(අජන්ත කුමාර අගලකඩ)
ඉකුත් වසරේ නිරවුල් නොකරන ලද බිල්පත් පියවීමට අවශ්‍ය ප්‍රතිපාදන සලසා ගැනීම සඳහා රජයේ ණය ගැනීමේ සීමාව රුපියල් කෝටි 35.300 කින් ඉහළ දැමීමට රජය තීරණය කර ඇත.
ඒ සඳහා ඉකුත් වසරේ ඔක්තෝම්බර් මස 23 වැනිදා පාර්ලිමේන්තුවේදී සම්මත කරන ලද අතුරු සම්මත ගිනුම සංශෝධනය කිරීමේ යෝජනාවක් ලබන සතියේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම නීතිපතිවරයාගේ අනුමැතිය ද මේ වනවිට ලබාගෙන තිබේ.
රුපියල් කෝටි 73,500 ක් ලෙස පැවැති රජයේ ණය සීමාව මේ අනුව රුපියල් කෝටි 1,08,800 දක්වා ඉහළ දැමෙනු ඇත.
ඒ අනුව අදාළ සංශෝධන යෝජනාව පාර්ලිමේන්තුවේ අවසන් රැස්වීම පැවැත්වෙන ලබන සතිය තුළ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කර ගැනීමට නියමිතය.
ඉකුත් වසර කිහිපය තුළ රජයේ යෝජනාවක් සහ සංවර්ධක කටයුතු වෙනුවෙන් වැය කරන ලද වියදම් වලට අදාළව නිරවුල් කර නැති රුපියල් කෝටි 15,600 ක බිල්පත් සහ ගිනුම් ගත නොකරන ලද විශේෂ ණය රුපියල් කෝටි 21,100 ක් ද ඇතුළු රුපියල් කෝටි 36,700 ක වගකීම් නිරවුල් කිරීම වෙනුවෙන් මෙම යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙනු ඇත.
ඉකුත් ආණ්ඩුව සමයේ ගැනුම්කරුවන්ට කොන්ත්‍රාත්කරුවන්ට හා සේවා සැපයුම්කරුවන්ට නොගෙවා ඇති බිල්පත්වල වටිනාකම රුපියල් කෝටි 52,400 ඉක්මවන බව අගමැති මහින්ද රාජපක්ෂ මහතා ඉකුත්දා පාර්ලිමේන්තුවේදී ද ප්‍රකාශ කළේය.
COMMENTS
35,300 මොකක්ද අනේ බය නැතුව ගන්න අප්පච්චි. අපි ගෙවමු.
මීතොටමුල්ල කුණු කන්ද වගේ ණය කන්දකුත් ගහන්න වගේ හදන්නේ. මේ කන්දට නම් මුළු රටම යටවෙනවා. වෙනස සැපද ???
බලයට පත්වෙන හැම ආණ්ඩුවක්ම කලින් ආණ්ඩුවට රටේ ණය බර වැඩි කරා කියා කියා තව තව ණය ගන්නවා. ඔක්කොම එකයි. අන්තිමේට වෙන්නේ සාමාන්‍ය මිනිස්සු රැවටී රැවටී හැමදාම කනවා වෙනුවට ලෙවකන එකයි.
ඉකුත් වසර කියන්නේ පහුගිය ආණ්ඩුවනේ, ණය නොගෙන ඉන්න වෙයිද සජිත්ගේ ගම් උදාවේ ප්‍රචාරක වැඩට විතරක් රුපියක් කෝටි දෙකහමාරක් වියදම් කරද්දී. ගෙයක් හදන්න ලක්ෂ දහයයි, හරිනම් කරන්න ඕන මේ අනවශ්‍ය විදියට වියදම් කරපු මහජන මුදල් ඔහුගෙන්ම අයකර ගන්න ඕන.
ඇත්තටම ජනාධිපතිතුමා කොහොමද අලුත් ගමනක් යන්නේ මේ විදියට පහුගිය ආණ්ඩුව ණය උගුලක මේ රට හිරකරලා ගියහම. ඒ ගොල්ලන්ටම ගෙවන්න කියන්න ඕන
"ඉකුත් වසරේ නිරවුල් නොකරන ලද බිල්පත් පියවීමට" කිව්වුවේ අර මහබැංකුව හොරා කාපු අයම තවත් අලුත් ගේමක්වත් ගහලද?
මේ දෙගොල්ලොම කලේ අනිත් පැත්තට ඇගිල්ල දික් කරගෙන අහස උසට ණය ගන්න එකයි ඒ ණයවලින් ජෝගි නටපු එකයි ඇරෙන්න වෙන මොනවද ?
ඔය කොන්ත්‍රාත්කරුවන්ට ගෙවන්න තියෙන හිඟ බිල්පත් වල වටිනාකම සමානයි ශ්‍රී ලංකා ගුවන් සේවයේ මුළු ණය ප්‍රමාණයට, කට්ටිය ටිකක් කල්පනා කලොත් ගුවන්සේවය වගේ සුදු අලියෙක් පවත්වාගෙන යන්න වුනෙත් අඥාන අදූරදර්ශී තීන්දුවක් නිසා නොවෙයිද? පුද්ගලික ආයතනයේ භාරයේ ඒ ආයතනය තිබ්බ නම් රටේ ණය කෝටි පනස්දාහකින් අඩු වෙනවා, එත් ඒවා තේරෙන තේරුම් ගන්න උදවිය නැහැ, රජය භාරයේ තිබියදී හොරකම දෙගුණ තෙගුණ වෙලා අන්තිමේ තව තවත් ණය වෙලා රටේ ණය සීමාව ඉහල දාන්නත් වෙලා ඒවා ගෙවන්න.
මේකෙන් කෝටි 20000කට වඩා යන්නේ යමපාලනය හොරාකෑවා... ඒවා ගෙවන්න වෙන්න ඇති.