මුහුදුබඩ දුම්රිය මාර්ගය රත්ගමදී අවහිරකරගෙන පැවැත්වෙන උද්ඝෝෂණය නිසා කොළඹ සිට පැමිණි රජරට රැජින දුම්රිය අතරගම නතර කිරීමට සිදුවී තිබෙන බව දුම්රිය පාලන අධිකාරිය කියයි.
පොලිසිය විසින් ඝාතනය කරන ලද තරුණයන්ට සාධාරණයක් කරන ලෙස ඉල්ලමින් ප්‍රදේශවාසීහු රැසක් අද උදේ සිට ගාලු කොළඹ ප්‍රධාන මාර්ගය සහ දුම්රිය මාර්ගය හරස් කරගෙන විරෝධතා පවත්වති.
සහකාර පොලිස් අධිකාරීවරයකු එම ස්ථානයට පැමිණ උද්ඝෝෂකයන්ට ඉවත් වන ලෙස ඉල්ලීමක් කළ අතර උද්ගෝෂකයන් දැනුම් දුන්නේ පොලිසිය තරුණයන් පැහැරගෙන ගොස් මරනතුරු පැමිණිලිවලටත් කිසිම ක්‍රියාමාර්ගයක් නොගත් බවයි.
මේ වන විට පොලිස් විශේෂ කාර්ය බළකාය ද එම ස්ථානයට කැඳවා තිබේ.




COMMENTS
අපරාධය හෙළිකරගෙන කොටසක් අත් අඩංගුවට ගෙන පරීක්ෂණ කරගෙන යන එකද මොවුන්ට ප්‍රශ්නේ? මෝඩයන්ගේ පාරාදීසය!
ඔය පැත්තෙ මෝඩයො වැඩියි
සාමාන්‍ය අපරාධ කාරයෙක් අපරාධ කිරීම වගේ නෙවෙයි, මහජන ආරක්ෂාවට මහජන මුදලින් නඩත්තු වන අය අපරාධ සඳහා පෙළඹීම... මෙවැනි වරදවල්වලට වරදකරු වන අයට මරණ දඬුවම දිය යුතුය... මහජන මුදලින් වැටුප් ලබමින් මහජන මුදලින් මිලදී ගන්න රථ වාහන ආයුධ භාවිතා කරමින් නීතියට පිටින් මිනීමැරුම් කිරීම තරම් තවත් අපරාධයක් තිබේද? දරුවකුට පියෙකු අහිමි කිරීමට වැය කල පතුරමටත් ගෙවා ඇත්තේ අපගේ බදු මුදල් නොවේද?