( තිළිණි ද සිල්වා)
ඇමෙරිකාව, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, ජර්මනිය, කැනඩාව, ස්පාඤ්ඤය, චීනය, සිංගප්පූරුව යන රටවල් තවමත් ශ්‍රී ලංකාවට සංචරණ සීමා පනවා ඇතැයි සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.
පසුගිය කාලය තුළ මෙරට කොවිඩ් පැතිරයාම සැලකිල්ලට ගනිමින් මෙම රටවල් මෙම සීමා පැනවූ බැවින් කොවිඩ් එන්නත්කරණයේ සාර්ථකත්වයත් සමග සංචරණ සීමා පනවා ඇති රටවල රතු ලැයිස්තුවෙන් ශ්‍රී ලංකාව ඉවත් කර ගැනීමට කටයුතු කරමින් සිටින බව සංචාරක අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.
දැනටමත් මේ සම්බන්ධයෙන් රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් සාකච්ඡා ආරම්භ කර ඇති බවත් , එම රටවල රාජ්‍ය නායකයින් හා සෞඛ්‍ය අංශ හා සංචාරක බළධාරින් දැනුවත් කිරීමට රජය ඒ අනුව කටයුතු කරමින් සිටින බව ද සංචාරක අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
මෙරටට සංචාරකයින් වැඩි වශයෙන් ගෙන්වා ගැනීමේ වැඩපිළිවෙල සම්බන්ධයෙන් සංචාරක සංවර්ධන අධිකාරියේ නිළධාරීන් සමග සංචාරක හෝටල් කළමණාකරණ පුහුණු ආයතනයේ පැවති සාකච්ඡාවක දී ඇමතිවරයා මේ බව සදහන් කළේය.
මෙම සාකච්ඡාවේ දී සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ ඒ ඒ කළාප භාර නිළධාරීන් ඇමතිවරයාට පෙන්වා දුන්නේ එම රටවල් වල පවතින සීමා හේතුවෙන් ශ්‍රී ලංකාවට සංචාරකයන් ගෙන්වා ගැනීමේ දී බාධා ඇති බවයි. එමෙන්ම මෙරට ඇතැම් සෞඛ්‍ය මාර්ගෝපදේශ ද මෙරටට සංචාරකයන් පැමිණීම සීමා වීමට හේතු වී ඇති බව ද ඔවුහු පෙන්වා දුන්හ.
ඇමති ප්‍රසන්න රණතුංග මහතා ඊට ප්‍රතිචාර දක්වමින් කියා සිටියේ සෞඛ්‍ය බළධාරීන් සමග සාකච්ඡා කර සංචාරකයින්ට බලපාන සෞඛ්‍ය මාර්ගෝපදේශ යාවත්කාලීන කිරීමට කටයුතු යොදා ඇති බවය.
මෙරට කොවිඩ් එන්නත්කරණ වැඩ සටහන ආරම්භ වීමට පෙර සංචාරක ව්‍යාපාරය වෙනුවෙන් සැකසු ඇතැම් සෞඛ්‍ය මාර්ගෝපදේශ යාවත්කාලීන කිරීමේ අවශ්‍යතාව සෞඛ්‍ය අමාත්‍යාවරයා වෙත පෙන්වා දුන් බව ද ඇමතිවරයා මෙහි දී කියා සිටියේ ය.
මේ වන විට මෙරට සමස්ථ ජනගහණයෙන් සියයට 50කට අධික පිරිසක් කොවිඩ් පූර්ණ එන්නත්කරණයට ලක්ව තිබෙන බවද අමාත්‍යවරයා කීවේය.
ලෝකයේ බොහෝරටවල් මේ වන විට සංචාරක ව්‍යාපාරය ආරම්භ කර ඇති අතර කොවිඩ් ජනතාව කොවිඩ් වසංගතයෙන් ආරක්ෂා කර ගනිමින් සංචාරක ව්‍යාපාරය ද පවත්වාගෙන යා හැකි වන පරිදි සෞඛ්‍ය මාර්ගෝපදේශ යාවත්කාලීන කිරීමට සෞඛ්‍ය බළධාරීන් එකගත්වය පළ කළ බව ද ඇමතිවරයා කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය කියන රටවල තිබෙන්නේ පුරවැසියා මුලික වුන ආණ්ඩු .යම් කිසි රටක ස්වාභාවික විපතක් ,සිවිල් කල කෝලහාල තිබෙනවානම් හෝ වසංගත රෝග තත්වයක් තිබෙනවානම් පුරවැසියා දැනුවත් කරන්න රජය නීතියෙන් බැදී සිටිනවා .මේ අවස්ථාවේ අපේ රටේ හදිසි නීතිය පනවලා තිබෙන බව ඔවුන්ගේ වෙබ් අඩවි මගින් ජනතාවගේ දැනගැනීම සඳහා ප්‍රසිද්ධ කර ඇත .හදිසි නීතිය ඉවත් කලොත් සංචාරකයෝ ඒවි
ඒ සංචරණ සීමා එලෙසම තව බොහෝ කලක් පවතීවා..! ගුවන් තොටුපොල මාෆියාවක් බවට පත් කර ගනිමින් විදේශ ගත ශ්‍රමිකයින්ගෙන් මුදල් ගසා කාපු මේ අයට හා ඒ සංචාරක හෝටල්වලට අපි ශාප කරනවා...! නුදුරු අනාගතයේදී ඒ හෝටල් ඔක්කොම බංකොළොත් තමයි.
රට වහලා අවුරුදු 02ක්... බලන් ඉන්න., කුරුල්ලෝවත් ලංකාවට එන්නේ නැහැ. කොරෝනා දිගටම වවන් කන්න. ජනතාවට කොරෝනා, ආණ්ඩුවට මුදල්...
ඕස්ට්‍රේලියාව, ලංකාව විතරක් නෙවෙයි, කිසිම පුරවැසියෙකුට අවසර නැතුව රටෙන් පිටවෙන්න දෙන්නේ නෑ. ඒ නීතිය 2020 මාර්තු ඉඳලා තාමත් තිබෙනවා. විශේෂ හේතු නිසා පමණයි අවසර දෙන්නේ... මම ගිය අවුරුද්දේ එහෙම පවුලේ ප්‍රශ්නයක් නිසා අවශ්‍ය ලියකියැවිලි ඉදිරිපත් කරලා ගිහින් ආවා. මගේ යාලුවෙක් රැකියා කටයුතු නිසා මැද පෙරදිග රටකටත්, ඕස්ට්‍රේලියාවත් අතර මාස කීපයකට වරක් යනවා එනවා. ඔහු සහ ඔහුගේ පවුලේ අය ඕස්ට්‍රේලියාවේ පුරවැසියන්. නමුත් පවුලේ අයට රටින් පිටවෙන්න අවසර නෑ. ඕස්ට්‍රේලියාවේ විදෙශ කටයුතු වෙබ් අඩවියේ තියෙන්නේ සියලුම රටවලට යන්න තහනම් කියලා. නවසිලන්තයට විතරක් යන්න දුන්නා. ඒකත් මග නැවතුණා සිඩ්නිවල කොරෝනා නිසා. ඒ නිසා ලංකාවේ කොරෝනා තත්වය අඩුවක් වුණොත් අනිත් සමහර රටවල් ආපසු ලංකාවට එන්න යන්න දේවි. ඒ වුණත් ඕස්ට්‍රේලියාව මෙහි පුරවැසියන්ට රටින් සංචාර හෝ වෙනත් කටයුතුවලට යන්න ඉඩ නොදෙන නිසා එය තවත් පරක්කු වේවි. දැනට කියන්නේ 2022 වනතුරු විදේශ ගමන් බිමන්වලට ඉඩ නොදෙන බවක්... අඩු ගානේ 2021 අන්තිම වනතුරු ඔය තත්වය උඩ ලංකාවට ඕස්ට්‍රේලියාවෙන් එන්න අමාරු වේවි.
මුල ඉදලම කෙරුවේ ගඟට මුට්ටි දාපු එකයි පැණිය ප්‍රසිද්ධ කරපු එකනේ. මේ වෙනකොට කී දාහක් මැරුණා කියලද? බේගල් ගහන කොට කවුද ලංකාවට එන්ඩ කැමති .