(නිමන්ති රණසිංහ)
‘‘අලූතින් මැතිවරණයක් තියලා ජනතාව විසින් අලූත් රජයක් බිහිකරගන්නා තුරු පවතින රජයක් මේක. මේ නව ආණ්ඩුවේ කිසිම තනතුරක් මම භාරගන්නේ නැහැ. දැන් අලූත් අමාත්‍ය මණ්ඩලයක් යටතේ ජනතාවට සහන දීලා ආණ්ඩුව කරගෙන යන්න ඕන. ඊට පස්සේ ජනතාව අතරට ගිහිල්ලා ජනතාවගේ කැමැත්තෙන් රජයක් බිහි කරගන්නවා.’’ යැයි හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අද (30) කොළඹ අලූත් කඬේ අධිකරණ සංකීර්ණයේ දී මාධ්‍යවේදීන් හමුවේ ප්‍රකාශ කළේය.
ඇවන්ගාඩ් සිද්ධියට අදාළ නඩුව අද කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ කැදවූ අවස්ථාවේදී නඩු කටයුතු අවසන් කර අධිකරණයෙන් පිටතට පැමිණී හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා මාධ්‍යවේදින් ඇසූ ප්‍රශ්නවලට පිලිතුරු ලබා දෙමින් එසේ ප්‍රකාශ කළේය.
වැඩිදුරටත් අදහස් දක්වමින් ගෝඨාභය රාජපක්ෂ මහතා මෙසේද සදහන් කළේය.
‘‘ලංකා ඉතිහාසයේ ඉදලාම මේ රටට විදේශීය බලපෑම් තිබුණා. නමුත් කිසිම රටක් ඔය විදේශීය බලපෑම්වලට යටත් වෙලා වැඩ කරන්නේ නෑ.
පාර්ලිමේන්තුව කැදවන්න කියන්නේ අපේ රටේ තියෙන ව්‍යවස්ථාව අනුවයි. එහෙම නැතිව විදේශීය රටවලට ඕන විදිහට අපේ පාර්ලිමේන්තුව කැදවන්න බැහැ. ඒ වගේම රනිල් වික්‍රමසිංහ මහතා අරලිය ගහ මන්දිරයට වෙලා අගමැති හැටියට හිටපුදෙන්.
අපේ මහින්ද අගමැති තුමා මෙහෙම ඉදලා රට කරයි. රනිල් වික්‍රමසිංහ මහතා සම්බන්ධයෙන් කිසිදු නිතිමය පියවරකට අපි යන්නේ නැහැ. මොකද අපි වෛරී දේශපාලනයක් තොරවයි අපේ පාලනය කරන්නේ. වෛරී දේශපාලනයක් අපි ළඟ නැහැ.’’
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එතකල් තියෙන රජය තියන්න තිබුනේ නැද්ද කියලා මේ පුංචි මොලේට තේරෙන්නේ නෑ වගේ...
සහතික ඇත්ත මෙයාලගේ පාලනය මෛත්‍රී පාලනයක්... ඒක අවුරුදු දහයක්ම අපි අත්දැකීමෙන්ම දන්නවා. ජනරාල්ගේ සිට අගවිනිසුරුවරියට වෙනකම් පුදුමාකාර මෛත්‍රියකින් මේ අය වැඩකෙරුව හැටි...
ඔබතුමාගේ පුරවැසිභාවය තියෙන්නේ ඇමෙරිකාවේ නේද? ඇමරිකා රජයට ඇඟිලි ගහන්න එපා කියල කියන්න.
රනිල් වික්‍රමසිංහ මහතා සම්බන්ධයෙන් කිසිදු නිතිමය පියවරකට ඔය අය යන්නේ නැහැ. එහෙම වුනොත් වෙන්නේ රනිල් වික්‍රමසිංහ තවමත් අගමැති බව අධිකරණයෙන් තීන්දු වීමයි.
මේ මහතා ද්විත්ව පුරවැසියෙක් මෙහෙ පුරවැසි කමත් තිබෙනවා, මහා බැංකු හොරා වගේ කෙනෙක් නොවෙයි.
පේනවනේ ... අගමැතිවුනේ අයියා... ඇමරිකන් පුරවැසි මල්ලිගේ වැඩ... ඒකාධිපතිත්වයක් එනවා..
ඒ කියන්නේ ඔය 113 හදාගන්න දෙන ඇමතිකම් තාවකාලිකයි. හොරාට කලින් කෙසේල්කැන වැට පන්නා වත්ද?