IMG-LOGO

2025 ඔක්තෝබර් මස 14 වන අඟහරුවාදා


රජයේ ආයතනවල සාමය රැකගන්න කැපවෙන්නැයි ජනපති ඉල්ලයි

(නාලක සංජීව දහනායක)

රාජ්‍ය ආයතන තුළ ගැටුම්කාරී තත්ත්වයක් ඇතිවීමට ඉඩ නොතබා සාමය ආරක්ෂා කර ගැනීමට කැපවන ලෙසට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෘත්තීය සමිති නියෝජිතයන්ගෙන් අද (30) විශේෂ ඉල්ලීමක් කර ඇත.

ජාත්‍යන්තර වශයෙන් රටට අපකීර්තියක් ගෙනදීමට එක්සත් ජාතික පක්‍ෂය ප‍්‍රමුඛ ඇතැම් දේශපාලන පක්‍ෂ කටයුතු කරන බැවින් සියලුම රාජ්‍ය ආයතනවල සාමය පවත්වාගෙන යමින් රජයට සහය ලබාදීම වෘත්තීය සමිති නියෝජිතයන්ගේ වගකීම යැයිද ජනාධිපතිවරයා මෙහිදී පවසා තිබේ.

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ හා පොදුජන එක්සත් පෙරමුණේ වෘත්තීය සමිති නියෝජිතයන් අතර ජනාධිපති ලේකම් කාර්යාලයේ දී අද (30) පැවැති සාකච්ඡාවකදී ජනාධිපතිවරයා මෙම ඉල්ලීම කර තිබේ.

එහිදී රජයට පූර්ණ සහයෝගය පළකරන බව වෘත්තීය සමිති නියෝජිතයන් ජනාධිපතිවරයාට පොරොන්දුවී ඇත.

අමාත්‍ය මහින්ද අමරවීර, ගාමිණී ලොකුගේ , මහින්දානන්ද අලූත්ගමගේ යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ද මෙම අවස්ථාවට සහභාගි වූහ.



අදහස් (4)

රජයේ ආයතනවල සාමය රැකගන්න කැපවෙන්නැයි ජනපති ඉල්ලයි

Shan Tuesday, 30 October 2018 12:17 PM

ඕක කියන්න මහින්දට...

:       0       0

sirimal Tuesday, 30 October 2018 12:23 PM

ඔක්තෝම්බර් 31වෙනි බදාදා සිට ලංකාවේ දේශපාලනඥයෙකුට, අගමැතිවරයාට හෝ ජනාධිපතිවරයාට අපහාසවන හෝ තර්ජනාත්මක හෝ අසත්‍ය තොරතුරු ඇතුලත් හෝ වීඩියෝ හෝ, ඡායාරුප හෝ වෙනත් වර්ගයේ විස්තර බෙදා හරිනු ලබන ඕනෑම කෙනෙකු වරෙන්තුවක් නොමැතිව අත්අඩංගුවට ගැනීමටත් උසාවි අවසරයක් නොමැතිව රඳවා ගැනීමටත් හැකි නව නීතියක් අනුමත කර ක්‍රියාත්මක කෙරෙන බව දැනගැනීමට ඇත...

:       0       0

sirimal Tuesday, 30 October 2018 12:31 PM

රූපවාහිනී ආයතනය, අයි.ටී.එන් ආයතනය, ලේක්හවුස් ආයතනය සහ තෙල් සංස්ථාවේදී ඇතිවුණු සිද්ධීන්ට කවුද සම්බන්ධ කියලා අපට හොඳින් පෙනුණා. ඉතින් ඒ කට්ටියට අඬගහලා ඔය පණිවිඩය කීවා නම් තමයි හොඳ... කවුරු හරි විදේශ මාධ්‍යවලට මේ වගේ දේවල් පිළිබඳ තොරතුරු ලබාදෙනවා නම් ඒක ඒ අයගේ අයිතිය. යහපාලනය, තොරතුරු දන ගැනීමේ අයිතිය සහ මාධ්‍ය නිදහස දැන් මතකම නැතුවා වගේ නේද? බදාදා ඉඳලා තව දරදඬු නීති ගෙනෙනවා කියලත් ආරංචියි. ජයවේවා...!!! ඔහොම යමු... ජාත්‍යන්තර රාජ්‍ය නායකයින්ගෙන් ලැබිලා තිබුණු හොඳ නම තව වැඩි කලක් තියෙයිද කියන්න බැහැ...

:       0       0

ලක්ෂ්මන් Wednesday, 31 October 2018 01:13 AM

රාජ්‍ය ආයතනවල සිටින වැඩිම පිරිස 2015 ට පෙර පත්වීම් ලාභීන්.ඔවුන් කිසිදා කලබල කරන්නේ නැහැ.රටේ සාමය රැකීමට සිදුව ඇත්නම් එයට හේතුව ඔබතුමාගේ ක්‍රියාකලාපය.වහා පාර්ලිමේන්තුව රැස්කර බහුතරයට අනුව අගමැති පත්කරන්න.පෙනවානේ දැනටම රාජ්‍ය මධ්‍ය ආයතන වලට සිදුව ඇතිදේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 636 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 831 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 359 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site