(දයාරත්න ඇඹෝගම)
වසා දමන ලද රජරට විශ්ව විද්‍යාලය මේ මස 16 වැනි දින යළි විවෘත කරන බව රජරට විශ්ව විද්‍යාලයේ උපකුලපති ආචාර්ය ආනන්ද කරැණාරත්න මහතා අද (13)දින පැවසිය.
එසේම විවිධ චෝදනා යටතේ පංති තහනම් කරනු ලැබු සරසවි සිසුන් 16 දෙනාගේ පංති තහනම ඉවත් කිරිමටද පාලක මණ්ඩලය තිරණය කළ බව උපකුලපති ආචාර්ය ආනන්ද කරැණාරත්න මහතා මෙහිදි සදහන් කළේය.
පංති තහනම් කර සිටි සිසුන් 16 දෙනාගේ පංති තහනම ඉවත් කරන ලෙස ඉල්ලා පසුගිය 29 දින සරසවි සිසුන් විශ්ව විද්‍යාල භුමියේ උද්ඝෝෂණය කර, පරිපාලන ගොඩනැගිල්ලට පිවිසිමෙන් අනතුරැව මිහින්තලය පරිශ්‍රයේ පිහිටි පිඨ හතරක් වසා දැමීය.
ඒ අනුව පසුගිය 11 වැනි දින රැස්වු පාලක සභාව වසා දමන ලද ව්‍යවහාරික අධ්‍යන පිඨය,තාක්ෂණික විද්‍යා පිඨය,කළමණාකරන පිඨය සහ මානව ශ්‍රාස්ත පිඨය යළි මේ මස 16 වන දින විවෘත කිරිමට තිරණය කර ඇත.
එසේම දිර්ඝ කාලයක් පංති තහනම් කර තිබු සිසුන් 16 දෙනාගේ පංති තහනම ඉවත් කිරිමටද පාලක සභාව ඒකමතිකව තිරණය කල බව රජරට විශ්ව විද්‍යාලයේ උපකුලපති ආචාර්ය ආනන්ද කරුණාරත්න මහතා වැඩි දුරටත් පැවසිය.
COMMENTS
බොරුවටනේ පන්ති තහනම් කරලා තියෙන්නේ මේ අහිංසක ළමයින්ගේ...
ඇත්තෙන්ම ඔව්, නිකම් මේ අහිංසක උගත්, බුද්ධිමත් දරුවන්ගේ නො" වටිනා " කාලේ කාදමලා දැන් එනවා මෙතැන විවෘත කරන්න.. එව්වා කොහෙද? නැද්ද ළමයිනේ...? දැන් මේ කුරා කූඹියෙකුටවත් හානියක් නැති අහිංසක ළමයින්ට තියෙන්නේ අන්තරේ ඉන්න පඩි "අන්දරේලාගෙන් " තව තවත් උපදෙස් අරගෙන පන්ති තහනම් කරපු ඒ ඉතාම අහිංසක දරුවන්ට වන්දියක් ඉල්ලා ගන්න. ඒ තහනම් කරපු ලොක්කන්ගෙන්. ඊළගට ලබන සතියෙම මේ දරුවන්ට තියෙන්නේ අපහු පාරට බැහැලා කෑ නොගහ කෑ ගහන්න ඉර නැගෙනහිරින් පායනාවෝ අපිට ළදරු පාසල් යන්න බැරියෝ.. අපිට ඉර බටහිරින් පායලා දියව් දියව් කියලා... වැඩේ ගොඩ අට පාස් නැති පරිපාලන නිලධාරීන් කොහොම හරි ඉර බටහිරින් පායලා දෙයි හොඳේ...
රවින්ද්‍ර නියමයි