( +++ සුජිත් හේවාජුලිගේ)
ඉකුත් ජනාධිපතිවරණයේ ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීමට වැයවූ රුපියල් කෝටි 12කට වැඩි මුදලක් වහාම ගෙවන්නැයි රජයේ මුද්‍රණාලයේ ප්‍රධානීන් මැතිවරණ කොමිෂන් සභාවෙන් ඉල්ලීමක් කර ඇත.
මේ හිඟ මුදල මහා භාණ්ඩාගාරයේ මැතිවරණ ප්‍රතිපාදනවලින් ලබාගන්නැයි මැතිවරණ කොමිසම රජයේ මුද්‍රණාල ප්‍රධානීන්ට දැනුම් දී ඇතත් ඒ හිඟ මුදල ඍජුව මුදලින් ගෙවන්නැයි ඉල්ලීමක් කර තිබෙන බව මැතිවරණ කොමිසන් සභා ආරංචි මාර්ගවලින් පැවැසේ.
පසුගිය ජනාධිපතිවරණයේ මුද්‍රණ වියදම් වෙනුවෙන් රුපියල් කෝටි 22 කට වැඩි මුදලක් මැතිවරණ කොමිසම විසින් රජයේ මුද්‍රණාලයට මෙයට පෙර ද ගෙවනු ලැබ තිබිණි.
මේ සම්බන්ධයෙන් රජයේ මුද්‍රණාලයාධිපතිනී ගංගානි කල්පනී ලියනගේ මහත්මියගෙන් කළ විමසුමක දී ඇය සඳහන් කළේ ආයතනය පවත්වාගෙන යෑමට මුදල් හිඟයක් තිබෙන හෙයින් ඒ හිඟ මුදල මැතිවරණ කොමිෂමෙන් ඉල්ලා සිටි බව ය.
මේ අතර මැතිවරණ රාජකාරි කටයුතුවල යෙදුණු රජයේ නිලධාරීන් වෙනුවෙන් ගෙවිය යුතු රුපියල් කෝටි 40කට වැඩි මුදලක් ද මැතිවරණ කොමිසම විසින් තවමත් ගෙවා නැතැයි වාර්තා වෙයි.
මේ ගෙවීම් කිරීමට රුපියල් කෝටි 45ක පමණ මුදලක් මහා භාණ්ඩාගාරයෙන් දැනටමත් ඉල්ලා ඇතැයි මැතිවරණ කොමිසම පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පළාතේ මුළු ජනගහනයෙන් 10% වඩා අඩුවෙන් ගන්නා අපේක්ෂකයින්ගෙන් දඩ වශයෙන් රුපියල් ලක්ෂ දහයක්වත් මුදල්ද ( නිශ්චල හෝ චංචල දේපල ඇප ලෙස තබා ගත හැක) , ඇපයද රාජසන්තක කලානම් නිකන් ඉන්නා හාල් පාරුවෝ ඡන්දේ ඉල්ලන්නෙත් නැහැ, පැවැත්වීමේදී දරන්නවෙන අධික පරිපාලන වියදම් සිදුවෙන්නෙත් නැහැ. නැතිනම් හඳට උඩුබුරන බල්ලොත් ඡන්දේ ඉල්ලාවි. නීති තදින්ම ක්‍රියාත්මක කලොත් මෙවැනි නිකරුනේ යන වියදම් අඩු කරගන්නා ගමන්ම රාජ්‍ය මුදල් අවභාවිතයද අඩුකරගත හැකි වෙනු ඇත.