IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


රංජන් අධිකරණයට අපහාස කළැයි කී වීඩියෝ දසුන් ශ්‍රේෂ්ඨාධිකරණයේ

( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ)

මහාමාර්ග හා මාර්ග සංවර්ධන රාජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතා විසින් අධිකරණයට අපහාස කරන ලදැයි කියන සිද්ධිය සම්බන්ධ ප‍්‍රකාශ අඩංගු සංස්කරණය කළ හා නොකළ රූපවාහිනී විඩියෝ දර්ශන අඩංගු සංයුක්ත තැටි ත‍්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල හමුවේ අද (30) ප‍්‍රථම වරට ප‍්‍රදර්ශනය කෙරිණි.

එම අපහාස සිද්ධිය සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍යවරයා විසින් සිදුකළ ප‍්‍රකාශ නැවත නැවත දර්ශනය කරමින් විනිසුරු මඩුල්ල ඉතා උනන්දුවෙන් නැරඹීය.

අධිකරණයට අපහාස කළැයි චෝදනා එල්ල වී සිටින රාමනායක මහතාට එරෙහිව ගොනු කර තිබෙන පැමිණිල්ල සිසිර ද ආබෲ, විජිත් මළල්ගොඩ සහ ප‍්‍රසන්න ජයවර්ධන යන මහත්වරුන්ගෙන් සමන්විත ත‍්‍රි පුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ අද (30) විභාගයට ගැණිනි.

විශ‍්‍රාමලත් හමුදා නිලධාරියකු වන සුනිල් පෙරේරා විසින් ඉදිරිපත් කළ පැමිණිල්ලකට අනුව නීතිපතිවරයා විසින් මෙම චෝදනා පත‍්‍රය රංජන් රාමනායක මහතාට එරෙහිව ගොනු කෙරිණි.

මෙම පැමිණිල්ල අද අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී අතිරේක සොලිසිටර් ජනරාල් , ජනාධිපති නීතීඥ විරාජ් දයාරත්න මහතාගේ මෙහෙයවීම මත හිරු ප‍්‍රවෘත්ති අධ්‍යක්ෂ සුදේව හෙට්ටිආරච්චි මහතා සාක්ෂි දෙමින් මෙසේ පැවසීය.

‘‘සාමාන්‍යයෙන් සිද්ධියක් සම්බන්ධයෙන් අප ආයතනයේ වාර්තාකරුවකු ලබා ගන්නා දර්ශන නිෂ්පාදකවරයා මාර්ගයෙන් ප‍්‍රවෘත්ති සංස්කාරකවරයා වෙත යොමු කරනවා.එය ඔහු වෙත බාර දෙන්නේ මයික්‍රෝ චිපයක් මාර්ගයෙන්. ඉන්පසු එය සංස්කරණය කර මා වෙත යොමු කරනාව.එය විකාශ්‍ය කිරීමේ අවසාන බලධාරියා මමයි.සාමාන්‍යයෙන් සංස්කරණය කළ යුතු අවස්ථාව, නැති අවස්ථාව යන්න තීරණය කරන්නේ මා විසිනුයි. දර්ශන විකාශය කිරීමට ප‍්‍රථම මෙම සියලූ කරුණු පිළිබඳව මා ප‍්‍රවෘත්ති සංස්කාරකවරයා සමඟ සාකච්ඡා කරනවා. ඉන්පසුවයි විකාශය සිදු කරන්නේ.

‘‘මෙම සිදුවීම සම්බන්ධ දින මට හොඳට මතකයි. ඒ 2018 සැප්තැම්බර් 21 දිනයි.මා මගේ වාර්තාකරුවකු  අරලියගහ මන්දිරය වෙත පිටත් කළා.එම ස්ථානයේ මාධ්‍ය ආයතන වල වාර්තාකරුවන් රැසක් ද සිටියා. අරලියගහ මැඳුරේ පැවති සාකච්ඡුාව අවසන් වී පැමිණි රාජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතා කළ ප‍්‍රකාශයක් තමයි එම ස්ථානයේ සිටි අපගේ වාර්තාකාර එරංග ගුණවර්ධණ මහතා මේ සිද්ධියට පාදක වන දර්ශණ රූගත කිරීම් සිදු කළේ.

මේ සිද්ධිය අඩංගු දර්ශණ පට මා විසින් නීතීපති දොපාර්තමේන්තුවට ලබා දුන්නා.ඒ ලබා දුන්නේ සංස්කරණය නොකළ සම්පූර්ණ වාර්තාවයි.මෙම සිද්ධිය අනිකුත් මාධ්‍ය ආයතනද සම්බන්ධ නඩුව අධිකරණය හමුවේ කැඳවූ සෑම අවස්ථාවේදීම අප වාර්තා කළා රංජන් රාමනායක මහතා උසාවිය පිට සිට සිදු කරන ප‍්‍රකාශ ලෙස අප විකාශය කළා.

අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් දඬුවම් නොකිරීමට හේතු ඉදිරිපත් කරන්නැයි දන්වා නියෝජ්‍ය අමාත්‍ය  රංජන් රාමනායක මහතා වෙත යොමු කිරීම සඳහා වන චෝදනා ආඥා කෙටුම්පතක් අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙසට ඉකුත් ජුනි 18 වැනිදා ශ්‍රේෂ්ඨාධිකරණය කළ නියමය අනුව නීතිපතිවරයා මෙම කෙටුම්පතක් ශ්‍රේෂ්ඨාධිකරණයට බාර දෙන ලදී.

ඒ අනුව විත්තිකාර නියෝජ්‍ය අමාත්‍යවරයාට එරෙහි චෝදනා පත‍්‍රය ශ්‍රේෂ්ඨාධිකරණ ලේඛකාධිකාරීවරයා විසින් කියවා බාර දෙන ලදී.

පෙත්සම්කාර සුනිල් පෙරේරා මහතා  සිය පෙත්සම් වලින්  පෙන්වා දී ඇත්තේ පසුගිය වසරේ අගෝස්තු මස අග‍්‍රාමාත්‍යවරයා සමඟ පැවැත්වූ සාකච්ඡාවකින් පසුව පිටතට පැමිණි රන්ජන් රාමනායක නියෝජ්‍ය  අමාත්‍යවරයා මාධ්‍යවලට අදහස් දක්වමින් මෙරට විනිශ්චකාරවරුන් සහ නීතිඥවරුන්ගෙන් බහුතරය දූෂිත පුද්ගලයින් ලෙස හඳුන්වා දී ඇති බව කියා සිටි බවයි.

මෙම ප‍්‍රකාශය තුළින් මෙරට අධිකරණ පද්ධතිය කෙරෙහි මහජනතාවගේ පවතින විශ්වාසය බිඳ වැටෙන බවත් ඒ හරහා රංජන් රාමනායක නියෝජ්‍ය  අමාත්‍යවරයා අධිකරණයට අපහාසයක් සිදු කර ඇති බවත් පෙත්සම්කරුවන් කියා සිටිති.

මේ හේතුවෙන් රන්ජන් රාමනායක නියෝජ්‍ය අමාත්‍යවරයා අධිකරණය හමුවට කැඳවා මේ පිළිබඳව විභාගයක් පවත්වා සුදුසු දඬුවම් පමුණුවන මෙන් ද පැමිණිලිකරු ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබිණි.

නියෝජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතා වෙනුවෙන් නිතිඥ ඇම්.ඒ සුමන්තිරන් මහතා ද, නීතිපතිවරයා වෙනුවෙන් පෙනී රජයේ අතිරේක සොලිස්ටර් ජනරාල් විරාජ් මහතා සහ රජයේ නීතීඥ සුහර්ෂි හේරත් මහත්මිය පෙනි සිටියහ.

 



අදහස් (2)

රංජන් අධිකරණයට අපහාස කළැයි කී වීඩියෝ දසුන් ශ්‍රේෂ්ඨාධිකරණයේ

lankasri Tuesday, 30 July 2019 12:45 PM

අපිත් ඉඩම් නඩුවක් කියනවා දැන් අවුරුදු 30ක් වුනා. දැන් මගේ පියත් මිය පරලොව ගිහින්. නඩු වලින් බඩ වඩා ගන්න එක තමයි කරන්නේ. මිනිස්සුන්ගේ කාලයත් මුදලුත් ලක්ෂ ගණන් වතුරේ.

:       0       1

සෙනෙවිරත්න Tuesday, 30 July 2019 02:08 PM

ගෝඨාභයගේ නඩු ඇසිමේ ක්‍රියාවලියෙන් අධිකරණය තමනට අපහාස කර නොගන්නේද?

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 686 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 328 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1115 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site