IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


රාජ්‍ය උත්සව අද සිට තහනම්

(සුජිත් හේවාජුලිගේ )

ඉදිරි දෙසතියේ දී පැවැත්වීමට සංවිධානය කර තිබූ සියලු ම රාජ්‍ය උත්සව අද (25) සිට ක්‍රියාත්මක වන පරිදි නතර කිරීමට රජය තීරණය කර ඇත.

එසේම ඉදිරි දෙසතියේ දී පැවැත්වීමට සැලසුම් කර සැළසුම් කර ඇති පෞද්ගලික අංශයේ සියලු උත්සව ,රැස්වීම් හා සාද නිරෝධායන රෙගුලාසි යටතේ තහනම් කිරීමට ද රජය තීරණය කර ඇතැයි ජනාධිපති කාර්යාලය පවසයි.

කොවිඩ් 19 පාලනය කිරීමේ පියවරක් ලෙස මෙම තීරණ ගත් බව එම කාර්යාලය නිකුත් කළ නිවේදනයක දැක්වේ.

මේ අතර රටේ කොවිඩ් ව්‍යාප්තිය සම්බන්ධයෙන් අදහස් දක්වන කොවිඩ් 19 පාලනය කිරීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සෞඛ්‍ය අංශ ලබාදෙන උපදෙස් ඇතැම් ජනතාව පිළිනොගන්නා තත්ත්වයක් තිබෙන බව පැවසීය.

සමහරුන් සෞඛ්‍ය උපදෙස් ගණන් නොගෙන විනෝද සවාරි වල යෙදෙන බව කී යුද හමුදාපතිවරයා එවැනි කටයුතු වලින් වහාම වළකින්නැයි ද ඉල්ලීමක් කළේය.

මේ අවස්ථාවේ දී උත්සව කිසිවක් සංවිධානය කිරීමට අවසර නැතැයි ද ඔහු පැවසීය.

තව ද විශාල වශයෙන් සෙනඟ රැස්වන ස්ථානවලට ගමන් කිරීමෙන් වළකින්නැයි ද යුද හමුදාපතිවරයා ජනතාවගෙන් විශේෂ ඉල්ලීමක් කළේය.

 



අදහස් (6)

රාජ්‍ය උත්සව අද සිට තහනම්

මාමා Sunday, 25 April 2021 11:41 AM

පිළිසඳරකට කියල ගමට ගිහින් සිය සිය ගණනක් කොරෝනා අවධානමට ලක්කිරීමත් තහනම්ද ?

:       1       7

සිරිබිරිස් Sunday, 25 April 2021 11:54 AM

අයියෝ ................. එතකොට "ගම සමඟ පිළිසඳරක්" නැත්ද ?

:       1       6

asd Sunday, 25 April 2021 04:04 PM

නුවරඑළිය නගරාධිපතිට කියන්න

:       1       5

fairoos Monday, 26 April 2021 07:08 AM

දැන් එහෙනම් ඔයාලා කියන එක කවුරුවත් පිළිපදින්නේ නැත්තේ සර් ෆේල්ද? 

:       0       3

Kamal Koyala Monday, 26 April 2021 07:15 AM

සිරා වෙනම යනවා කිව්වා... විරුද්ධ පක්ෂවලට, වෘත්තීය සමිතිවලට තලුමරන්න තිබුණ මාතෘකා ගොඩක්... වලව්වේ අය බයවුණා... ඒකයි මේ.. ලෝක ඉතිහාසයේ රන් අකුරින් ලියන්න යන්නේ කම්කරු දිනයේතහනම් කළා කියලා..

:       1       3

ලක්විදු Monday, 26 April 2021 08:41 AM

ඒවා සදාකාලෙටම තහනම් කරන්න... එතකොට නම් රටට හොඳ කලක් යාවි...!!!

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 115 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 921 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 629 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site