(අජන්ත කුමාර අගලකඩ)
නව ආණ්ඩුවේ රාජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම්දීම ලබන බදාදාට (27) කල්ගොස් ඇතැයි රජයේ ආරංචි මාර්ග කියයි.
රාජ්‍ය ඇමැතිවරුන් 20දෙනෙකු පමණ පත්කෙරෙනු ඇති බවත්, එහෙත් ඔවුන් මෙතෙක් තෝරාගෙන අවසන් නොමැති බවත් වාර්තා වේ.
ගාමිණී ලොකුගේ, රෝහිත අබේගුණවර්ධන, මහින්දානන්ද අලුත්ගමගේ, කෙහෙළිය රඹුක්වැල්ල, මහින්ද යාපා අබේවර්ධන, කාංචන විජේසේකර, සනත් නිශාන්ත, කනක හේරත්, රොෂාන් රණසිංහ, ලක්ෂ්මන් යාපා අබේවර්ධන යන මන්ත්‍රීවරුන්ද රාජ්‍ය ඇමැතිවරුන් ලෙස පත්වීමට ඉඩ ඇතැයි වාර්තා වේ.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයටද රාජ්‍ය ඇමැති ධුර කිහිපයක් හිමිවීමට ඉඩ ඇති බව එම ආරංචි මාර්ග කියයි.
රාජ්‍ය ඇමැතිවරුන් හෙට (25) දිනයේ දිවුරුම් දෙන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පසුගිය සිකුරාදා පැවැති කැබිනට් ඇමැතිවරුන් දිවුරුම් දීමේ උත්සවයේදී පැවැසීය.
COMMENTS
මේ රටට තව රාජ්‍ය ඇමතිලත්... එහෙනම් ඉන්දියාවට ඇමතිලා 10000ක් වත් පත්කර ගන්න වේවි නේද..?
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා රාජ්‍ය අමාත්‍යවරු වශයෙන් අලුත් මුහුණු ඉදිරිපත් කරන්න. ඇමති තනතුරුවලට පොරකන්නේ එම තනතුරුවල සිටි ඒවායේ රස දන්නෝය. එම නිසා මේ ගැනත් සිතා බලන්න. තරුණ කණ්ඩායමක් සමග වැඩකිරීමට ඔබට හැකියාව පවතී. සියලු අමාත්‍යාංශ ලේකම්වරුන් ඔබතුමාට විශ්වාසවන්තයින් පත්කරගෙන රට ඉදිරියට ගෙන යන්න. විශේෂයෙන්ම ජනමාධ්‍ය සඳහා නම් අත්‍යවශ්‍යයි. හමුදා සේවයේ සිට විශ්‍රාම ගිය අයවලුන් ඕනෑතරම් සිටියි. එසේ කළහොත් ඔවුන් මාර්ගයෙන් එම අමාත්‍යාංශවල කටයුතු දිනපතාම ඔබතුමාට අධීක්ෂණය කළ හැකිව තිබේ. සෑම ලේකම්වරයකුටම " target" එකක් දෙන්න. බොරු කාරයින්ව එලවා දමන්න. ඔබගේ ප්‍රතිපත්තියේ සඳහන් සියල්ල අකුරට ඉටුකළහොත් ලංකාව කෙලින් සිටුවීමට ඉතාම පහසුයි. මේ තරම් කාලයක් දේශපාලකයන් කරමින් සිටියේ වැනෙන දේශපාලනයකි. එය නැවත දැමීමට කාලය එළඹ ඇත. එයට සුදුස්සාද ජනතාව පත්කර ඇත.
හොරුසමග වැඩ පටන් ගන්නකොට කල් යන්නේ... දිව්රුම් දුන්නේ හොරුන්ගෙන්... දූෂිතයින්ගෙන් රට බේරා ගන්නවා කියලා දුන් බොරු පොරොන්දු නිසා තව ටික දවසකින් උදයංගත් මතුවෙයි දියවන්නාවෙන්.., දැනටමත් රහස් සාකච්ඡා පවත්වනවා ඇති... නාමල් බේබිලා මේ වැඩටික ලස්සනට කරලා... කරලියට දමයි, සිරිලියත් සමග...
අවුරුදු ගානක් ජන්දය දුන්නා මිසක් මේ රටේ මිනිස්සුන්ට හිතුනේ නැහැ නේද මේ පවතින දේශපාලන ක්‍රමය නිසා කොයි වගේ පිරිසක්ද පාර්ලිමේන්තුවට යැව්වේ කියලා. මේ පාර්ලිමේන්තුවට මන්ත්‍රීන්, ඇමතිවරු පත්කරන මේ දේශපාලන ක්‍රමය වෙනස් කරන්න ලෙහෙසි නැහැ. නමුත් එය කිරීමේ පරම බලය අවසාන වශයෙන් මේ රටේ ජනතාවට තව මාස තුනකින් ලැබෙනවා. එතැනදී මේ පහත් දේශපාලන මඩ වලෙන් ගොඩ එන්න බලමු. මොවුන් සියලුමදෙනා රට-ජාතිය-ආගම ගැන මොන තරම් දේවල් කීවද ඔවුන්ගේ යටිසිත දුවන්නේ වරප්‍රසාද පස්සෙන්. ඒ නිසා මෙවර බහුතර ආණ්ඩුවකට ජනවරමක් ලබා දී පවතින මැතිවරණ ක්‍රමයම වෙනස් කිරීමට දායක වෙමු. විශේෂයෙන්ම ජනාධිපතිවරණෙන් පසු ජනාධිපතිවරයාට අගමැති සහ ඇමති මණ්ඩලය පත් කරගෙන මේ රට සරල ක්‍රමයකට මෙහෙයවන වැඩපිළිවෙලක් ඉල්ලා සිටිමු.
15, 20 කැබිනට් නොවන ඇමති, නියෝජ්‍ය ඇමති.... වැඩේ නරකම නෑ
ලිස්ට් එක දැක්කම කල්යාම හොඳයි වගේ. අපොයි අපට වෙන්නේ ජේතවනාරාමයට ගල් ගහපු අයගෙන් බණ අහන්න...
බිය නොවන්න... පරණ පීල්ලේම යන බව ශුවර්.
අනේ මුලින් කියුවේ රාජ්‍ය ඇමතිල සහ නියෝජ්‍ය ඇමතිල මේ මාස තුනට නෑ කියලනේ. කරුණාකර පරණ සිංදුව නම් ගහන්න එපා ජනධිපතිතුමනි. එහෙම උනොත් අපට කිසිම බලාපොරොත්තුවක් ඉතුරුවෙන එකක් නෑ. කැමති උනත් ඔබතුමාට එකපාරට මේ සියල්ලන් එලවා දමන්නට නොහැකි බව අපි දනිමු. නමුත් හොඳ නාමයෝජනා ටිකක් ලබාදී ජනතාවට මිනිසුන් තෝරා එවිමට ඉඩ දුන්නොත් ඔබතුමාටත් ප්‍රශ්නයක් නෑ මේ අයව ඉවත් කරන්න.
වියත් මගේ උගතුනි, දැන් ඉදිරියට එනු මැනවි. හොඳ 20ක් හරි 30 ක් හරි තෝරලා දෙන්නකෝ ඇමති කමට. හොර තක්කඩි ආවොත් වියත්තු දෙකේ කොලයට වැටෙනවා නේද?
ඔය එන්නේ . හොද හොද සෙල්ලම් එලි වෙන ජාමෙට කිව්වලු. ඊට පස්සේ නියෝජ්‍ය ඇමතිලා එවි. පෙරහැර එන්න පටන් ගත්ත විතරයි. පව් මහ ජනතාව. අනිත් එක පරණ හොරු ටිකම තමයි පත් වෙන්නෙත් .
දැන් තියෙන්නේ භාරකාර ආණ්ඩුවක් නම්... මේ ඇමැතිවරුන්ට ප්‍රතිපාදන වෙන් කරලත් නැතිනම්, රාජ්‍ය ඇමතිවරු මොකටද පත් කරන්නේ? ඒකටත් ඉන්න හොඳම හොරු රංචුවෙන් නම් තෝරා ගන්නේ.., පුදනකොටම කාපි යකා වෙන්නද යන්නේ? අපි ආයෙමත් පළවෙනි කොටුවේ නේද? කිරිබත් උයපු අය සතුටු වෙන්න.. ඔයාලගේ සුපුරුදු හොරුන් ආයෙමත් රජවෙන්න යන්නේ.. ලංකාවට දෙයියන්ගේම පිහිටයි..
රෝහිත, ලොකුගේ, නිශාන්ත, මහින්දානන්ද, විජේසේකර වැනි උගත්, බුද්ධිමත් අයට තනතුරුදීම ගැන ස්තූතිවන්ත වෙනවා රට බේරගත් නායකයාණෙනි.. වාසු සහ පුල්ලේ වැනි නූගතුන් කොන්කිරීම ගැනද ස්තුතියි...!!!
මේ අය එක්කලා ආණ්ඩු කළොත් ගෝඨාට යන්න වෙන්නෙත් හත්පොලේ ගාගෙන තමයි. දැන්ම අෑත් නොවුණොත් විනාශයි.
අපි ගෝඨාභය මහත්තයාට බැරි ගානේ හරි ඡන්දෙ දුන්නේ පරණ ජෝකර්ලා ලව්වා පරණ කාඩ් සෙල්ලම කරන්න නෙවෙයි. අරයා අවතාරේ වගේ පිටිපස්සෙන් ඉන්න කොට මම නම් කීවා වියත්මඟට පැන්ෂන් දෙන්නවෙයි දින්නට පස්සේ කියලා. එක දැන් වේගෙන් වෙනවා. අයියාට අවශ්‍ය රටේ දියුණුව හෝ මල්ලි රට මනාව කළමනාකරණය කරන එක නෙවෙයි. තමාට පක්ෂපාත රැල දාගෙන පුතාව රජ කරවන්න හදන හීනයේ නිදිවැදීමයි. ගෝඨාභය මහත්තයෝ මෙහෙම ගියොත් නම් ඉතින් ඔබටත් කවදාහරි මැදමූලන ජනේලේ පිහිට තමයි.
මිනිස්සු ප්‍රතික්ෂේප කරන අය නේද මේ නැවතත් ඇමතිවරු කරන්නේ? මේකද ඔබ අපට දුන්න පොරොන්දුව...? කෝ අපිට පාරම්බාපු මේ වියත්තු ටික? අලුත් අය තරුණ අය හොරු නොවන අය ඇත්තෙම නැද්ද පොහොට්ටුවේ...? මේ අයට නැවත නාම යෝජනා දුන්නම වියත්තු ඉල්ලන්නේ දඹානෙන්ද?
එවුන්ට තේරෙන අපේ හරකුන්ට නොතේරෙන දේශපාලනය කියන්නේ මේකට තමයි...