IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


රජයේ ඇමැතිවරු 10ක් මන්ත්‍රී නිල නිවාසවලටත් විදි

(සුජිත් හේවාජුලිගේ)

රජයේ නිල නිවාස හිමි වී ඇති ඇමැතිවරුන් හා රාජ්‍ය ඇමැතිවරුන් දසදෙනකුට ඔවුන් මන්ත්‍රීවරුන් ලෙස සිටි කාලයේදී ලබාගෙන තිබූ මාදිවෙල මන්ත්‍රී නිල නිවාසවලින් ඉවත්වන ලෙසට පාර්ලිමේන්තු නිලධාරීන් දැනුම් දී ඇතත් ඔවුන් ඒ නිවාසවලින් ඉවත්වීම මඟහැර ඒවා තවදුරටත් භාවිත කරමින් සිටින බව පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවැසේ. 
රජයේ නීතිය අනුව ඇමැතිවරයකුට, මන්ත්‍රීවරයකුට හෝ රජයේ ප්‍රධානියකුට හිමි වන්නේ එක නිල නිවාසයක් පමණක් වන අතර ඇමැතිවරුන් හැටියට නිල නිවාස ලබාගත් මෙම පිරිසට මන්ත්‍රීවරුන් ලෙස සිටි කාලයේදී ලබාගෙන තිබූ මාදිවෙල මන්ත්‍රී නිල නිවාසවලින් ඉවත්වන ලෙසට දැනුම් දී ඇත්තේ එම නීතිය යටතේ යැයි කියති.
 ඇමැතිවරුන් හැටියට රජයේ නිල නිවාස ලබාගෙන මාදිවෙල මන්ත්‍රී නිල නිවාසවලින් ද ඉවත් නොවී සිටින පිරිසේ ප්‍රබල කැබිනට් ඇමැතිවරුන් කිහිපදෙනකු ද සිටිතැයි දැනගන්නට ඇත.
මේ පිරිසට මාදිවෙල මන්ත්‍රී නිල නිවාස ලැබී ඇත්තේ ඔවුන් මන්ත්‍රීවරුන් හැටියට සිටි කාලයේදීය.
 මේ ඇමැතිවරුන් හා රාජ්‍ය ඇමැතිවරුන්, ඇමැතිවරුන් ලෙස ලබාගත් නිල නිවාස පාවිච්චි කරන අතරේ මාදිවෙල මන්ත්‍රී නිල නිවාස ඔවුන්ගේ ඥ‌ාතීන්ට, ලේකම්වරුන්ට හා ඇමැති ආරක්ෂක අංශයේ නිලධාරීන්ට ලබා දී ඒ පිරිස් මේ දිනවල එම නිල නිවාසවල පදිංචිව සිටින බව ද වාර්තා වෙයි.
 මාදිවෙල මන්ත්‍රී නිල නිවාසවලින් ඉවත්වන්නැයි දැනුම් දුන්නත් ඇතැම් ඇමැතිවරුන් ඒ දැනුම්දීම් ගණනකට නොගන්නා බව දැනගන්නට ඇත.
මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තවත් අටදෙනකු මාදිවෙල මන්ත්‍රී නිල නිවාස සංකීර්ණයෙන් නිල නිවාස ඉල්ලා අයදුම්පත් යොමු කර ඇතැයි පාර්ලිමේන්තු නිලධාරීහු පවසති.

 



අදහස් (5)

රජයේ ඇමැතිවරු 10ක් මන්ත්‍රී නිල නිවාසවලටත් විදි

sharm warn Tuesday, 16 March 2021 03:45 AM

ලොක්කන්ගේ හැටියටනේ ගෝලයෝ වැඩ කරන්නේ. බලයට තියෙන පෙරේතකම ඇරෙන්න වෙන මොනවද ඔය කාලකණ්ණි හොරුන්ට තියෙන්නේ. අවුරුදු ගාණක් රටම කාලා ... තවත් හූරන් කනවා. හැබැයි උත්තරීතර පාර්ලිමේන්තුවේ ගරු කටයුතු මන්ත්‍රීවරු.. කතාව රට දියුණු කරන්න. පේනවනේ කවුද දියුණු වෙලා ඉන්නේ කියලා. මේවට නඩු දැම්මොත් අර මහත්තයා ඒවා විසි කරනවා... හරියට ගොනු කරලා නැහැ කියලා. ඉතින් මානව හිමිකම් එකේ අර හාමිනේ උඩ පනින්නේ නැතිව ඉඳියිද?

:       1       15

fairoos Tuesday, 16 March 2021 07:23 AM

එක රටක්, එක නීතියක්... අපිව නම් ෆිස්කල් එකෙන් දවසින් එළියට.

:       1       11

amara Tuesday, 16 March 2021 08:08 AM

ජලය, විදුලිය කපා ටොයිලට් වසා දමා උත්සාහ කරන්න.. ඔවුන් යාවි...

:       0       11

Demuni Uduwara Tuesday, 16 March 2021 12:53 PM

ලැජ්ජයි... නීතියක් නැති රටක්ද?

:       0       5

Ananda Wednesday, 17 March 2021 05:23 AM

හිඟන්නෝ කියන්නේ නිකන්ද?

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 563 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 278 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1080 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site