(ඉන්දිකා රාමනායක)
නිරායුද අහිංසක ජනතාවට බලය පෙන්වා රට අරාජික කිරීමට කිසිවෙකුටත් ඉඩනොදෙන බවත් රට අරාජික කරමින් මේ ආකාරයේ සිදුකරන අන්තවාදී කි‍්‍රයා වහාම නැවැත්විය යුතු බව වැඩබලන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සී.ඞී වික‍්‍රමරත්න මහතා පැවසීය.
පොලිසිය ඉවසීමෙන් කටයුතු කිරීම පොලිසියේ දුර්වල කමක් සේ නොසිතන ලෙසත් එය එම අන්තවාදී කණ්ඩායම් වලට සිදුව ඇති විශාල වරදක් බවද වැඩබලන පොලිස්පතිවරය සඳහන් කළේය.
වැඩබලන නියෝජ්‍ය පොලිස්පතිවරයා මේ බව සඳහන් කළේ රටේ උද්ගත වී ඇති තත්ත්වය හමුවේ මාධ්‍ය වෙත විශේෂ ප‍්‍රකාශයක් කරමිනි.
බීමත්ව සිටි සුළු පිරිසක් කුලියාපිටිය හෙට්ටිපොළ ප‍්‍රදේශයේ වෙළෙඳ සැල් කිහිපයකට පහර දී තිබූ බවත් එය පාලනය කිරීමට පොලිස් ඇඳිරි නීතිය පැනවීමට සිදුවූ බව වැඩබලන පොලිස්පතිවරයා කියා සිටියේය.
එවැනි කි‍්‍රයා නතර වේවි යැයි සිතා සිටියද කුලියාපිටිය ප‍්‍රදේශයේ එවැනි කි‍්‍රයා කිහිපයක් වාර්තා වූ බවත් මේ තත්වය පාලනය කිරීම සඳහා ආරක්ෂක පියවරක් වශයෙන් මුළු දිවයිනටම පොලිස් ඇඳිරි නීතිය පැනවීමට සිදු වූ බවද සඳහන් කළේය.
මෙම සිදුවීම් වලදී පොලිසිය ඉතා ඉවසීමෙන් කටයුතු කළ බවත් ඉතා සුළු අන්තවාදීන් පිරිසක් මේ ආකාරයේ හැසිරෙන බවට තොරතුරු හෙළි වූ බවද වැඩබලන පොලිස්පතිවරයා කියා සිටියේය.
වසර 30 පුරා පැවති ලෝකයේ දරුණුම ත‍්‍රස්වාදය විනාශ කිරීමට විශාල කාර්ය බාරයක් පොලිසිය සිදුකළ බවත් එවන් පොලිසියකට මේ සුළු අන්තවාදීන් පිරිස අංශූ මාත‍්‍රයක් පමණක් බවත් වික‍්‍රමරත්න මහතා සඳහන් කළේය.
2019 අපේ‍්‍රල් 21 දින ප‍්‍රහාරයෙන් පසුව මේ දක්වා සිදුකරන විමර්ශන සඳහා සහ ජාතික ආරක්ෂාව තහවුරු කිරීම බහුතරයක් ජනතාව සහය වුයේ ජාති ආගම් භේද වලින් තොරව බවත් ඒ සඳහා අංශූ මාත‍්‍රයකින් හෝ සහය නොදැක් වූ ඉතා සුළු අන්තවාදීන් පිරිසක් ජනතාවගේ ජීවිත සමඟ සෙල්ලම් කරන බවත් හෙතෙම කියා සිටියේය.
මේ කී‍්‍රඩාව වහාම නතර කර යුතු බවද ඒ මහතා කීය.
මෙලෙස අන්තවාදී ලෙස කටයුතු කරන පුද්ගලයන්ගේ ඥාතීන්ට හා හිතවතුන්ට මේ අවස්ථාවේ කියා සිටින්නේ තමන්ගේ ඥාතියාට හෝ හිතවතාට මෙම තත්ත්වය පිළිබඳ දැනුම් දෙන ලෙසත් එසේ නොවුන හොත් නීතිමය බලය යනු කුමක් ද යන්න මේ සුළු පිරිසට පෙන්වීමට ශි‍්‍ර ලංකා පොලිසියට සිදුවන බවත් වැඩබලන පොලිස්පති වික‍්‍රමරත්න මහතා කියා සිටියේය.
මෙම සිද්ධී සම්බන්ධයෙන් අත්අඩංගුවට ගන්නා පුද්ගලයන්ට ඇප හිමි නොවන බවත් වසර 10 ක කාලයක් සිරදඩුවම් විදීමට සිදු වන බවත් වැඩබලන පොලිසපතිවරය කියා සිටියේය.
එම නිසා මෙම සිදුකරන අන්තවාදී කි‍්‍රයා වහාම නතර කරන ලෙසට වැඩබලන පොලිස්පතිවරයා වශයෙන් තමා ඉල්ලා සිටින බවද හෙතෙම වැඩිදුරටත් පැවසීය.
COMMENTS
නියමයි
මේ අවස්ථාවේදී ඔලුවෙන් වැඩකලයුතු විනා ආවේගශීලිව වැඩ කිරීමෙන් වෙන්නේ අපි විසින් අපිටම වල කපාගැනිමක් නොවේද?
මෙහෙම රටේ දේපොළ ගිනිතබා පලිගන්න එක වහාම නතර කල යුතුයි. එහෙත් අන්තවාදීන්ට නීතියෙන් පැනලා යන්න දෙන එක එතරම් සුබ නැහැ. එවිට ජනතාවට ආණ්ඩුව හෝ පොලිසිය කෙරෙහි අවිස්වාසයේ ප්‍රතිපලය අතිශය බරපතල ව්‍යසනයක් වේවි .
නම දෙනා එලියට ගිය දවසේ සිට ජනතාවගේ විස්වාසයක් නැත..
පුපුරන ද්‍රව්‍ය නිෂ්පාදනයට සහය වී ඇති හමුදාව විසින් අත්අඩංගුවට ගත් තඹ කර්මාන්ත ශාලාවේ සැකකරුවන්ට ඇප නියමවෙන්න ක්‍රියාකරපු පොලිසිය කියනවා අපරාධ කරන පුද්ගලයන්ට ඇප ලබාදෙන්නේ නැහැ කියා.
රට අරාජික කරන්නේ වෙන කිසිවෙකු නොවේ දේශපාලකයෝ...
පොලිසිය ගැන මිනිස්සු විශ්වාසය නොතබති.
දැන්ම අරාජිත වෙලා ඉවරයි.
ඉතාම පැහැදිලි කෙළින් ප්‍රකාශයක්...
නොවිය යුතු දේවල් ඔක්කොම වුණාට පස්සේ දැන් මොනවා කිව්වත් වැඩක් නෑනේ මහත්තයෝ... පිටරට පුවත්වලට අනුව බෝම්බ ගහපු එවුන්ට වඩා අපේ මිනිස්සු නරකයි කියලා තමයි ලියැවෙන්නේ. ඔවුන්ට ඕන වුනෙත් ඒකම වෙන්න ඇති කරගන්න. අනික පොලිස්පතිවරයා සහ ලේකම් මාරුකරත් වෙනසක් වෙලා නෑනේ. ප්‍රශ්නේ තියෙන්නේ වෙන කෙනෙක්ගේ...
රට අරාජික නිසා තමයි උන් අර තරම් මිනිස් සංහාරයක් කළේ. ත්‍රස්තවාදීන් නැති කරන්න හරි වැඩපිලිවෙලක් යනව නම් මිනිසුන් නිහඬව ඉඳීවි. රටට ආදරේ ජනතාව මේ තමයි මෛත්‍රී සිතින්ම සිටිය යුතු අවස්ථාව .
එහෙනම් අර ඇමති අත්අඩංගුවට ගන්න ...........
දනිස්සට නොව ඔලුවට ඉලක්කය ගන්න. මේ පිටුපස සුදු රෙදි ඇදගත්තු හොරැ ඉන්නවා. උන්ව හදුනාගන්න මිනිසුනේ.....
කට වහගෙන තඹ කර්මාන්ත ශාලාවේ සේවකයන් මුදාහල සියළු දෙනාගේ වැඩ තහනම් කරන්න. කයිවාරුව තියලා තමාගේ වගකීම ඉටු කරන්න...
අන්තවාදීන් වැඩෙන්නට දෙනවානමි එහි වගකීම සමස්ත සමාජයට... සිංහල, දෙමල, මුස්ලිම් කිසිම ජනවර්ගයකට අයත් අන්තවාදීන් පිටුදකිමින් කටයුතු කරමු. හමුදාව පොලිය ශක්තිමත් කරමු. සාමය අගයන නීති ගරුක සැමගෙ සහය ඔවුන් ට ලබාදෙමු... පවතින ආණ්ඩුව කවූද කියන එකට වඩා රටෙහි අවාසනාවන්ත ලේ වැගිරීම් පාලනයට කාගෙත් කැපවීම අවශ්‍යයි... නීතිය අතට ගෙන කටයුතු කිරිම රටට විනාශය මිස යහපතක්වේ යැයි සිතීම විහිලුවක්. මෙි වෙලාවෙ රටෙි දේශපාලන නායකයො සහ මාධ්‍ය ආයතන වඩාත් වගකීමෙන් සමාජය මෙහයවනවානමි විනාශය වලකාලීමට වැදගත්. එහෙම නැතිව බලය වෙනුවෙන් මෙම සියලුම ආකාර අවස්ථාවාදී අන්තවාදීන්ට සෘජුව හෝ වක්‍රව ලබාදෙන අනුග්‍රහය අනාගතයේදී ඔබවෙත භුමරංගයක් ලෙස හැරී ඉන්ම විනාශ විමට සිදුවනු ඇත.
රට අරාජික කරන්න නීතිඥයන් කටයුතු කර ඇත.
වැඩබලන පොලිස්පති ඇඳුමක් ඇඳගෙනද මේවා කියන්නේ? පුපුරන ද්‍රව්‍ය නිෂ්පාදනයට සහය වී ඇති හමුදාව විසින් අත්අඩංගුවට ගත් තඹ කර්මාන්ත ශාලාවේ සැකකරුවන්ට ඇප නියමවෙන්න වැල්ලම්පිටිය පොලිසිය වැඩකළා. කර්මාන්ත ශාලාව සීල් කරලා කිව්වට යස අගේට ඇතුලේ තිබුණු බඩු ටික එළියට අරගෙන ගියා. මේ ගැන ප්‍රදේශවාසීන්ගෙන් පැමිණිලි ආවත් මුකුත් ඇක්ෂන් එකක් පොලිසිය ගත්තේ නෑ. මහජනතාවට නීතිය අතට අරගන්න සලසලා අන්තවාදීන්ට රට අවුලුවන්ට උදව් කලේ පැහැදිලිවම පොලිසිය... හමුදාවේ කොල්ලෝ ගැන මිසක් පොලිසිය ගැන අද කිසිම විශ්වාසයක් නෑ... පොලිසියේ නිවටකම ගැන මීට වඩා සාක්ෂි ඕනේ නෑ... ත්‍රස්තවාදීන් ඇප දීලා ගෙදර යවලා හන්දියේ චණ්ඩින්ට ඇපදෙන්නේ නෑ කියලා බොරු ටෝක් දෙන්න එපා... කොන්ද පණ තියනවා නම් මුස්ලිම් අන්තවාදය වපුරපු දේශපාලනඥයින් අත්අඩංගුවට ගන්න. නැත්තන් මිනිස්සු කියයි දැන් ඉන්න එකාට වඩා හිටපු එකා දාහකින් හොඳයි කියලා...