(සුජිත් හේවාජුලිගේ )
රජයේ සේවකයින්ට අභ්‍යන්තර ගුවන් ගමන් පහසුකම් සැලසීමට පියවර ගන්නා බව ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා රාජ්‍ය අමාත්‍ය අශෝක අබේසිංහ මහතා අද (7) පාර්ලිමේන්තුවේදී පැවසීය.
ඔහු මේ බව සඳහන් කළේ විසර්ජන පනත් කෙටුම්පත පිළිබඳව දෙවැනි වර කියැවීමේ අයවැය විවාදයේදීය.
අමාත්‍යවරයා එහිදී මෙසේද පැවසීය.
‘‘සියලු රජයේ සේවකයින්ට අභ්‍යන්තර ගුවන් ගමන් පහසුකම් දෙනවා.මේ අනුව රජයේ සේවකයින්ට ගුවන් මගින් යාපනය,මඩකලපුව,ත්‍රීකුණාමලය,සීගිරිය, රත්නපුර යනාදී ප්‍රදේශවල සංචාරය කිරීමට අවස්ථාව සැලසෙනවා.‘‘
2025 දෙසැම්බර් මස 04
699
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
555
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
450
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
රජයේ සේවකයින්ට අභ්‍යන්තර ගුවන් ගමන් පහසුකම්
C.K.Lankaputhra Thursday, 07 March 2019 12:50 PM
එතකොට සර් රජයට සේවය කරපු විශ්‍රාමිකයන්ට මොකුත්ම නැද්ද. අපේ කට්ටියත් ලොකු ගානක් සර්.
du Thursday, 07 March 2019 01:06 PM
මේක පුදුම රටක්නේ? පුද්ගලික අංශය උපයනවා මැරීගෙන, ඵලදායිතාවයෙන් අවම රාජ්‍යය අංශය නඩත්තු කරන්න.
කල්ප Thursday, 07 March 2019 01:55 PM
1970 ත් 1977 ත් අතර කාලයේ පැවති සමගි පෙරමුණු රජය කාලේ කැළණිවැලි දුම්රිය මාර්ගය වසාදැමීම නිසා රත්නපුර දිස්ත්‍රික්කයේ රජයේ නිළධාරීන්ටත් සේවකයින්ටත් නිදහස් දුම්රිය බලපත්‍ර මගින් ගමන්කිරීමට පහසුකම් නැහැ. එම නිසා රජය මගින් දුම්රිය මාර්ගය වැසීමෙන් පහසුකම් නැතිවූ රත්නපුර දිස්ත්‍රික්කයේ රජයේ නිලධාරීන්ටත් විශ්‍රාමිකයින්ටත් දුම්රිය බලපත්‍ර උපයෝගීකර ගෙන අභ්‍යන්තර ගුවන් ගමන් පහසුව ලබාදෙන්න. එය නොහැකිනම් කැළණිවැලි දුම්රිය මාර්ගය නැවත සකස්කරන්න
ප්‍රසාද් Thursday, 07 March 2019 02:41 PM
පාලකයන්ට කලයුතු දේ නොවැටහීමත්, නොකලයුතුදේ කිරීමට සිත්වීමත් තරම් අභාග්‍යයක් තවත් නැතිව ඇති.
sandy123 Thursday, 07 March 2019 04:01 PM
පුද්ගලික සේවයේ නිරත දුප්පත් අපි පුළුවන් තරම් කඹුරනවා පොඩි වැටුපක් ලබන්න. කඹුරලා කඹුරලා බදු ගෙව්වම රාජ්‍ය සේවයට රජ මගුල්. අනේ මෙහෙමත් ආණ්ඩුවක්. මම අදහස් නොලියන්න තීරණය කරලා හිටියේ. නමුත් මේකට නොලියා කොහොමද? මුළු සර්වාංගයම අකර්මන්‍ය වෙනවා මේ කරන වැඩ වලට.
vernonThursday, 07 March 2019 05:01 PM
ඉතින් ඇයි ඔබේ දුක් ගැනවිල්ල ඔබේ පුද්ගලික අංශයේ ලොක්කට කියන්නෙ නැත්තේ? ඔබට ඔබේ රැකියාවට අදාළව ප්‍රතිලාභ දෙන්න බැඳී ඉන්නේ ඔබේ ආයතනය භාර ප්‍රධානියනේ.
jayasekaraFriday, 08 March 2019 05:47 AM
වෙර්මොන්.. අපි දන්නවනේ රාජ්‍ය සේවයේ.. රාජ්‍ය සේවකයන්ගේ තරම... අවුරුද්දෙන් වැඩි කොටසක් නිවාඩු... සෙනසුරාදා... රජයේ පෝය වාණිජ නිවාඩු සේරම.... ඇවිල්ලත් කන්න යනවා පැය දෙකක් විතර.. ඇවිල්ලා ඕපාදූප කතාව... ඇත්ත... පුද්ගලික අංශයනේ මුන්ව නඩත්තු කරන්නේ.. වැඩක් කරගන්න ගියාම කතා කරන්න දන්නේ නැහැ... ඒ මදිවට පඩිත් වැඩි කරනවා... මේක මහපුදුම රටක්...
Nandalal DE SILVA - France Thursday, 07 March 2019 08:25 PM
ලක්ෂ ගණනක් වෙන සියලුම රජයේ සේවකයන් උඩින් යන්න ගත්තොත්, වැඩිකල් යන්න ඉස්සර රජයේ කාර්යාලවලින් දැනට කරවා ගන්න පුළුවන් වැඩ ටිකටත් වැට බැඳෙනවා නියතයි! දැන් මහා මාර්ගවල තිබෙන වාහන තදබදය නිසා ඒ අයට වෙලාවට වැඩට එන්න බැරි නිසාද ගුවනින් යන්න එන්න පහසුකම් දෙන්න හදන්නේ? එහෙම උනොත් දැනට තිබෙන ගුවන් යානා මදිවෙන නිසා තව විශාල යානා තොග ආනයනය කරන්නත් වෙයිද මන්දා....
Jehaan Thursday, 07 March 2019 09:20 PM
එහෙමනම් රජයේ සේවකයන්ටත් බදු ගෙවන්න කියන්න. පුද්ගලික අංශය විතරක් රජයේ හැමෝටම පොදු පහසුකම් සපයන්න බදු ගෙවන්නේ මොකටද ? දියුණු රටවල් වල හැමෝම බදු ගෙවනවා. උදේ ප්‍රමාද වෙලා එන කම්මැලි කොට්ටාශය දැන් වැඩට එන එකක්ම නැහැ. රාජකාරි වැඩකට අපි ගියොත් අහන්න ලැබේවි එයා සීගිරියේ ගිහින් තව සුමානේකටවත් ඔය ෆයිල් එක මේසේ උඩින් හෙලවෙන්නේ නැහැ කියලා.
himalFriday, 08 March 2019 03:57 AM
රජයේ සේවකයෝද ආදායම් බදු, වක්‍ර බදු ඇතුළුව බදු ගෙවනවා. අනෙක් අතට මේ අභ්‍යන්තර ගුවන් ගමන් යන්න දෙනවා කියන්නේ වැඩට එනකොට ප්ලේන් එකේ එනවා වගේද කියලා බොලඳ කතාවක් නෙවෙයි. රජයේ සේවකයින්ට දැනටමත් දුම්රිය වොරන්ට් ක්‍රමයක් තියෙනවා. ඊට සමාන දෙයක් තමයි මේ. .
Bandara Thursday, 07 March 2019 09:31 PM
අර 225 ත් අයිති මේ ගණයටද දන්නැහැ
Nywan Friday, 08 March 2019 01:39 AM
අනිත් මිනිස්සු කව්ද
Su.mith Friday, 08 March 2019 01:42 AM
ඔක්කොම රජයේ සේවකයන්ට. අනිත් අයට බදු. මෙහෙමත් රටක්.
sarath Friday, 08 March 2019 01:56 AM
තව මොනවද ඡන්ද ගුණ්ඩු තියෙන්නේ, ඡන්දෙ ගන්න රාජ්‍ය සේවයට තම අය දාලා රාජ්‍ය සේවයම වගකීමක් විරහිත කැපුවත් කොළ,නිල් කියන අයගෙන් පුරවලා විනාශ කරලා. පෞද්ගලික අංශයට බදු පිට බදු ගහලා, අතිශය කාර්යක්ෂම රාජ්‍ය සේවකයින්ට ගුවනින් රස්සාවට යන්න වරම්. කොහොමද ඒක ! ඉස්සරවෙලා ගන්න පඩියට වැඩ කරන්න ක්‍රමයක් හදන්න.
Sarasi Friday, 08 March 2019 04:48 AM
කාර්යක්ෂමතාව අන්තිම රජයේ සේවකයන්ට ගමනාගමන විනෝද පහසුකම් සපයා පුද්ගලික අංශයට බදු බර පටවන්න. වැඩිකලක් නොගිහින් රජයේ කාර්යාලවල මහජන සේවය පරක්කු වුනාම මිනිස්සු අහස බලා දෙස් නොතිබ්බොත් පුදුමයි.
Anura Friday, 08 March 2019 05:58 AM
පුද්ගලික අංශයේ සේවකයෝ මැරීගෙන වැඩ කරන්න ඕනේ ඵලදායිතාව අඩු මේ රාජ්‍ය සේවයේ සේවකයන්ගේ ප්‍රතිලාභ වලටත් එක්ක. විහිළුවක් මේක.
Bandula. Friday, 08 March 2019 08:46 AM
එහෙනම් කට්ටිය වැඩ නවත්වලා උඩම හිදිවී, ජනතාවට වැඩක් කරගන්න උඩ බලාගෙන ඉන්න වේවි.