(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න )
රාජ්‍ය ආයතන දහයක් කෝටියකට ආසන්න මුදලක් ගුවන් හමුදාවට ගෙවීම පැහැර හැර ඇතැයි වාරිමාර්ග අමාත්‍ය සහ රාජ්‍ය ආරක්ෂක ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
2013 -2018 කාලවකවානුවේදී මෙම මුදල් ගෙවා නැතැයි ද චමල් රාජපක්ෂ මහතා වැඩිදුරටත් කීය.
මෙලෙස වැඩිම මුදල ගෙවීම පැහැර හැර ඇත්තේ ජනාධිපති ලේකම් කාර්යාලයෙන් බවද එම මුදල රුපියල් ලක්ෂ විසි එකක් බවද චමල් රාජපක්ෂ මහතා සඳහන් කළේය.
සමගි ජන බලවේගයේ රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රී හේෂා විතාන මහතා පාර්ලිමේන්තුවේ දී ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් චමල් රාජපක්ෂ මහතා මේ බව කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය කියන උන්දැගේ පවුල් වල අයත් කොච්චර පියාඹන්න ඇත්ද? පොලු තියෙනවා කියන්නේ මොනවද කියලා අහලාවත් නැතුව ඇති...
සමහර දේශපාලකයින් පාන් ගේන්න යන්නෙත් ගුවන් හමුදා හෙළිකොප්ටර් එකෙන්නේ..
අනේ ගුවන් හමුදාවට උඩින් ගිහින් බැරිද පොලු තියපු අයගේ ඔලුවට බෝම්බයක් වත් අතාරින්න.