IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


රටවල් 10 ක රාජ්‍යතාන්ත්‍රිකයෝ විදේශ අමාත්‍යාංශයට කැදවති

( තිළිණි ද සිල්වා )

විදේශ රටවල් 10ක සිටින ශ්‍රී ලංකා තානාපතිවරුන්, මහ කොමසාරිස්වරුන් ඇතුළු රාජ්‍යතාන්ත්‍රිකයින් කිහිප දෙනෙකු නැවත විදේශ අමාත්‍යාංශයට කැඳවා ඇතැයි රජයේ තානාපති ආරංචි මාර්ග සඳහන් කර සිටී.

මෙලෙස යළි කැඳවනු ලැබ ඇත්තේ නිව්යෝර්ක්හි එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත කාර්යාලය, කැනඩාව , ස්වීඩනය, ඊජිප්තුව , කියුබාව , නෙදර්ලන්තය යන රටවල සිටින ජ්‍යෙෂ්ඨ තාන්ත්‍රිකයන් හා තානාපති කාර්යාල ප්‍රධානීන් කිහිපදෙනෙකුය.

එම රාජ්‍යතාන්ත්‍රිකයින් රජයේ විශ්‍රාමික වයස් සීමාව වන අවුරුදු 60 ඉක්මවීම නිසා නැවත විදේශ අමාත්‍යාංශයට කැඳවා ඇතැයිද එම ආරංචි මාර්ග වැඩිදුරටත් කියා සිටී.

ඔවුන්ට ඉදිරි මාසයක් ඇතුළත සේවය අවසන් කර මෙරටට පැමිණෙන ලෙසට රජට දැනුම් දී ඇතැයි ද පැවසේ.

මේ අතර හිටපු ඇමැතිවරයකු වන මිලින්ද මොරගොඩ නවදිල්ලියේ නව මහකොමසාරිස්වරයා ලෙස යෝජනා වී ඇති අතර ස්වීඩනයේ හිටපු තානාපතිවරයකු ලෙස කටයුතු කර ඇති වී.කේ. විල්සන් චෙන්නායි නියෝජ්‍ය  මහකොමසාරිස් ධුරයට පත් කිරීමට යෝජනා වී ඇතැයි පැවැසේ.

මේ හැර ඉතාලිය, දකුණු කොරියාව, සීෂෙල්ස්, ඉරානය හා ඔස්ට්‍රේලියාව යන රටවල ශ්‍රී ලංකා තානාපති හා මහකොමසාරිස් තනතුරු ද පුරප්පාඩුව පවතින අතර ඒ සඳහා ළඟදීම සුදුස්සන් පත් කරනු ඇතැයිද රජයේ ආරංචි මාර්ග කියා සිටී.



අදහස් (3)

රටවල් 10 ක රාජ්‍යතාන්ත්‍රිකයෝ විදේශ අමාත්‍යාංශයට කැදවති

chandima Tuesday, 08 September 2020 11:52 AM

මේ ගොල්ලෝ එන්නේ මොකේද? ගුවන් ගමන් නැහැ කියනවා නේද? ඔයින් කී දෙනෙක් දේශපාලන රැකවරණ ඉල්ලයිද බලමු..?

:       0       1

සුදු ඇදගෙන හොරු ඇවිදින් Tuesday, 08 September 2020 12:30 PM

මම කැමතියි ඕස්ට්‍රේලියාවේ තානාපති වෙන්න. ඒ සඳහා සියලුම සුදුසුකම් මට තියෙනවා. හා...ද කියන්නකෝ?

:       1       6

saman male Tuesday, 08 September 2020 02:04 PM

මාලදිවයින් වලට එවලා තියෙන්නේ වයස 84ක් වන රෝහණ බැද්දගේ... එතකොට වයස සීමාව අදාළ වෙන්නේ නැද්ද?

:       2       208

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 124 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 752 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 372 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site