
(ඩයනා උදයංගනී)
රටවල් පහක මෙරට තානාපතිවරු සහ මහකොමසාරිස්වරු මුදල් අමාත්‍යාංශයට පැමිණ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා හමුවූහ.
ශ්‍රී ලංකාවේ බංග්ලාදේශයේ මහ කොමසාරිස් තරීක් අරිෆුල් ඉස්ලාම්, පකිස්තාන වැඩ බලන මහ කොමසාරිස් තන්වීර් අහමඩ්, සෞදි අරාබි තානාපති අබ්දුල් නසාර් අල් හාර්ති, කුවේට් තානාපති කලාෆ් බූ දහීර් සහ ඊජිප්තු තානාපති හුසේන් අල් සහාටි යන මහත්වරු මෙහි දී මුදල් අමාත්‍යවරයා හමු වූහ.
ශ්‍රී ලංකාව සහ එම රටවල් අතර පවතින ද්වීපාර්ශ්වීය සබඳතා තව දුරටත් ශක්තිමත් කර ගන්නා ආකාරය සහ අන්‍යෝන්‍ය සහයෝගීතාවයෙන් කටයුතු කිරීම පිළිබඳ මෙහි දී දීර්ඝ වශයෙන් සාකච්ඡා විය.
මැද පෙරදිග කලාපයේ රටවල් සහ දකුණු ආසියාතික රටවල් ශ්‍රී ලංකාව වෙත ලබා දෙන සහයෝගය මෙහිදී අගය කළ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා කලාපීය සහයෝගීතාව සහ අන්‍යෝන්‍ය සුහදතාව වර්ධනය කර ගැනීමට ශ්‍රී ලංකාව ඉදිරියේදී දකැපවීමෙන් කටයුතු කරන බව කීවේය.
මුදල් අමාත්‍යාංශ ලේකම් එස්.ආර්.ආටිගල මහතා ඇතුළු නිලධාරීහු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.



COMMENTS
අපි ඔයාලගේ ආර්ථිකයට උදව් කරන්නම්. අපිට අපේ "නානව" බේරලා දෙන්න ඈ .......
හම්බයෝ එක්ක මොන ගනුදෙණුද ? වහල්ලු පැනික් වෙයි .
ගෑස් ස්ටේශන් එකක වැඩ කරල ඇමති කෙනෙක් වෙන්න මොන තරම් දුකක් විදින්න ඇත්ද