IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


රජ කාලයේ තැනූ වැව්බැමිවලට අත තැබීම සුදුසු නෑ

( ඩයනා උදයංගනී)

රජ කාලයේ තැනූ වැව් බැමිවලට අත තැබීම සුදුසු නැතැයි ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.

අටමස්ථාන, සොළොස්මස්ථාන සහ සීගිරිය වැනි ස්ථාන නව තාක්‍ෂණය භාවිතා කර සකස් නොකරන්නේ ඇයිදැයි වැව් බැමිවල වෙනස්කම් සිදුකිරීමට උත්සාහ කරන අය තේරුම් ගත යුතු බව ද හිටපු ජනාධිපතිවරයා කීවේය.

මේ සියල්ලෙහි ඓතිහාසික හා පුරාවිද්‍යාත්මක වටිනාකම් මෙන්ම පාරිසරික වැදගත්කම තේරුම් ගත යුතු බව කී මෛත්‍රීපාල සිරිසේන මහතා රජ කාලේ වැව් බැම්මක් උඩින් හිස් වැසුමක් පාවහන් පැළඳගෙන හෝ යාමට ඉඩ දී නැති බවත්,  වැව සහ වැව් කණ්ඩිය පූජනීය බවත් සඳහන් කළේය.

හිටපු ජනාධිපතිවරයා මේ බව පැවසුවේ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ 70 වැනි සංවත්සරය වෙනුවෙන් ආරම්භ කෙරුණු ලේ දන්දීමේ වැඩසටහන් මාලාව යටතේ කොළඹ දිස්ත්‍රික්කයේ කඩුවෙල ආසනයේ දකුණු තලංගම මයුරපාද විහාරස්ථානයේදී අද (19) පැවති ලේ දන් දීමේ වැඩසටහනකට එක්වීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමිනි.

මෑත යුගයේ ඉදිකළ මහවැලි ජලාශ සහ තමා හැදූ මොරගහ කන්ද ජලාශය වැනි ජලාශවල වැව් බැමිවල ජලාශයේ ධාරිතාව වැඩිවන විට පීඩනය මැනීමේ අධිතාක්‍ෂණික උපකරණ සවිකර ඇතත් පරාක්‍රම සමුද්‍රය වැනි බැමිවල ඒවා නොමැති නිසා එම වැව් බැමි ආරක්‍ෂා කරගැනීම ඉතා වැදගත් බව හෙතෙම පැවසීය.

‘ස්වාධීනව කටයුතු කරන්න බැරි බව කියා ඇතැම් නිලධාරීන් ඉල්ලා අස්වෙනවා. කොමිසන් සභා තිබුණා නම් මේවා වෙන්න ඉඩක් නැහැ නේද?’ යනුවෙන් මෙහිදී මාධ්‍යවේදියෙකු නැගූ පැනයකට පිළිතුරු දුන් හිටපු ජනාධිපතිවරයා පැවසුවේ “මම ඒවාට හේතු දන්නේ නැහැ. ඉල්ලා අස්වන බව නම් පේනවා. ඕවා අන්තෝ ජටා බහි ජටා. ඇතුලෙත් ගැට පිටත් ගැට.” යනුවෙනි.

මත්පැන් අලෙවිසැල් විවෘත කරන්නට ආණ්ඩුව අවසර දුන්නේ නැත්නම් ඒවා විවෘත කළේ කවුදැයි විමසූ පැනයකට පිළිතුරු දුන් මෛත්‍රීපාල සිරිසේන මහතා ‘ආණ්ඩුව දන්නේ නැත්නම් භූතයෙක් වෙන්න ඇති’ යනුවෙන් පැවසීය.

බාර්වල පෝලිමේ හිටියේ ලොකු සල්ලිකාරයන් නොවන බවත්, ඒ ඇතැමුන්ගේ පවුල්වල තුන්වේල කන්න අමාරු තත්වයක් ඇති බවත් කී හිටපු ජනාධිපතිවරයා මෙය අශීලාචාර පිළිකුල්සහගත තත්වයක් බවද කීවේය.



අදහස් (0)

රජ කාලයේ තැනූ වැව්බැමිවලට අත තැබීම සුදුසු නෑ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 69 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 728 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 349 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site