(විනීතා එම් ගමගේ)
නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙන ගන්නා දරුවන්ගේ ප්‍රතිඵල හා ව්‍යාපාර වශයෙන් සමාගම් පනත යටතේ ලියාපදිංචි කළ පාසැල්වල ප්‍රතිඵල සංසන්දනය කර විභාග දෙපාර්තමේන්තුව මඟින් ප්‍රසිද්ධ නොකරන ලෙස තමන් කළ ඉල්ලීම රජය විකෘති කරන බව පාර්මේන්තු මන්ත්‍රී ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය.
රජයේ පාසැල්වල සහ පෞද්ගලික පාසැල්වල ප්‍රතිඵල ඒකාබද්ධ කිරීම අසාධාරණ බවට තමන් කළ එම ප්‍රකාශය මාධ්‍යවල නිවැරදිව සඳහන් වන නමුත් රජය එය විකෘති කර දක්වමින් සිටින බව ද ඔහු කියා සිටියේය.
එහි දී තමන් ඉල්ලා සිටියේ දරුවන්ගේ විභාග ප්‍රතිඵල ඔවුන් උගත් පෞද්ගලික පාසැලේ නමින් ප්‍රසිද්ධ නොකරන ලෙස බව යැයි ද ඔහු සඳහන් කළේය.
මේ විවාදය දුරදිග ගෙන යාමේ අවශ්‍යතාවයක් නැතැයි පැවසූ ගුණවර්ධන මහතා ආණ්ඩුව වැරදි මතයක් සමඟ එය දුරදිග ගෙන යන නමුත් තමන් කථා කළේ මේ රටේ නිදහස් අධ්‍යාපනය ලබන සියලු දරුවන් වෙනුවෙන් යැයි ද පැවසීය.
නිදහස් අධ්‍යාපනයේ ප්‍රතිඵල ලෙස උසස් පෙළ ප්‍රතිපල විශ්ලේෂණවලදී විශේෂයෙන් මහ බැංකු වාර්තාවේ පවා ජාත්‍යන්තර පාසැල් හැර යනුවෙන් සඳහන් වන බව ද ඒ මහතා ප්‍රකාශ කළේය.
මේ ප්‍රකාශය ගැන මීට වඩා තව දුරටත් තමන් විග්‍රහ කරන්නට හෝ පැහැදිලි කරන්නට තමන් සුදානම් නොවන බව ද ගුණවර්ධන මහතා කීය. අවශ්‍ය නම් ඕනෑම නාලිකාවක තමන් අධ්‍යාපන ඇමතිතුමන් සමඟ විවාදයකට සුදානම් යැයි ද ඔහු කියා සිටියේය.
මාධ්‍යකරුවෙකුට පොලිස් පහරදීමක් නිසා රොහල් ගත කර තිබීමේ සිද්ධිය විපක්ෂ නායකතුමන් සහ විපක්ෂයේ සියලුම මන්ත්‍රීවරු තරයේ හෙළා දකින බවද බන්දුල ගුණවර්ධන මන්ත්‍රීවරයා කීවේය.
අගමැති බලය ලබා ගැනීමෙන් පසු එක්සත් ජාතික පක්ෂයට උවමනා දේ නොකෙරෙන මාධ්‍ය කළු මාධ්‍ය ලෙස හඳුන්වා මාධ්‍යවේදින්ට චෙක්පත් සුදානම් කරගන්න කියා තර්ජනය කර ඇතැයි ද හෙතෙම සඳහන් කළේය.
ස්වාධීන රූපවාහිනි සේවයේ සේවක පිරිසක් එළියට දමා ඇති බවත් එම කාර්මික ආරවුල බේරුම් කරන ලෙස කිහිපවතාවක් තමන් ඉල්ලීම් කළ බවත් කී ගුණවර්ධන මහතා මේ පෙරමග සළකුනු එතරම් සුබ දායක නොවන බවද කියා සිටියේය.
නිරෝගී ප්‍රජාතන්ත්‍රවාදයක් වෙනුවෙන් මෙම මාධ්‍ය මර්දනය වහා නතර කරන ලෙස තමන් ඉල්ලා සිටින බව ද හෙතෙම සඳහන් කළේය.
මේ ප්‍රශ්නයට මැදිහත්වී ක්ෂණිකව මාධ්‍ය නිදහසට අවශ්‍ය විධිවිධාන යොදන ලෙස තමන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගෙන් ඉල්ලා සිටින බව ද ගුණවර්ධන මහතා කීවේය.
COMMENTS
බන්දුල මහතා මේ පලවෙනි සැරේ නොවෙයි මීට ඉහතත් කළා. අපි ඕවා එකවුන්ට් කරගෙන ඉන්නේ...
තව හත්පොලේ ගාගන්නයි හදන්නේ..
මොන පනත යටතේ ලියාපදිංචි කළත් උත්තර ලිව්වේ රජයෙන් නිකුත් කළ එකම ප්‍රශ්න පත්‍රයටනේ....
මෙතුමා උගත් උනත් ප්‍රායෝගිකව බුද්ධිමතෙක් නොවන බවයි පේන්නේ. වචන එලියට දාන්න ඕනේ පරිස්සමින්. සියලුම පාසල්වල ඉන්නේ අපේ දරුවන්. ඒ නිසා රජයේ උනත් පෞද්ගලික වුනත්, එකම විභාගය සමත් නම් එකට ප්‍රසිද්ධ කලාම ඇති වරද කුමක්ද ? අද දියුණු ලෝකයේ රජයේ පුද්ගලික කියා භේදයක් නැහැ. එහෙනම්, බස්, විශ්ව විද්‍යාල, මාධ්‍යය, වෛද්‍ය, ගුරු ආදිය තියෙන්නේ. මෙතුමාත් ඉස්සරපුද්ගලික ගුරුවරයෙක්නේ. එහෙනම් මෙතුමා පාර්ලිමේන්තුවේ ඉන්නේ. එහෙනම් මෙතුමා ඉන්න ඕනේ පුද්ගලික පාර්ලිමේන්තුවක නේද ? පෞද්ගලික පාසලේ ඉඳන් එහෙමනම් රජයේ විභාගයක් කරන්නත් බැහැ නේද ? ඒ දරුවා මෙතරම් හොඳට සමත් වුනා නම් ඒ පාසල ගැන කීවාම මොකද? මේ කතා වලින් ඒ දරුවාගේ සිත නොරිදෙවා.
විභාගේ එක නම්, රජයේ පාසල් පළමු වෙනියා වීමට අසමත් නම් මොනවද ඔබතුමා දොඩවන්නේ?
ලංකාවේ ලොකුම විකෘතිය බන්දුල තමයි...
රාජපක්ෂලාට ටියුෂන් දුන්නට කරියවසම්ලාට උගන්වනවා බොරු...
එතකොට ඔහේ ඉස්සර කියපු මේ කතා... “මහින්ද චින්තනය යනු හිස් පුද්ගලයෙකුගේ මනසේ ඇති වු හිස් විකාරයක්” “මහින්දගේ හෙළුව පෙනෙන්නේ ඔහු සමග පෙරහැරේ යන්නන්ට නොව බලාගෙන සිටින අයටයි ”. “රට නොබෙදා බලය බෙදන එකම නායකයා රනිල් වික්‍රමසිංහ ”
මෙයා ටියුෂන් දීපු කිසිම කෙනෙක් විශ්ව විද්‍යාලේ ගියාද දන්නේ නැහැ...
මේකත් අර 2500 කතාව වගේ තමයි. තව තව බයිලා කීමෙන් සිද්ධ වෙන්නේ මේ මෝඩ කතාව නැවත නැවතත් ප්‍රතිරාවය වී තව තවත් අවඥාවට ලක්වීම තමයි. වසර කිහිපයක් පැරණි 2500 කතාව වගේ මේ මෝඩ කියමනත් වසර ගණනාවක් මෙතුමා පසුපසින් එන එක වලක්වන්න සක්කරයාගේ පුතා වයිමාටවත් බැහැ .
ඔබ කළ ප්‍රකාශයට රජය මගින් අර්ථකතන දෙන්න කලින් තමා පක්ෂ භේදයකින් තොරව පොදු ජනතාව ඔබට විරෝධය දැක්වූයේ.. ස්වාධීන රූපවාහිනී සේවයේ ඔක්තෝබර් 26 වෙනිදා රඟපාපු නාඩගම අපි දැක්කා. ඒවාට වචනයක් කියපු නැති ඔබතුමා දැන් කොහොමද ඕවා ගැන කතා කරන්නේ?
GCE A /L විභාගයේ ඉහළම ලකුණු ගන්නේ කවුද? මොන පාසලෙන්ද යන්න මිසක් එ්ක රජයේද? පෞද්ගලිකද? ජාත්‍යන්තරද? කියා සොයාබැලීම තේරුමක් ඇති දෙයක් නොවන බව කිවයුතුයි.