IMG-LOGO

2025 ඔක්තෝබර් මස 21 වන අඟහරුවාදා


රජයේ වෛද්‍යවරු හෙට වර්ජනයක

(ඩයනා උදයංගනී)

මාරු මණ්ඩලවල අනුමැතියකින් තොරව වෛද්‍යවරුන් අනුයුක්ත කිරීම සම්බන්ධයෙන් විරෝධය පා හෙට (21) උදෑසන 8.00 සිට දීප ව්‍යාප්ත වෛද්‍ය වර්ජනයක් ආරම්භ කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මධ්‍යම කාරක සභාව අද(20) රැස්වී සිදුකළ දීර්ඝ සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණය ගත් බව එම සංගමයේ ලේකම් වෛද්‍ය සෙනාල් ප්‍රනාන්දු මහතා පැවසීය.

මාරු මණ්ඩලවල අනුමැතියෙන් තොරව සෞඛ්‍ය අමාත්‍යංශය මගින් අත්තනෝමතික ලෙස වෛද්‍ය අනුයුක්ත කිරීම් සම්බන්ධයෙන් විරෝධය පා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද (20) දිස්ත්‍රික් 5 ක සංකේත වැඩවර්ජනයක් ආරම්භ කළ බවත්, එයට නිසි ප්‍රතිචාරයක් නොලැබුණු බැවින් වෘත්තීය ක්‍රියාමාර්ගය දැඩි කිරීමට තීරණය කළ බවත් වෛද්‍යවරයා සඳහන් කළේය.

දීප ව්‍යාප්ත වැඩවර්ජනයක් ක්‍රියාත්මක වුවත් සියලුම රෝහල්වල හදිසි ප්‍රතිකාර සේවා අවහිරයකින් තොරව අඛණ්ඩව සිදු කිරීමට කටයුතු යොදා ඇතැයි කී ලේකම්වරයා මාතෘ රෝහල්, ළමා රෝහල්, පිළිකා රෝහල් හා වකුගඩු රෝගී ප්‍රතිකාර ඒකකවල මෙම වැඩ වර්ජනය ක්‍රියාත්මක නොවන බව ද කීවේය.

එමෙන්ම කොවිඩ් ප්‍රතිකාර සේවා හා එන්නත්කරණය කිසිදු බාධාවකින් තොරව පවත්වා ගෙන යන බව වෛද්‍යවරයා පැවසීය.



අදහස් (3)

රජයේ වෛද්‍යවරු හෙට වර්ජනයක

MO77 Monday, 20 December 2021 09:38 PM

GMOA එක සෞඛ්‍ය ක්ෂේත්‍රයේ කඩා වැටීමට සෘජුව දායක වීමත්, පෞද්ගලික වෛද්‍ය විද්‍යාල විරුද්ධවීම මගින් අධ්‍යාපනයේ නිදහස කඩාකප්පල් කිරීම, කාබනික පොහොර උපදේශනයේ කෘෂිකර්මය කඩා වැටීමටත් මෙම සංගමය වගකිව යුතුයි. මෙම විරෝධය ඇත්තේ, මොවුන්ට පෞද්ගලික රෝහල්වල චැනල් සේවා බාධාවක් නිසා හා සමහරුන්ට වැඩි සැලකිල්ලක් දැක්වීම නිසා මෙම වර්ජන රැල්ල කරනු ලබන බව පෙනීයයි.

:       0       0

Lalith M Tuesday, 21 December 2021 06:47 AM

පඩි ප්‍රශ්න, පරිපාලන දෝෂ මේ ඔක්කොම රෝගීන්ගේ වැරදිද? මොනවාද මේ උගතුන් කියලා කියාගන්න මැරයින්ට වෙලා තියෙන්නේ. රටේ ආණ්ඩුව අක්‍රීය වීමේ විපාකය. සර් ෆේල්ම තමයි..

:       0       0

සෝම Tuesday, 21 December 2021 11:10 AM

දෙවිවරු යයි අපි සිතා සිටි නමුත් හැමදේකටම වර්ජන, තර්ජනවලට යන උගත්, වියත් මෙවැනි අය නියම දෙවිවරු නොවන බව පසුගිය කාලවකවානුව තුළ පසක් විය...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1101 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1125 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 424 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site