
රටේ භූමි ප්‍රමාණය පුළුල් කර නව ආයෝජන අවස්ථා සඳහා දොරටු විවරකරවීම රටක් ලෙස අත්කරගන්නා ජයග්‍රහණයක් බවත් වැරදි මත පතුරවමින් සියල්ලට එරෙහි වනවා වෙනුවට ජාතියක් ලෙස නැගී සිටීමට එක් විය යුතු බවත් අවධාරණය කළ මහා සංඝරත්නය එකතැන පල් නොවී රටක් වාණිජමය වශයෙන් ඉදිරියට යා යුතු යැයි අවධාරණය කළහ.
ජනාධිපති කාර්යාලයේ දී බෞද්ධ උපදේශක සභාව රැස්වූ අවස්ථාවේ වරාය නගර ව්‍යාපෘතියෙන් ආර්ථිකයට සහ රටට ලැබෙන ප්‍රතිලාභ පැහැදිළි කරමින් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතාගේ දීර්ඝ කරුණු දැක්වීමෙන් අනතුරැව මහා සංඝරත්නය එලෙස අවධාරණය කළහ.
කොළඹ වරාය නගර ව්‍යාපෘතිය පිළිබඳව ජනතාවට නිවැරදි අවබෝධයක් ලබාදී එම ව්‍යාපෘතිය සදහා ජනතා සහය ලබාගත යුතු යැයිද උන්වහන්සේලා අවධාරණය කළහ.
බෞද්ධ උපදේශක සභාව 10 වැනි වතාවටත් ජනාධිපති කාර්යාලයේ දී රැස්වූ අවස්ථාවේදී කොළඹ වරාය නගර ව්‍යාපෘතිය පිළිබඳව උන්වහන්සේලා දැනුවත් කරමින් කරැණු ඉදිරිපත් කලහ.
රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා කොළඹ වරාය නගර ව්‍යාපෘතිය පිළිබඳව දීර්ඝ වශයෙන් කරුණු දක්වමින් මෙම ව්‍යාපෘතියෙන් ශී ලංකාවේ ආර්ථිකයට සහ රටට ලැබෙන ප්‍රතිලාභ පැහැදිළි කර දුන්නේය.
එම කරැණු දැක්වීම් වලින් අනතුරැව ශී ලංකාවේ භූමි ප්‍රමාණය පුළුල් කර රටට නව ආයෝජන අවස්ථා සඳහා දොරටු විවරවීම රටක් ලෙස අත්කරගන්නා ජයග්‍රහණයක් බවත් වැරදි මත පතුරවමින් සියල්ලට එරෙහි වනවා වෙනුවට ජාතියක් ලෙස නැගී සිටීමට එක් විය යුතු බවත් අවධාරණය කළ මහා සංඝරත්නය වරාය නගර ව්‍යාපෘතිය පිළිබඳව ජනතාවට නිවැරදි අවබෝධයක් දී ඒ සදහා ජනතා සහය ගත යුතු යැයිද අවධාරණය කළහ.
ඉන් අනතුරැව ජනාධිපති ගෝඨාභය රාජපකෂ මහතා කොවිඩ් 19 නව ප්‍රභේදය පිළිබදව හා සෞඛ්‍ය අංශවල උපදෙස් පිළිබඳව මහා සංඝරත්නය දැනුවත් කෙරිණ.
බුද්ධ චරිතය, ත්‍රිපිටකය, බෞද්ධ සිද්ධස්ථාන පිළිබඳ වැරදි අර්ථකථන දෙමින් දුර්මත පතුරවන පුද්ගලයින් පිළිබදව මෙන්ම ඒ සදහා ගතයුතු කියාමාර්ග පිළිබදව සොයා බලා නිර්දේශ ඉදිරිපත් කිරීමට පත් කළ කමිටුව සිය යෝජනා උපදේශක සභාවට දැනුම් දුන් අතර ඒ පිළිබඳ මහා සංඝරත්නයේ අදහස් කමිටුව වෙත ඉදිරි සභා වාරයේ දී ඉදිරිපත් කිරීමට ද යෝජනා කෙරිණ.
බෞද්ධ උපදේශක සභාවේ සාමාජික මහා සංඝරත්නය, රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා සහ රාජ්‍ය නිලධාරීහු පිරිසක් බෞද්ධ උපදේශක සභා රැස්වීමට එක්ව සිටියහ.








COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාව යන්නේ ආපස්සට යටත්විජිත වාදයට
ඒක නම් හරි ඇති. කබ්රාල් කියන්නේ නියම අතීතයක් තියෙන කෙනෙක්නේ... හාමුදුරුවන්ටත් මේවායේ පව් කරගහගන්න වුණේ නැතිනම් තමයි පුදුමේ....
ආර්ථික ප්‍රතිලාභ අත්කරගන්නවා කියලා රට මහ බලවතුන්ගේ යුදමය අවස්ථාවන්ට බිලිකිරීමද? අනික ඔය ලැබෙනවා කියන ආර්ථික ප්‍රතිලාභ මොනවද? ලාභයෙන් 1% කියන්නේ කොච්චර සොච්චම් මුදලක්ද? අනික කබ්රාල් මහත්තයාගේ අතීතය බැලුවාම අපිටනම් එයා කොහොමත් විශ්වාස නැහැ.
චීනෙට දීලා ගොඩයන්න පුලුවන් වෙයි කියලා හිතන්නත් හොඳ නෑ. දැන් වරාය නගරයේ සිරි නරඹන්න ආරාධිත අමුත්තන් එකතුකරගෙන යන්න ආරාධනා පත්‍ර යවන්නේ කොළඹ-චීන තානාපතිතුමා කියලා ආරංචි වුණා. ඇත්තද දන්නේ නෑ.
මහා සංඝරත්නය උපදෙස් දිය යුත්තේ රටේ ආර්ථික සංවර්ධනය ගැනද?
අජිත් කබ්රාල්ගෙන් උපදෙස් නොවේ ගන්න පුළුවන්. ලණු තමයි දෙන්නේ. ඔහුත් අර්ජුන් මහේන්ද්‍රනුත් එකයි. වෙනසක් නැහැ. ඔවුන් රටට කළ හානිය සුළු පටු නොවේ.
සංඝරත්නය නොදන්න දේ ගැන කතා නොකරනවා නම් හොදයි. කබ්‍රාල් කියන්නේ ඔය වගේම බොරු කියලා ග්‍රීක බොන්ඩ් වලිනුයි හෙජින් ගනුදෙනුවෙනුයි කෝටි ගණන් ලංකාවට නැතිකල කෙනෙක්. චීනය ලෝකයේ පොඩි රටවලට කරපු දේ ගැන ඕනතරම් උදාහරණ ලෝකයේ තියෙනවා. හාමුදුරුවනේ ධර්මය දේශනා කරන්න
බුදුන් වහන්සේගේ උතුම් වූ ධර්මය ලේබල් එක ගහගෙන .. මිනීමරු, දුෂ්ඨ, රට පාවාදෙන, චෞර පාලකයින් කරන හැම අසමජ්ජාති පජාති වැඩකටම අවවාද අනුශාසනා කරමින් රටේ මහජනතාව රවට්ටන මේ සංඝ සෙට් එක, දූෂිත පාලකයින්ගෙන් ලැබෙන සල්ලිවලට, ගැහැණුන්ට, වෙනත් වරදානවලට කෙල හලමින් මුළු රටම මුලාකරමින් සිටිති. මේ බුදුසසුනට අයත් නොවන චීවරධාරීන් රටෙන්ම එළවීමට කාලය ඇවිත්...
රටට කෙසේවෙතත් පවුල් පාලනේ අයට නම් බොහෝ ප්‍රතිලාභ ලැබෙයි. මහ බැංකු සභාපති වෙලා ඉන්න කාලේ පවුල් පාලනේ උදවිය එක්ක ගහපු ගේම් නොදන්නවා නෙවෙයිනේ...
තව මොනවද දන්නේ..?
වරාය නගරය ලංකාවට අලුත් දෙයක් වුවත්, එය ලෝකයේ අනිකුත් රටවලට අලුත් දෙයක් නොවේ. සම්ප්‍රදායෙන් පිට... රටේ අලුත් දෙයක් කරන විට ලාංකිකයින් බොහෝවිට ඊට විරුද්ධ වෙයි. ඒ තමා අපේ මිනිසුන්ගේ හැටි. ඊට හේතුව විය හැක්කේ අපේම ඇති අනාරක්ෂිත භාවය විය හැකියි. '80 දශකයේ ඇඟලුම් කර්මාන්තය ආරම්භ කරන විට, බොහෝ දෙනා කිවේ එය සුද්දන්ට ඇඳුම් හදන කර්මාන්තයක් කියායි. නමුත් අද ඒවායේ ලක්ෂ 6 කට ආසන්න ප්‍රමාණයක් රැකියා කරනවා. දැන් වරාය නගරය ආරම්භ කරන්නට යන විට එය අඩාල කිරීමට බිල්ලන් මවමින්, උසාවි ගානේ පෙත්සම් ගහනවා. මෙවැනි ව්‍යාපෘති වලින් රටේ තරුණ තරුණියන්ට රැකියා බිහිකළ හැකියි. මෙවැනි දේට විරුද්ධ වන උදවියට, රටේ රැකියා බිහි කිරීමට විකල්ප මාර්ග ඉදිරිපත් කළ හැකිද?
චීන සල්ලි වලට කඩේ යන අපේ මහා සංඝරත්නය...
මැදගොඩ, නමේම තියෙනවා...
ප්‍රාග් ධනය හිඟ ලංකාව වැනි රටක් පොහොසත් රටක් කරන්නට නම් විදේශීය ආයෝජන අවශ්‍යයි. නමුත් අද ලංකාව විදේශීය ආයෝජන දර්ශකයේ සිටින්නේ 100 වැනි ස්ථානයේ, අප්‍රිකාවේ රටවලට පමණක් ඉහලින්. අද ආසියානු කලාපයේ ලංකාව හැරුණු කොට ආයෝජකයන්ට හිතකර රටවල් රාශියක් බිහිවී තිබෙනවා. ලංකාව වැනි රටකට ආයෝජකයින් ආකර්ෂණය කර ගැනීමට නම්, ඔවුන්ට ඒ සඳහා බදු සහන වැනි දිරි දීම් දිය යුතුමයි. විදේශීය ආයෝජන වලින් රටට සිදුවන යහපත නම්, අපේ තරුණ තරුණියන්ට රැකියා අවස්ථා බිහි වීමයි. මෙවැනි ව්‍යාපෘති වලට විරුද්ධ වන බොහෝ දෙනාට රටේ රැකියා ජනනය කිරීම සඳහා විකල්ප යෝජනා නොමැති අතර, ඔවුන්ගේ අදහස සදාකාලිකව රට දුප්පත් කමේ සිර කර තැබීමයි.
පල් ගඳ උහුලා ගන්න බැරිව නහය වහගෙන තමයි දැනුත් අපි මේ රටේ ජීවත් වෙන්නේ. ගඳ ගස්සපු එවුන්ම ගඳ ගැන කතා කරන එකනේ මෙතන තියන පුදුමේ කියන්නේ??
ජනතාවගේ පරමාදිපත්‍ය කියන්නේ මේ ගැන කිහිප දෙනා නොවෙයි. ඒ් නිසා මේවා කරන්න ජනමත විචාරණයක් පවත්වන්න මේ ගැන දන්න දෙයක් නැ