
(සුජිත් හේවාජුලිගේ )
රජයේ මුද්‍රණාලයේ අංශ ප්‍රධානියකු ඇතුළු සේවකයන් සිව්දෙනෙකුට කොවිඩ් ආසාදනය වී ඇතැයි තහවුරු වීමෙන් පසුව එහි පොත් මුද්‍රණ නිමැවුම් අංශය අද සිට වසා දැමූ බව රජයේ මුද්‍රණාලාධිපතිනි ගංගානි කල්පනා ලියනගේ මහත්මිය පැවසුවාය.
කොවිඩ් ආසාදිත මෙම සේවකයන් සිව්දෙනාගේ ළඟම ආශ්‍රිතයන්වු සේවකයන් විසි නම දෙනකු නිරෝධායනයට යොමුකර ඇතැයි ද ඇය සඳහන් කළාය.
කොවිඩ් ආසාදිතයන් වාර්තා වීමෙන් පසු රජයේ මුද්‍රණාල පරිශ්‍රය සම්පූර්ණයෙන්ම විෂබීජහරණය කළ බව එහි නිලධාරීහු පවසති.
මේ අතර කොවිඩ් අවදානම හේතුවෙන් රජයේ මුද්‍රණාලයේ සේවකයන් ඉදිරියේදී කොටස් වශයෙන් සේවයට කැඳවීමට කටයුතු යොදා ඇතැයි කී කල්පනා ලියනගේ මහත්මිය මුද්‍රණාලයේ ලියකියවිලි හා පොත් පත් පරිශීලනය කරන ආකාරය සම්බන්ධයෙන් ද සේවකයන්ට සෞඛ්‍ය නීති මාලාවක් හඳුන්වා දුන් බව පැවසුවාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අයියෝ... එතකොට කොහොමද ගැසට් ගහන්නේ?
අයියෝ, ඉස්සරහට චීනෙන්ම ගහලා එවයි.