IMG-LOGO

‘රජයේ වැඩපිළිවෙළ යටතේ විදේශ ආයෝජන වේගවත්’


(නිමල කොඩිතුවක්කු)
 

වත්මන් රජය ගෙන යන වැඩපිළිවළ හමුවේ සෘජු විදේශ ආයෝජන අධි වේගයෙන් රට තුළට ගලා එමින් පවතින බව සංවර්ධන  උපාය මාර්ග සහ ජාත්‍යන්තර වෙළෙඳ නියෝජ්‍ය අමාත්‍ය නලීන් බණ්ඩාර  මහතා පැවැසීය.
 
මෙමගින් අපනයන ආදායම ඉහළ ගොස් රුපියල ශක්තිමත් වී රටේ  ආර්ථිකය ශක්තිමත් වන බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.
 
ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ  පිහිටි සංවර්ධන  උපාය මාර්ග සහ ජාත්‍යන්තර වෙළෙඳ කටයුතු පිළිබඳ අමාත්‍යාංශයේ අද(19) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවැසීය.
 
එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍ය නලීන් බණ්ඩාර  මහතා මෙසේද කීය.
 
   “අපේ රටේ එතෙක් මෙතෙක්  සිදුවු දැවැන්තම  ආයෝජන ව්‍යාපෘතිය ලබන 24 වනදා හම්බන්තොට මිරිජ්ජවිල අපනයන සැකසුම් කලාපයේදී අග්‍රාමාත්‍ය  රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුවනවා.  ඩොලර් මිලියන 3850ක සෘජු විදේශීය ආයෝජනයක් වන  තෙල් පිරිපහදුවේ කටයුතු එදින ආරම්භ වීමට නියමිතයි. සපුගස්කන්ද තෙල් පිරිපහදුව තමයි අපේ රටේ තෙල් පිරිපහදුවක් නිර්මාණය වෙලා  1967 වසරේදි  වැඩ ආරම්භ වෙන්නේ.  ඒ වගේ පස්ගුණයක ධාරිතාවයක් මෙහි තිබෙනවා.

දවසකට බැරල් ලක්ෂ දෙකක්  මෙම තෙල් පිරිපහදුවෙන් නිෂ්පාදනය කරන්න පුලුවන්. මෙම ආයෝජන ව්‍යාපෘතියෙන්  70%ක් සිංගප්පුරු  සමාගමකුත් 30%ක් ඕමාන් සමාගමකුත් ආයෝජනය කරනවා.

පසුගිය කාලයේ අපිට නගපු චෝදනාවක් තමයි  හම්බන්තොට වරාය  චීනයට විකුණුවා කියන එක. සමහරු කිව්වා මිරිජ්ජවිල අපනයන සැකසුම් කලාපයට එන මේ ආයෝජනය නිසා  චීනයට හම්බන්තොට වරාය විකුණුවා කියන කතාවත් නිෂේධනය වනවා. අනික් පැත්තෙන් සිංගප්පුරු  ගිවිසුම යථාර්ථයක් බවට  පත් කරමින් තමයි මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වෙන්නේ.

අපේ අපනයන ආදායමත් ඩොලර් බිලියන 7කින්  පමණ මේ ආයෝජනය තුළින් වර්ධනය කිරීමේ හැකියාව ලැබෙනවා.  පසුගිය වසරේදි අපේ අපනයන ආදායම ඇමරිකානු ඩොලර් බිලියන 17යි. මේ ව්‍යාපෘතියෙන් පසු එය ඇමරිකානු ඩොලර් බිලියන 23 ක්  ලෙස වර්ධනය වීමට නියමිතයි.

මාස 18කින් මෙහි කටයුතු අපි නිමකරනවා. මේ ව්‍යාපෘතිය මගින් සෘජු රැකියා 1000ක් පමනත්  වක්‍ර රැකියා 1500 ක් පමන නිර්මාණය වෙනවා. මෙම වයාපාති දෙක ඇරඹීමත් සමග හම්බන්තොට වරාය සහ  මත්තල ගුවන්තොටුපල කාර්යක්ෂමව සහ සක්‍රීයව භාවිත කළ හැකියි”  නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පැවැසීය.



අදහස් (1)

‘රජයේ වැඩපිළිවෙළ යටතේ විදේශ ආයෝජන වේගවත්’

Bamunuarachchi Saturday, 20 April 2019 04:42 PM

දොට්ට බහින්න ලැහැස්තිවෙලා රජයේ වැඩපිළිවෙල හදන්නේ විදේශීය යෝජනා වේගවත් කරන්න. මේ අවුරුදු 4 කරපු මගුලක් නැහැ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 60 0
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 622 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 128 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site