
(මනුල වික්‍රම)
ශ්‍රි ලංකා රජරට විශ්වවිද්‍යාලයේ නව උපකුලපතිනිය ලෙස මහාචාර්ය සංජිවනී ගිනිගද්දර මහත්මිය පත්කරනු ලැබ සිටියි.
ඇය එම විශ්වවිද්‍යාලයේ හත්වන උපකුලපතිනිය වන අතර එම තනතුර ලබන පළමුවන කාන්තාව ද වේ.
ගිනිගද්දර මහත්මිය මීට පෙර එම විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම පීඨයේ මහාචාර්යවරියක ලෙස කටයුතු කළ අතර ජනාධිපතිවරයා විසින් අද (13) එම පත්වීම සිදුකර තිබෙන්නේ නව උපකුලපති තනතුර පත්කිරීම සම්බන්ධයෙන් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාව සහ එම සරසවි පාලක සභාව මගින් කරන ලද නිර්දේශවලට අනුව ය.
ඇය විශ්වවිද්‍යාලය හා ව්‍යවසායකියන් අතර මනා සම්බන්ධතාවයක් ගොඩනැගීම ආදී නව නිපැයුම් ක්ෂේත්‍රයන්ට සම්බන්ධව කටයුතු රාශියකට උරදි සිටින කෘෂි පර්යේෂණ හා නව තාක්ෂණ ආදී ක්ෂේත්‍ර කෙරෙහි විශේෂ අවධානය යොමුකළ පර්යේෂකාවියකි.
රජරට විශ්වවිද්‍යාලයේ මෑත දී ආරම්භ කළ ව්‍යාපාර සම්බන්ධීකරන කාර්යාලයේ අධ්‍යක්ෂිකාව වශයෙන් ද ඇය කටයුතු කළා ය.
රජරට ව්‍යවසායකියන්ට හා කෘෂි කාර්මිකයින්ට අවශ්‍ය නව පර්යේෂණ, දැනුම් හා තාක්ෂණය නම්බන්ධයෙන් විශ්වවිද්‍යාලයේ සේවාව උපරිම ආකාරයෙන් ලබාදිම සහ රජරට සරසිවියෙන් පිහිවන විද්‍යාර්ථයින් රටේ සංවර්ධනය සඳහා උපරිම ආකාරයෙන් දායක කරගැනීමේ ක්‍රමවේදයක් සැකසිම ආදී අරමුණු රාශියක් ක්‍රියාවට නැගීමටත්ඇය අපේක්ෂා කරන්නීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මගේ සුභ පැතුම්!
නිර්දේශවලට අනුව නම් හොඳයි .නැත්නම් සර් ට කඩේ යන කෙනෙක්නම් ඉතින් කියලා වැඩක් නැහැ තමා