ නැති නිසානේ " නුඹලාට මිනිසුන් බලය දුන්නේ... දැන් "හොඳට කළාද"? කටවල් ඇරලා කියන්න ඇත්ත... මේ අපේ මුදල් ඇමති නේද? බැන බැන ඉන්නේ නැතිව කන බත්පතටවත් කළගුණ සලකනවද?

:       0       302

Chanak los angeles Thursday, 03 October 2019 09:46 PM

62 ලක්ෂයක් ඡන්දය දුන්නේ ආර්ථිකය කාබාසිනියා කළ අය අත්අඩංගුවට ගෙන ගසා කාපු මුදල් නැවත ලබාගන්නවා කියපු මැතිවරණ පොරොන්දුවටයි. එහෙම නැතිව වාද කර කර ඉන්න නොවෙයි.. නමුත් මොනවද කලේ? කලේ හොරුන් ටික ආරක්ෂා කරපු එකයි.

:       0       81

Bandara Friday, 04 October 2019 12:40 AM

නටන්න බැරි කෙනාට පොලොව ඇදයි

:       91       238

nisha Friday, 04 October 2019 02:58 AM

ලේකම් හරහා අමාත්‍යංශ පාලනය කලාට වෙන්නේ මොනවද කියල යන්තම් හෝ දැනීමක් නැති බවයි පෙනෙන්නේ

:       0       41

saliya Friday, 04 October 2019 02:58 AM

පළමුවෙන්ම ඇත්ත කතා නොකරන මේ වගේ මුදල් ඇමති කෙනෙක් සිටීමම අපේ අවාසනාවක් .

:       0       136

සරණසිරි උමගිලිය Friday, 04 October 2019 05:11 AM

Chanak los angelesගෙ කතාවනම් ඇත්තයි. 62 ලක්ෂයක් ඡන්දය දුන්නේ ආර්ථිකය කාබාසිනියා කළ අය අත්අඩංගුවට ගෙන ගසා කාපු මුදල් නැවත ලබාගන්නවා කියපු මැතිවරණ පොරොන්දුවටයි. එහෙම නැතිව වාද කර කර ඉන්න නොවෙයි.. නමුත් මොනවද කලේ? කලේ හොරුන් ටික ආරක්ෂා කරපු එකයි. ඊටත් වඩා මොකුත්ම නොකර මේ අය හොරකම් කලා.

:       0       51

Ponagala Mannaya Friday, 04 October 2019 05:26 AM

ඇත්ත ඇත්ත සර්

:       14       0

isuru Friday, 04 October 2019 05:50 AM

රටේ ආර්ථිකය එදා කොමිස් ගහල රට ලෝකෙටම නය උගුලක හිර කළා..... අද වැඩ වර්ජන කරවනවා එක අපි කොටුවේදී වතුර වීදුරුව පොවද්දී දැක්කා ඔවු රට කාබාසිනියා කරන්නේ රාජපක්ෂ ලා .

:       330       110

Ananda Friday, 04 October 2019 08:37 AM

ඊට පස්සේ ඔක්කොම රටම කාබාසිනියා කළා.

:       0       179

karume Friday, 04 October 2019 05:07 PM

එදත් රට කෑවා. අදත්, අනාගතේදීත් රට කන්න දඟලනවා. එ්ක රටම දන්නවා.. ඔබතුමා හරි.

:       0       0

jagath Friday, 04 October 2019 05:10 PM

ගරු ඇමතිතුමනි, ඔබතුමා නිවැරදියි... එදත් රට කෑවා, අදත් රට කනවා අපි කොටුවේදී දුටුවා.. අනාගතේදීත් රට කන්න දඟලනවා රාජපක්ෂලා... එ්ක රටම දන්නවා ඔබතුමා හරි...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

දේශබන්දු මැතිසබා කමිටුවට 19 කැදවයි
2025 මැයි මස 09 51 0

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ධූරයේ බලතල අනිසි ලෙස පාවිච්චි කර ඇතැයි එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් විමර්ශන පවත්වන ත්‍රිපුද්ගල කමිටුව හමුවේ ලබන 1


කොටහේන දැරියගේ මරණයෙන් මැතිසබේ රත්වෙයි
2025 මැයි මස 09 682 1

අතවර සිද්ධියකින් පසු කොටහේනේ පහළොස් හැවිරිදි දැරියක මහල් නිවාසයකින් බිමට පැන සියදිවි හානි කර ගැනීමේ සිද්ධිය සම්බන්ධ සංවාදයක් අතරතුරදී ඇතිවූ ගාලගෝට


ජනාධිපති කාර්යාලයේ සැප වාහන වෙන්දේසියේ දෙවන අදියර ඇරැඹේ
2025 මැයි මස 09 323 1

ජනාධිපති කාර්යාලයේ සුඛෝපභෝගී වාහන සහ භාවිතයෙන් ඉවත් කර ඇති වාහන 27ක් විකිණීම සඳහා දෙවැනි අදියර යටතේ මිල ගණන් කැඳවා ඇත.


වෙසක් පෝයට දවස් තුනක් මස්-සුරා-රේස් බුකි-කැසිනෝ නෑ
2025 මැයි මස 09 527 3

මැයි මස 12,13 සහ 14 යන දිනයන්හි දිවයින පුරා ඇති මස් පිණිස සතුන් ඝාතනය කරන ස්ථාන හා මස් මාංශ අලෙවි සැල් වසා තැබීමටත්, සුපිරි වෙළදසැල් වල මස් මාංශ අලෙවි කිරීම න


ආණ්ඩුව පඹ ගාලක පැටලිලා
2025 මැයි මස 09 33 0

ආණ්ඩුවේ නොහැකියාව නිසා අද වන වන විට පාරිභෝගිකයා මෙන්ම නිෂ්පාදකයා යන දෙදෙනාම බැටකන තත්ත්වයට පත්වී තිබෙන බව අනුරාධපුර දිස්ත්‍රික් මන්ත්‍රී රෝහණ බණ්ඩා


‘විපක්ෂට අපේ දේවල් කර තියාගෙන යන්න වෙලා‘
2025 මැයි මස 09 948 8

විපක්ෂයට ජාතික ජන බලවේගයේ සටන් පාඨ අරගෙන ඉදිරියට යාමට සිදුවීම රටේ ජයග්‍රහණයක් බව කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී සුසන්ත දොඩාවත්ත මහතා:-(ජා.ජ.බ) පාර්ලිමේන්තු


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1278 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 329 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1346 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site