(මුදිතා දයානන්ද)
අගමැතිවරයෙක්, කැබිනට් මණ්ඩලයක් නැති රටක් බවට පත්කර රට අස්ථාවර කිරීම පිළිබඳ වගකීම ජනාධිපතිවරයා බාරගත යුතු යැයි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා අද (15) පැවැසීය.
හේරත් මහතා මේ බව පැවසුයේ පැලවත්තේ ජනතා විමුක්ති පෙරමුණු මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවකදී වන අතර තවදුරටත් ඔහු මෙසේද පැවසීය.
‘‘ශ්‍රේෂ්ඨාධිකරන තීන්දුව අනුව කලින් යොදාගත් පරිදි ඊයේ පාර්ලිමේන්තුව රැස්වුණා. එහිදී අපි සාමාන්‍ය න්‍යාය පත්‍රය අවසන් වූ පසු පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අත්හිටුවීමේ යෝජනාවක් සම්මත කරගෙන ජනාධිපති හොර පාරෙන් පත් කළ අගමැති ඇතුලු ඇමති මණ්ඩලයට එරෙහි විශ්වාසභංගයක් ඉදිරිපත් කළා.
එය විවාද කරන්න තිබු අවස්ථාව මහින්ද පිලේ කණ්ඩායම කෑ ගහලා නැති කරගත්තා. ඊට පස්සේ කතානායකවරයා තීන්දු කළා ඡන්ද විමසන්න. එහෙත් එයටද ඉඩදුන්නේ නැහැ. ඒ නිසා නාමිකව ඡන්ද ගණන් කිරීම නවතා පාර්ලිමේන්තු ස්ථාවර නියෝග 47 අනුව කතානායකවරයාට ලැබී ඇති කටහඬ අනුව ඡන්ද විමසීමේ බලය ක්‍රියාත්මක කළා.
ඒ අනුව විශ්වාසභංගය ජයග්‍රහණය කළා. දැන් රටේ අගමැති කෙනෙක්, ඇමති මණ්ඩලයක් නීත්‍යානුකූලව නැහැ. කථානායකවරයා ඊයේ පාර්ලිමේන්තුවේ සම්මත වූ විශ්වාසභංගය ගැන ජනාධිපතිට ලිඛිතව දැනුම් දී නව අගමැතිවරයෙක් ඇතුලු කැබිනට්ටුවක් පත්කරන ලෙස ඉල්ලා තිබෙනවා.
ජනාධිපති රාත්‍රී නවයට ලියුමක් එවනවා ඒ ලිපිය පිළිගන්නේ නැහැ කියලා. විශ්වාසභංගය ඉදිරිපත් කර තිබෙන්නේ ස්ථාවර නියෝගවලට පටහැනිවයි, කථානායක කටයුතු කර තිබෙන්නේත් ස්ථාවර නියෝගවලට පටහැනිවයි කියලා එතුමා කියලා තිබෙනවා. විශ්වාසභංගයේ අත්සන් ලේඛනයේ පාර්ලිමේන්තුවේ නිල මුද්‍රාව තියලා නැතිලු. එහි පැරණි දිනයක් මකලා අලුත් දිනයක් දාලාලු.
මොනවද මේ දෙකයි පනහේ කතා. ව්‍යවස්ථාව උල්ලංඝනය කළේ ජනාධිපති මිසක් අපි නෙවෙයි. විශ්වාසභංගයක් සම්මත වූ පසු ඒ ගැන ජනාධිපතිට දැනුම් දෙන විට විශ්වාසභංග යෝජනාව සමග අත්සන් ලේඛනය යැවිමේ අවශ්‍යතාවයක් නැහැ. එය යවා තිබෙන්නේ වැඩි හොඳට. ඒ ලේඛනයට පාර්ලිමේන්තුවේ නිල මුද්‍රාවක් කිසිසේත්ම අවශ්‍ය වන්නේ නැහැ.
අත්සන් ලේඛනය කවදාද ගත්තේ කියන එකත් වැදගත් නැහැ. විශ්වාසභංගය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ ඊයේ වුණත් එයට ඊට පෙර අත්සන් ලබාගන්න පුලුවන්. ඒ නිසා දින පිළිබඳ ප්‍රශ්නයකුත් මෙහි නිත්‍යානුකූළ බවට බලපාන්නේ නැහැ. මෙයින් සිදුවන්නේ රට අස්ථාවර වීම පමණයි‘‘.
COMMENTS
රට අස්ථාවර කරේ ඔබලයි රනිල් එක්ක ආණ්ඩුවක් හදලා, යුද්දේ ඉවර වෙලා දියුණු වේගන අවා රට.
රට අස්ථාවර කිරීමේ වගකීම විජිත හේරත් සහ ජනතා විමුක්ති පෙරමුණ බාර ගත යුතුයි.
මේකෙ වගකීම ජවිපෙත් බාර ගතයුතු බව අපගේ වැටහීමයි.
මම දැක්කා මහින්ද මහතට ජ.වි.පෙ සහය නොදීම නිසා සමහර අය අදහස් දාලා තියනවා.ජ.වි.පෙ අවසානයි,තියන ඡන්ද ටිකත් ඉවරයි, කියනලා. ඔවුන් හිතන් ඉන්නේ මහින්ද මහතට සහය දෙන අයට විතරයි පැවැත්මක් තියෙන්නේ කියලා.ජ.වි.පෙට තිබෙන්නේ කොහොමත් මහින්ද විරෝධි ඡන්ද.මතක තබා ගන්න පොට්ටුව යනු තනිකරම එක් පුද්ගලයෙකුගේ චරිතයට අැති අාකර්ශණය මත, පුද්ගලාභිවන්දනය මත ගොඩ නැගුණු පක්ෂයක්. එහි ප්‍රතිපත්තිමය බැඳීමක් නොමැත. බල්ලා මැරුනම උගේ අැඟේ හිටපු මැක්කන්ට වෙන දේ දන්නවද? ජ.වි.පෙ යනු 60000ක සාමාජිකත්වයක් ඝාතනය වෙලත් නැගිටපු පක්ෂයක්. මන්ද එය පුද්ගලාභිවාදනය මත නොව ප්‍රතිපත්තිමය හා මතවාදීමය වශයෙන් බැඳුණු කණ්ඩායමක් වීම.
මෙයාලා වගේ හරක් පාර්ලිමේන්තුවට යවපු අපිට ගහන්න ඕනේ...
ඔබලා අද මගේ මනාපය නැතිකර ගත්තා... ඔබලත් ඔබලාගේ අද අමතක වුණා. ඒක කවුන්ට් කරන්න. මෙච්චර දවසක් ඔබලාව තමයි නියෝජනය කළේ..
රට අස්ථාවර කිරීමට මුල් වූ අය, එය අනෙක් අයගේ පිට පැටවීමට උත්සාහ කිරීම පික්පොකට් ගහලා දුවන පික්පොකට් කාරයාගේ කථාව වගෙයි...
ඉස්සර කැම්පස් ඉන්න කාලේ ජේවීපී එකේ උන් කියලා මොරාල් එකේ හිටියේ. දැන් රනිල්ට කඩේ යනනවා කියලා ලෝකෙටම පේනවා. ලැජ්ජයි සහෝදරයා ඊළග මැතිවරණයකදී සමතලා වෙනවා. දුකයි අපිට ! ආයේ පාර්ලිමේන්තු එන්න වෙන්නේ නැති හින්දා ප්‍රජාතන්තවාදය කෙසේ වෙතත් පෙන්ෂන් එක බේරාගන්න බලන්න. රටට හෙන ගහව්වත් කමක් නෑ.
පොදු අපේශයකයා විදියට ඔහුව ගෙන එන්න කුමන්ත්‍රණ කරපු ඔබලාම බොහොම හොඳයි.
මං මෙච්චර කල් දුන්නේ ජේවීපී එකට. ආයෙනම් දෙන්නේ නෑ කවදාවත්.
රටේ ජනතාව ජේ වී පි යනු හුදෙක් යු අන් පි එකේ පළුවක් බව මෙම විගඩමෙන් හොඳින් තේරුම් ගත්තා. අනාගතයක් අහිමිවන ලකුණු මැනවින් පෙන්නුම් වේ. ඡන්දයකදී තිබුණු ප්‍රමාණයද අහිමි වෙනු ඇත.
සම්පූර්ණයෙන්ම ඇත්ත
ඔබලා මහබැංකු මංකොල්ලයට එරෙහිව අධිකරණයේ පෙත්සමක් වත් ගැහුවේ නැහැ .
මෙවැනි ජනාධිපතිවරයෙක් පත් කිරීමේ වග කීම ඔබ බාර ගත යුතුයි.
රට අස්ථාවර කිරීමේ වගකීම බාර ගත යුත්තේ ජේවීපී එකයි.
රට අස්ථාවර වීමේ වගකීමෙන් වැඩිකොටසක් ජ වී පෙ බාරගන්න ඕනේ. 2015 දී මේ කැඳ හවුල හදන්න කඩේ ගියපු පක්ෂයක් තමයි ජ වී පෙ. එදා කිව්වේ මේ කඩේ බඩු ගැනත් අපි සහතිකයක් දෙන්නේ නැහැ කියලා.
ජවිපෙ ස්ථාවරය ඉතාම සාධාරණයි. යුක්ති සහගතයි. ඔබ විසින් ඉදිරිපත් කල විශවාස භංගයේ ජනාධිපතිගේ ව්‍යවස්ථා විරොධි ක්‍රියා පිළිබඳ (1) වන වගන්තිය අයින් කරන්නනම් එපා.
එතකොට එදා 88,89 සමයේදී රාජ්‍ය දෙපල, තරුණ ජීවිත හැට දාහක් නැති කරපුවට තමුන්නාන්සේලාගේ නායකයෝ වගකීම බාර ගන්නවද? අනේ නිකන් ඉන්න මහාත්තයෝ තමුන්නාන්සේලා මුල අමතක කරලා දැන් මිනිස්සුන්ට බණ දේශනා කරන්නේ,රටේ ජනතාව තමුන්නාන්සේලා වගේ මීහරක්වත්,මොඩයොවත් නෙමෙයි. අද තමුන්නාන්සේලාට රට ගැන,රටේ ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කරන්න මගපාදලා දුන්නේ කලින් හිටිය නායකයොයි,දැන් මේ ඉන්න නායකයොයි කියලා මතක තියාගත්තොත් හොදයි.නැත්නම් අපේ රට ගැනයි,රටේ ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කරන්න තමුන්නාන්සේලාට කිසිම අයිතියක් නැහැ, රටට කරපු අපරාධවලට.
මේ ගොල්ලෝ නිසා තව තවත් රට අස්ථාවර වේ.
2015 -1 -08 දිනට පෙර රට ස්ථාවර තත්වයක පැවතිනි. මෛත්‍රීපාලව බිළිබාගෙන නුඹලයි ජත්‍යන්තරයට කඩේගිය සිවිල් සංවිධානයි එක්සත් ජාතික පාක්ෂයේ මැතිවරණ භුමිකාවට පුද්ගලික මාධ්‍ය නාලිකා හරහා මහින්දට එරෙහිව මතයන් සමාජගතකර රටේ ස්ථාවරත්වය සහ ගමන් මගට මළගම උදාකර දුනි. ඒකේ වගකීම දැන් ජනපති අරගෙන තියෙන්නෙ. ඒකේ වාසිය නුඹලා අරන් ජනතාවට දුක දෙන්න.
රටේ ප්‍රජාතන්ත්‍රවාදය ඇති කිරිඉමට ඔබලාගේ කාර්ය බාරය ඉතා ඉහලින් සලකනවා.
තමන්ගේ වගකීම් ඉටු කරන දකුණේ පක්ෂයක් වශයෙන් තියෙන්නේ ජේ.වී.පී.පමණයි. පොහොට්ටුවෝ නම් කවුරුත් පාහේ ඉර හඳ උලා කාපු ලොකොත්තරයෝ!
නිශාන් හැබයි මේගොල්ලන්ගේ ප්‍රතිපත්ති කාල්මාස්ගේ සහ ලෙනින්ගේ මේගොල්ලන්ට බලය අල්ලගන්නයි ප්‍රජාතන්ත්‍රවාදය ඕනේ. බලය ලැබුන ගමන් මෙයාලට ප්‍රජාතන්ත්‍ර වාදය අමතකයි.