(රංජන් කස්තුරි)

රාජ්‍ය සේවයට බඳවාගත් උපාධිධාරීන් ස්ථීර කිරීමට ආණ්ඩුවට කිසිදු වැඩපිළිවෙළක්  නැතැයි ඒකාබද්ධ සංවර්ධන නිලධාරී මධ්‍යස්ථානය සඳහන් කරයි.

රාජ්‍ය සේවයට බඳවාගත් උපාධිධාරීන්ගේ පුහුණු කාලය ලබන සැප්තැම්බර් මස 2 වැනි දිනට සම්පූර්ණ වන අතර ඔවුන් ස්ථීර කිරීම සඳහා  රජයට කිසිදු වැඩපිළිවෙළක් නැතැයි ද  ඒකාබද්ධ සංවර්ධන නිලධාරී මධ්‍යස්ථානයේ ලේකම් ධම්මික මුණසිංහ මහතා පවසයි.

එම උපාධිධාරීන් පුහුණුව ලැබූ ආයතනයේම ස්ථිර කිරීමට කටයුතු කරන ලෙසත් එම ස්ථානයේ සේවය කිරීමට අකමැති උපාධිකාරීන්ට කැමති මධ්‍යස්ථානයකට ලබා දෙන ලෙසත් ආණ්ඩුවෙන් ඉල්ලා සිටින බව ද ධම්මික මුණසිංහ මහතා කියයි.