(සුජිත් හේවාජුලිගේ)
රජයේ නිල නිවාස හිමි වී ඇති ඇමැතිවරුන් හා රාජ්‍ය ඇමැතිවරුන් දසදෙනකුට ඔවුන් මන්ත්‍රීවරුන් ලෙස සිටි කාලයේදී ලබාගෙන තිබූ මාදිවෙල මන්ත්‍රී නිල නිවාසවලින් ඉවත්වන ලෙසට පාර්ලිමේන්තු නිලධාරීන් දැනුම් දී ඇතත් ඔවුන් ඒ නිවාසවලින් ඉවත්වීම මඟහැර ඒවා තවදුරටත් භාවිත කරමින් සිටින බව පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවැසේ.
රජයේ නීතිය අනුව ඇමැතිවරයකුට, මන්ත්‍රීවරයකුට හෝ රජයේ ප්‍රධානියකුට හිමි වන්නේ එක නිල නිවාසයක් පමණක් වන අතර ඇමැතිවරුන් හැටියට නිල නිවාස ලබාගත් මෙම පිරිසට මන්ත්‍රීවරුන් ලෙස සිටි කාලයේදී ලබාගෙන තිබූ මාදිවෙල මන්ත්‍රී නිල නිවාසවලින් ඉවත්වන ලෙසට දැනුම් දී ඇත්තේ එම නීතිය යටතේ යැයි කියති.
ඇමැතිවරුන් හැටියට රජයේ නිල නිවාස ලබාගෙන මාදිවෙල මන්ත්‍රී නිල නිවාසවලින් ද ඉවත් නොවී සිටින පිරිසේ ප්‍රබල කැබිනට් ඇමැතිවරුන් කිහිපදෙනකු ද සිටිතැයි දැනගන්නට ඇත.
මේ පිරිසට මාදිවෙල මන්ත්‍රී නිල නිවාස ලැබී ඇත්තේ ඔවුන් මන්ත්‍රීවරුන් හැටියට සිටි කාලයේදීය.
මේ ඇමැතිවරුන් හා රාජ්‍ය ඇමැතිවරුන්, ඇමැතිවරුන් ලෙස ලබාගත් නිල නිවාස පාවිච්චි කරන අතරේ මාදිවෙල මන්ත්‍රී නිල නිවාස ඔවුන්ගේ ඥාතීන්ට, ලේකම්වරුන්ට හා ඇමැති ආරක්ෂක අංශයේ නිලධාරීන්ට ලබා දී ඒ පිරිස් මේ දිනවල එම නිල නිවාසවල පදිංචිව සිටින බව ද වාර්තා වෙයි.
මාදිවෙල මන්ත්‍රී නිල නිවාසවලින් ඉවත්වන්නැයි දැනුම් දුන්නත් ඇතැම් ඇමැතිවරුන් ඒ දැනුම්දීම් ගණනකට නොගන්නා බව දැනගන්නට ඇත.
මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තවත් අටදෙනකු මාදිවෙල මන්ත්‍රී නිල නිවාස සංකීර්ණයෙන් නිල නිවාස ඉල්ලා අයදුම්පත් යොමු කර ඇතැයි පාර්ලිමේන්තු නිලධාරීහු පවසති.
පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ
NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රජයේ ඇමැතිවරු 10ක් මන්ත්‍රී නිල නිවාසවලටත් විදි
sharm warn Tuesday, 16 March 2021 03:45 AM
ලොක්කන්ගේ හැටියටනේ ගෝලයෝ වැඩ කරන්නේ. බලයට තියෙන පෙරේතකම ඇරෙන්න වෙන මොනවද ඔය කාලකණ්ණි හොරුන්ට තියෙන්නේ. අවුරුදු ගාණක් රටම කාලා ... තවත් හූරන් කනවා. හැබැයි උත්තරීතර පාර්ලිමේන්තුවේ ගරු කටයුතු මන්ත්‍රීවරු.. කතාව රට දියුණු කරන්න. පේනවනේ කවුද දියුණු වෙලා ඉන්නේ කියලා. මේවට නඩු දැම්මොත් අර මහත්තයා ඒවා විසි කරනවා... හරියට ගොනු කරලා නැහැ කියලා. ඉතින් මානව හිමිකම් එකේ අර හාමිනේ උඩ පනින්නේ නැතිව ඉඳියිද?
fairoos Tuesday, 16 March 2021 07:23 AM
එක රටක්, එක නීතියක්... අපිව නම් ෆිස්කල් එකෙන් දවසින් එළියට.
amara Tuesday, 16 March 2021 08:08 AM
ජලය, විදුලිය කපා ටොයිලට් වසා දමා උත්සාහ කරන්න.. ඔවුන් යාවි...
Demuni Uduwara Tuesday, 16 March 2021 12:53 PM
ලැජ්ජයි... නීතියක් නැති රටක්ද?
Ananda Wednesday, 17 March 2021 05:23 AM
හිඟන්නෝ කියන්නේ නිකන්ද?