විනීතා එම් ගමගේ
ව්‍යවස්ථාදායක සභාව සහ කොමිෂන් සභා ඇතුළු රජයේ සියලු කටයුතු සිදුවන්නේ උපන් බිමේ උරුමකරුවන්ට ගැලපෙන ලෙස නොව බටහිර ඩොලර් කාක්කන්ට උවමනා අන්දමින් යැයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී බන්දුල ගුණවර්ධන මහතා ප‍්‍රකාශ කළේය.
රජයේ පැවැත්ම සීඝ්‍රයෙන් ගෙවී යන බවත් පහනක් නිවෙන්නට යද්දී දැල්ල වැඩියෙන් නටනවා, යන යකා කොරහත් බිඳගෙන යනවා වැනි කියමන් කියන්නේ මේ වැනි තත්ත්වයන් ගැන බවත් මන්ත‍්‍රීවරයා සඳහන් කළේය.
ජනාධිපතිවරයාගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්වෙන කැබිනට් රැස්වීම්වලදී පවා නොයෙක් ආකාරයේ වංචා දූෂණ සිදුවන බවත් කී මන්ත‍්‍රීවරයා නීත්‍යානකුකූල නොවන කැබිනට් පත‍්‍රිකා අනුමත කිරීම් ද දකින්නට ඇතැයි පැවසීය.
නීත්‍යානුකූල නොවන කැබිනට් පත‍්‍රිකා සම්මත කරගෙන ටෙන්ඩර් ප‍්‍රදානය කරන කැබිනට් මණ්ඩලයක් බවට මෙම කැබිනට් මණ්ඩලය පත්ව ඇතැයි පැවසූ ගුණවර්ධන මහතා විශාල වශයෙන් ජාත්‍යන්තර වශයෙන් පවා අපකීර්තියට මුහුණදෙන්නට සිදුවෙනු ඇතැයි ද කීය.
කෙරවලපිටිය එල් එන් ජී බලාගාරය පිළිබඳ කැබිනට් පත‍්‍රිකාව මෙවැනි එකක් බවත් විදුලි බල මණ්ඩල පනතේ 43 වගන්තිය උල්ලංඝණය කරමින් එකිනෙකට වෙනස් මිල ගණන් දෙකක් යටතේ එක් විදුලි බලාගාරයක් වෙනුවට බලාගාර දෙකක් ඉදිකිරීමට ටෙන්ඩරය දිනා ගත් පාර්ශවයට හා පරාජය වූ පාර්ශවය යන දෙකටම ඉතිහාසයේ පළමු වතාවට ටෙන්ඩරයක් ප‍්‍රදානය කිරීමට කැබිනට් අනුමැතිය ගෙන ඇති බව ද මන්ත‍්‍රීවරයා හෙළි කළේය.
මෙම කැබිනට් පත‍්‍රිකා ආන්දෝලනයට පත් ව ඇති බැවින් ඒ පිළිබඳ සොයා බලා අවශ්‍ය නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා කැබිනට් අනු කමිටුවක් පත් කරන ලෙස ජනාධිපතිතුමන් ගෙන් ඉල්ලා සිටින බව ද ඔහු තව දුරටත් කියා සිටියේය.
බන්දුල ගුණවර්ධන මහතා මේ අදහස් පළ කළේ පුංචි බොරැල්ල වජිරාශ‍්‍රමයේ පැවැති ඒකාබද්ධ විපක්ෂයේ ආර්ථික පර්යේෂණ ඒකකයේ මාධ්‍ය හමුවක් අමතමිනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එක් කෝටි විසි ලක්ෂයක බැංකු වංචාවකට අහුවෙලා හිටියත්, තාම කටනම් පොඩ්ඩක්වත් අඩුවෙලා නැහැ .
ගණන් ගන්න එපා සර්! ඔබතුමා අර ණය ගන්න අත්සන්කරා වගේ අඩ නින්දේ ඔන්න ඔහේ අත්සන් කරලා ඇති ඔබතුමා දන්නවානේ ඔය ඉන්න 225න් වැඩිම දෙනෙක් ඔබතුමා වගේ කියලා.
ලංකා දේශපාලකයන්ගේ ආසම වගන්ති මම දන්නෙ නෑ , මට මතක නැ
හරිහැටි අත්සනක්වත් දාගන්න බැරි ඔබතුමා ලොකු ලොකු කතා කියද්දී මට භයකුත් දැනෙනවා.
කතා ඇති ඉස්සෙල්ල අර ණය ගෙවලා හිටියනම් නරකද
මේ පුද්ගලයා කිව්වොත් කියන්නේ බොරු.
මෙයත් ඉන්නේ එක කකුලක් ලංකාවේ අනික පිටරට තියාගෙන.
පෞද්ගලික බැංකුවෙන් ලබාගත් රුපියල් එක්කෝටි විසි ලක්‍ෂයක (12,000,000) ණය මුදල් නොගෙවුවහොත් හිටපු මුදල් අමාත්‍ය පාර්ලිමෙන්තු මන්ත‍්‍රී බන්ධුල ගුණවර්ධන මහතාගේ නුගේගොඩ ජම්බුගස්මුල්ල මාවතේ පිහිටි ඔහුට අයත් දේපළ ප‍්‍රසිද්ධ වෙන්දේසියේ විකුණා එම මුදල් අයකර ගන්නා ලෙස කොළඹ වාණිජ මහාධිකරණ විනිසුරු අශාන් මරික්කාර් මහතා නියම කළේය.
තම අත්සන තමා නොදැන නිත්‍යානුකුල ලියවිල්ලකට තැබුවේ යයි කියන්න තරම් මෝඩ මනුස්සයකු කියන දේ පිළිගන්න ලංකාවේ මිනිස්සු මෝඩද?
ඔබතුමා වගේම අනෙක් උදවියත් අඩ නින්දේ අත්සන් දාලා වෙන දේවල් ඕවා. කලබල වෙන්න දෙයක් නැහැ .
අධිකරණය නියම තීන්දුවක් දීලා තිබෙනවා මෙයාගේ දේපොළ විකුනලා එම ණය පියවගන්න කියලා ..
ඉස්සෙල්ල අර ණය ගෙවලා හිටියනම් නරකද? මේ පුද්ගලයා කියන දේ පිළිගන්න ලංකාවේ මිනිස්සු මෝඩද?
මෙයා කවදා හරි මුදල් ඇමති වුනොත් නිදි මරගාතේ දන්නෙම නැතිව ලියවිල්ලකට අත්සන් කරලා අපේ ශ්‍රී ලංකාවම වෙන කොහාට හරි සින්නවෙයි නේද ?
උසාවිය නියෝග කලානම් , වහාම ඔය දේපල තහනම් කර විකුණා දමන්න කටයුතු කරන්න ,