(සුජිත් හේවාජුලිගේ)
රජයේ සේවකයන්ගේ වැටුප් වලින් අඩක් ගැනීමට තීරණය කර නැතැයි වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.
නමුත් විවිධ අර්බුද අවස්ථාවලදී ජනතාව රට වෙනුවෙන් විවිධ කැපවීම් කර ඇතැයිද හෙතෙම සඳහන් කළේය.
මෙවැනි අවස්ථාවකදී සියලු දෙනා පරිත්‍යාග කිරීම් කළහොත් එදිනෙදා ජීවනෝපාය කරගෙන ජීවත්වන අයට කිසියම් සහනයක් සැලසීමට හැකි වනු ඇතැයි ප්‍රසන්න රණතුංග ඇමතිවරයා යෝජනාවක් ඉදිරිපත් කර ඇති බව පැවසූ වෙළඳ ඇමැතිවරයා පවතින තත්වය හමුවේ දෙස් විදෙස් සියලූදෙනාගේ පරිත්‍යාග රජය බලාපොරොත්තු වන බවද පැවසුවේය .
ඔහු මෙසේ පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේදී අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙවැනි අවස්ථාවකදී කැපවීම් පිළිබඳව, මුලින්ම රට පාලනය කරන උදවිය රටේ මිනිසුන්ට ආදර්ශයක් දීම වැදගත් බවයි මගේ අදහස...
ආණ්ඩුවේ අයට ආයිත් රථගාය ගහල දඟලන ගමන් මහජනයාට පරිත්‍යාග කරන්න කියනවා. මොලේ කචල් වෙලා.
අනේ බන්දු අයියේ ඔහෙලා ( 225 ම හොදේ ) අවුරුදු 60ල 70ක් ම අපේ රට උලා කෑවනේ. ඉතින් ඔය එක එක විගඩම් ඕනේ නැහැනේ කල යුත්තේ මෙයයි පට්ටියේ 225 ම වැටුප් මෙන්ම දීමනා ඒ කිසිදු ශතෙක දෙයක් අඩුවශයෙන් අව්රුද්දක්වත් එක දිගට නොගෙන ඒ මුදල් කන්දරාවම මහජන සුබසිද්ධිය වෙනුවෙන් වියදම් කරන එකනේ.
මේ වෙලාවේ තමයි පක්ෂ විපක්ෂ එකතුවෙලා වැඩ කරන්න ඕනෑ. ඒත් ලංකාවේ. පෙළපාලි යනවා පඩි වැඩි කරන්න කියලා...
පොඩි මිනිහාට බයික් එකක් ගන්න තිබුණු අවස්ථාවත් නැතිකරලා මේ අයට සුඛෝපභෝගී වාහන ඕඩර් කරලා දැන් පඩියත් කපන්න හදනවා..
මේ වෙලාවේ සියලුම විරෝධතා අතහැරලා යම්කිසි වැඩපිළිවෙලකට රජය විපක්ෂය යායුතුයි. රටේ තියෙන තත්වය පැහැදිලිව රජය ප්‍රත්‍යක්ෂ කළයුතු අතරම, විපක්ෂය මෝඩ චූන් නොදී ප්‍රායෝගිකව රජයට සහාය දිය යුතුමයි. විපක්ෂය, පඩි වැඩි කරන්න කියකියා පෙළපාලි යනවාට වඩා එය රටට අර්ථයක් ගෙනදේවි...
හැම පාලකයකුම කරේ රට ගොඩ නගනවා කිය කිය හොරා කාපු එකනේ. අන්තිමේ දැන් රට හිඟා කනවා .රටේ කෘෂිකර්මාන්තය දියුණු කරලා කෑම ටිකවත් ලැස්ති කර ගන්න ඕන කමක් නෑ .මිනිස්සු රජයෙන් යැපෙන්න බලන් ඉන්නවා .රජය ලෝකයෙන් දෙනකම් බලන් ඉන්නවා .කවද්ද මේ රටේ ණය ගෙවලා ඉවර වෙන්නේ. කිසිම සැලැස්මක් නැ පාලකයන්ට (උපුටා ගැනීමක් මෙසේ ලියමි ) ඇපල් සමාගම එක් ආයතනයක් විදිහට පෝන් එකක් හදලා විකුණලා ලාබ ලබනවා .ඇයි අපට බැරි රටක් විදිහට නැගී සිටිමින් මේ ණය ගෙවලා රට සංවර්ධනය කරලා රටේ ජනයාගේ ආර්ථීකය දියුණු කරන්න ....... කුමක් කරන්නද රටට චීනයේ පිහිටම තමයි මෙහෙම ගියොත්.
නිකන් මොකටද පඩි ගෙවන්නේ ?පඩි කපන්න. ඔය කට්ටිය තමයි රට වහන්න කියන්නේ නිකං ඉඳලා පඩි ගන්න
කැපුවත් කමක් නැහැ වැඩක් කරන්නේ නැහැ බොහෝ දෙනා.
වැඩියෙන් ගන්න පොහොට්ටුවට සියලු රජයේ නිළදාරින් (විසේසයෙන් දීප ව්‍යාප්ත සේවකයින් කොටසක් ) උදවු කලා එහෙම අයගෙන් අය කලත් වරදක් නැහැ කොහොමත් ගොනා හැරෙන්න පොල්පැලේ කන්න කියලා හිතන්න
පුද්ගලික අංශයේ අදායම් බදු වැඩි කරන්න වගේ හදන්නේ. රජයේ සේවය කරන 1,400,000 ට කරන්න පුළුවන් හැම කැප කිරීමක්ම කරලා තියෙන නිසා, මේ අවස්ථාවේ රට ගොඩගන්න පුළුවන් බදු ගෙවන අයට පමණයි කියලා කියයි ළඟදීම.
මුදල් ටිකක් අව්චු ගහලා පඩි වැඩි කරාම ඔක්කොම ප්‍රශ්න ඉවරයි.
දෙස් විදෙස් සියලු දෙනාගේ පරිත්‍යාග ලබාගන්න නම් පාර්ලිමේන්තුවේ සෑම පක්ෂයකින්ම එක් නියෝජිතයා බැගින් සහබාගි වෙන කොමිටියක් පත් කරන්න ඒ කොමිටිය මගින් පමණක් පාලනය වෙන ගිණුමක් ආරම්භ කර ඒ ගිණුමට පරිත්‍යාග එකතු කරන්න ඉන් පසු ඒ කොමිට්ය මගින් ආධාර ලැබියයුතු අසරණ පවුල්වලට සදාරනව ලබා දිය යුතුය. මුළු රටේම ජනතාව නියෝජනය කරන නියෝජිතයෝ පාර්ලිමේන්තුවේ සිටින නිසා ජනතාවට අසාධාරණයක් නොවෙන අතර යටිමඩි ගසා ගැනීමට ඇති අවස්ථාව අවමවේ.
ඇමැති සහ මන්ත්‍රීවරුනි, පාර්ලිමේන්තුවේ කෑම සම්පූර්ණයෙන් නවත්වලා ඒ සම්පූර්ණ මුදල අරමුදලකට එකතු කරන්න ඒ වගේම කෝවිඩ් පාලනය කරනතුරු ඔබලාගේ වැටුපෙන් 50%ක් ඒ අරමුදලට ලබාදෙන්න. ඔබ ආදර්ශමත් වුණොත් දෙස් විදෙස් අය පරිත්‍යාග කරනු ඇත...
බාගෙකට අඩුකලාට කමක් නැහැ අපි විරුද්ද නැහැ.