IMG-LOGO

2025 නොවැම්බර් මස 21 වන සිකුරාදා


රජයේ ලොකු පුටු 6ක් පිරවීමට අනුමැතිය

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

රජයේ ඉහළ තනතුරු හයක  පුරප්පාඩු පිරවීමට  උසස් නිලතල පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ අනුමැතිය හිමි වී ඇත .

මේ අනුව මෙසේ අනුමැතිය හිමි වී ඇත්තේ  නව  තනාපතිවරුන් දෙදෙනෙකු, අමාත්‍යාංශ ලේකම්වරුන්  තිදෙනකු  සහ සංස්ථා සභාපතිවරයකු පත් කිරීම සඳහාය.

බ්‍රසීලයේ  නව ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස  බී එම් සුමිත් දසනායක සහ ඉරානය නව ශ්‍රී ලංකා තානාපති ලෙස  ජී එම් විශ්වනාත් අපොන්සු  යන මහත්වරුන් පත් කිරීමටද  වනජීවී සහ වන සංරක්ෂණ අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස එස් විදාණපතිරන ,පොහොර නිෂ්පාදන සහ සැපයුම් රසායනික පොහොර හා කෘමිනාශක භාවිත නියාමන රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයා ලෙස එම් එන් රණසිංහ, වාහන නියාමනය බස් රථ ප්‍රවාහන සේවා හා දුම්රිය මැදිරි හා මෝටර්රථ කර්මාන්ත රාජ්‍ය අමාත්‍යංශ ලේකම්වරයා ලෙස එස්.එම්  අල්විස් යන මහත්වරුන් පත් කිරීමටද උසස් නිලතල පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ අනුමැතිය  ලැබී ඇතැයි පාර්ලිමේන්තු මහලේකම්  ධම්මික දසනායක මහතා පැවසීය .

මෙයට අමතරව සංවර්ධන ලොතරැයි මණ්ඩල සභාපතිවරයා ලෙස අනුෂ පැල්පිට මහතා පත් කිරීමටද  එම කාරක සභාවේ  අනුමැතිය හිමි වූ බව   ඔහු  සඳහන් කළේය.

උසස් නිලතල පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී  ඉකුත් 23 වැනිදා රැස්විය .

මෙම රැස්වීමට සභානායක  විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන ,ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ජොන්ස්ටන් ප්‍රනාන්දු අමාත්‍යවරුන්වන නිමල් සිරිපාල ද සිල්වා රමේෂ් පතිරණ රාජ්‍ය අමාත්‍යවරුන්වන ,විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ සහ  විදුර වික්‍රමනායක, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්වන ඩබ්ලිව් ඩී ජේ සෙනවිරත්න සහ අනුර ප්‍රියදර්ශන යාපා  යන මහත්වරුන් ඇතුළු පිරිසක්ද සහභාගි වූහ.

 

 



අදහස් (2)

රජයේ ලොකු පුටු 6ක් පිරවීමට අනුමැතිය

kapila Friday, 25 June 2021 04:17 PM

ඇමතියෝ නම් ඕනේ පදමට ඉන්නවා. නමුත් රට නම් එතනමයි.

:       3       165

රණසිංහ Friday, 25 June 2021 08:26 PM

අනුෂ මහතාට දැන් පැන්ෂන් එකත් ලැබෙනවා නේද? එකක් රජයට පරිත්‍යාග කරන්න...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 5 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 132 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 979 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site