(සුජිත් හේවාජුලිගේ )

අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයේ රඳවනු ලැබ සිටින රංජන් රාමනායක මහතාගේ දණහිසේ ආබාධයකෙට ප්‍රතිකාර ලබාදීමට ගාල්ල කරාපිටිය රෝහලට ඇතුළත් කළ බන්ධනාගාර කළමනාකරණ සහ සිරකරුවන් පුනරුත්ථාපනය කිරීමේ රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා පවසයි.‍

දණහිසේ කිසියම් අපහසුතාවක් ඇති බව දැනුම් දීම නිසා රන්ජන් රාමනායක මහතා කරාපිටිය රෝහලට රැගෙන විත් අදාල වෛද්‍ය පරීක්ෂණවලට මෙයට පෙර යොමු කරනු ලැබීය. දණහිසේ කිසියම් ආබාධයක් ඇති බව එම පරීක්ෂණවලදී තහවුරු වීම නිසා ඔහු රෝහල්ගත කර ප්‍රතිකාර ලබා දීමට පියවර ගන්නැයි බන්ධනාගාර බන්ධනාගාර අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා බන්ධනාගාර නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

ඔහු රෝහල් ගත කෙරුණේ ඉන් පසුවය.

රාමනායක මහතාට එම රෝහලේ දින ගණනාවක් නේවාසිකව රැඳී සිටිමින් ප්‍රතිකාර ගැනීමට සිදුවනු ඇතැයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව ආරංචි මාර්ගවලින් පැවසේ.