(සුජිත් හේවාජුලිගේ )
ඉදිරි දෙසතියේ දී පැවැත්වීමට සංවිධානය කර තිබූ සියලු ම රාජ්‍ය උත්සව අද (25) සිට ක්‍රියාත්මක වන පරිදි නතර කිරීමට රජය තීරණය කර ඇත.
එසේම ඉදිරි දෙසතියේ දී පැවැත්වීමට සැලසුම් කර සැළසුම් කර ඇති පෞද්ගලික අංශයේ සියලු උත්සව ,රැස්වීම් හා සාද නිරෝධායන රෙගුලාසි යටතේ තහනම් කිරීමට ද රජය තීරණය කර ඇතැයි ජනාධිපති කාර්යාලය පවසයි.
කොවිඩ් 19 පාලනය කිරීමේ පියවරක් ලෙස මෙම තීරණ ගත් බව එම කාර්යාලය නිකුත් කළ නිවේදනයක දැක්වේ.
මේ අතර රටේ කොවිඩ් ව්‍යාප්තිය සම්බන්ධයෙන් අදහස් දක්වන කොවිඩ් 19 පාලනය කිරීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සෞඛ්‍ය අංශ ලබාදෙන උපදෙස් ඇතැම් ජනතාව පිළිනොගන්නා තත්ත්වයක් තිබෙන බව පැවසීය.
සමහරුන් සෞඛ්‍ය උපදෙස් ගණන් නොගෙන විනෝද සවාරි වල යෙදෙන බව කී යුද හමුදාපතිවරයා එවැනි කටයුතු වලින් වහාම වළකින්නැයි ද ඉල්ලීමක් කළේය.
මේ අවස්ථාවේ දී උත්සව කිසිවක් සංවිධානය කිරීමට අවසර නැතැයි ද ඔහු පැවසීය.
තව ද විශාල වශයෙන් සෙනඟ රැස්වන ස්ථානවලට ගමන් කිරීමෙන් වළකින්නැයි ද යුද හමුදාපතිවරයා ජනතාවගෙන් විශේෂ ඉල්ලීමක් කළේය.
2025 නොවැම්බර් මස 17
83
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
920
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2538
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
රාජ්‍ය උත්සව අද සිට තහනම්
මාමා Sunday, 25 April 2021 11:41 AM
පිළිසඳරකට කියල ගමට ගිහින් සිය සිය ගණනක් කොරෝනා අවධානමට ලක්කිරීමත් තහනම්ද ?
සිරිබිරිස් Sunday, 25 April 2021 11:54 AM
අයියෝ ................. එතකොට "ගම සමඟ පිළිසඳරක්" නැත්ද ?
asd Sunday, 25 April 2021 04:04 PM
නුවරඑළිය නගරාධිපතිට කියන්න
fairoos Monday, 26 April 2021 07:08 AM
දැන් එහෙනම් ඔයාලා කියන එක කවුරුවත් පිළිපදින්නේ නැත්තේ සර් ෆේල්ද?
Kamal Koyala Monday, 26 April 2021 07:15 AM
සිරා වෙනම යනවා කිව්වා... විරුද්ධ පක්ෂවලට, වෘත්තීය සමිතිවලට තලුමරන්න තිබුණ මාතෘකා ගොඩක්... වලව්වේ අය බයවුණා... ඒකයි මේ.. ලෝක ඉතිහාසයේ රන් අකුරින් ලියන්න යන්නේ කම්කරු දිනයේතහනම් කළා කියලා..
ලක්විදු Monday, 26 April 2021 08:41 AM
ඒවා සදාකාලෙටම තහනම් කරන්න... එතකොට නම් රටට හොඳ කලක් යාවි...!!!