(සුජිත් හේවාජුලිගේ)
රටපුරා සාප්පු සංකීරණ සෞඛ්‍ය නිර්දේශ වලට අනුකූලව විවෘතව තැබීමට රජය යළි අවසර දී ඇත.
සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ඊයේ නිකුත් කළ සෞඛ්‍ය මාර්ගෝපදේශ සංග්‍රහයෙන් සියලු සාප්පු සංකීර්ණ වසා දැමිය යුතු බවට දැනුම් දී තිබිණ.
එම සෞඛ්‍ය මාර්ගෝපදේශ සංග්‍රහය අද යළිත් වරක් සංශෝධනය කරමින් සාප්පු සංකීර්ණ විවෘත කිරීමට මෙසේ අවසර ලබා දී ඇත.
මේ අනුව සියලු සාප්පු සංකීර්ණ විවෘත කළ හැකි බවත් වරකට ඒවායේ සිටිය හැකි ඉඩ ප්‍රමාණයෙන් සියයට 25ක ඉඩ ප්‍රමාණයක් පිරෙන ආකාරයට ගනුදෙනුකරුවන් ඇතුළු කරගත හැකි බවත් එම නව සංශෝධනයෙන් දැනුම් දෙයි.
මේ අතර කොවිඩ්වලින් ආරක්ෂාවීමට ගත යුතු සියලු පියවර ගත යුතු බවත් ආයතනයට ඇතුළත් කරගන්නා පුද්ගලයන් ගණන ආයතනයෙන් පිටත ප්‍රදර්ශනය කළ යුතු බවත් එහි වැඩිදුරටත් දැක්වේ.
සියලු සාප්පු සංකීර්ණ ඊයේ සිට වසා දැමිය යුතු බවත් සාප්පු සංකීර්ණය තුළ සහ පිටත පුද්ගලයන් රැස්වීම හා විනෝදාස්වාදයන්ට අවසර නැති බවත් මුලින් නිකුත් කෙරුණු සෞඛ්‍ය මාර්ගෝපදේශ සංග්‍රහයේ වැඩිදුරටත් දැක්විණ.
COMMENTS
ඊයේ කියපු එක අද වෙනස් කරයි .ඕකයි තත්වේ .රටම අරාජිකයි .තීරණ ගන්න විට හොදට හොයලා බලලා ගන්න ඕනේ ,නැත්තම් ඒක විහිළුවක් වෙනවා
පිස්සෝ සෙට් එකක් ඉන්න රජයක් අපිට තියෙන්නේ
නිවසට වී සැදෑ සමය ගත කරන්න ඕන අය පුටු වලට ආවහම ඔහොම තමා.ගහනවා රිවස් කරනවා ලොක්කටම හරියන බඩු ටික.මෙහෙමත් විහිලු කාරයෝ.මතක තියා ගන්නවල්ලා අහිමිවෙන හැම ජීව්තේකම වගකීම තමුන්නැහැලා ට කියලා.ප්‍රෝඩා කාරයෝ
මේවා දැකලා පන යන තරමට මටම හිනා. මේ යන විදිහට ජීවිතෙත් ෂුවර් නැති එකේ අන්තිම කාලේද දන්නෙත් නැහැ. ඒ වගේ වෙලාවක ජනතාව සතුටින් ඉන්නවා .මේ වගේ විනෝදාස්වාදයක් කරන මේ රජයට දෙවියන්ගේම පිහිටයි
දුශිත ,බලලෝබී බඩගෝස්තරවාදි පාලනය , බලයට ආපු දවසේ ඉඳලා රටට උනේ වින්නැහියක්ම තමා. හරියට වැඩක් කරගන්ඩ තරම් උන්ට කොහෙන්ද මොළයක් . බල තණ්හාවෙන් පිස්සු වැටිලා පිස්සු කෙලිනවා .
මේ රජයක් නෙවේ - පිස්සෝ සෙට් එකක්. අද එකක් කියනවා - හෙට තවත් එකක්.
ජයවේවා..!!!
අපට තිබෙන ලොකුම ප්‍රශ්නය පවුල පිටින් ශොපින් යන්න බැරි එක... අසේල ගුණරත්න මහත්මයා කියනවා ගෙදරින් එළියට යන්න පුළුවන් එක්කෙනෙකුට පමණයි කියලා... නොකා නොබී හරි ෂොපින් යන්න ඉඩ සලසපු එකට සර්ට ස්තුතියි... මුළු කැබිනට් මණ්ඩලයම ඇමෙරිකන් ද්විත්ව පුරවැසියන්ගෙන් පුරවාගන්න ඕනේ... අපිට නිව්යෝර්ක් එකේ වගේ මෙහෙ ඉන්න පුළුවන්...