(ශාන්ත චන්ද්‍රසිරි)
රංජන් රාමනායක මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගැනීමේ පිටුපස කිසිම දේශපාලන පලිගැනීමක් නොමැති බවත්, ගෝඨාභය රාජපක්ෂ ජනාධීපතිවරයාගේ රජය යටතේ කිසිම දිනක දේශපාලන පළිගැනීම් නොකරන බවත් මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යු. ගමගේ මහතා පැවැසීය.
තලවකැලේ- ලිඳුල, ආගරපතන සහ කොත්මලේ යන පළාත් පාලන ආයතනවල පවතින ගැටළු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමේ නිරීක්ෂණ චාරිකාවකට අද (11) එක්වීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් නගන ලද ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ඒ මහතා එසේ පැවැසීය.
මෙහෙදී තව දුරටත් අදහස් දැක්වු ආණ්ඩුකාරවයා මෙසේද කීය.
"රංජන් රාමනායක මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගැනීම පිටුපස කිසිඳු දේශපාලන පලිගැනීමක් නැහැ. මේ රජය කවදාවත්ම එහෙම කරන්නේ නැහැ. නමුත් එක එක දේශපාලන පක්ෂ තම වාසියට මෙය හරවා ගන්න බලනවා. මේ සිද්ධිය දේශපාලනට හරවා ගැනීම මම හිතන්නේ සම්පුර්ණ වැරදි ක්‍රියාවක් කියලායි. මෙම සිද්ධිය පොලීසියට භාරදී තිබෙනවා. පොලීසිය නිසි ලෙස එම කටයුතු ඉටු කරයි.
මේ රටේ නීතියක් තිබෙනවා. එම නීතියට අනුව මේ කටයුත්තත් ක්‍රියාත්මක වේවි. මේ ගැටළුව විමර්ශනය කිරීමට ගරු ශ්‍රේෂ්ඨාධිකරණය තිබෙනවා. නීතිපති දෙපාර්තුමේන්තුව තියෙනවා. පොලිස් දෙපාර්තුමේන්තුව තියෙනවා. ඒ නිසා ඒ සම්බන්ධයෙන් අපි පුද්ගලික මත ප්‍රකාශ කරනවාට වඩා ඒ සදහා අදාල ආයතනවලට අවස්ථාව ලබාදීමයි කළ යුත්තේ. මේ ගැන තමන්ගේ පුද්ගලික මත ප්‍රකාශ නොකර සිටීමයි වැදගත් " යයිද පැවැසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ කවුද? අදමයි දැක්කේ.........
ඔය කියන පොදු නීතියට ඕ.අයි.සීගේ ඔලුව උඩින් ගිය එක අදාළ නැද්ද ?
සුදුහුණු ගාන්න ඕන නෑ. මෙයත් දැන් ආණ්ඩුකාරයෙක්ද?
දේශපාලන පළිගැනීමක් නෙමෙයි. දේශපාලන අවස්ථාවාදයක්. එම්සීසී සෝෆා ගිවිසුම් හොරෙන් අත්සන් කරන්න ඕනේ හින්දා රටේ අවධානය වෙන අතකට යොමු කරන්න යූ ටර්න් සමාගම කරපු වැඩක්. රන්ජන්ට ඇප දෙනකොට නීතිපති දෙපර්තුමේන්තුවවත් පොලිසියවත් විරුද්ධ වුනේ නැත්තේ ආණ්ඩුවේ බලපෑමක් නැතුවද? අධිකරණය, පොලිසිය සහ වෙනත් නිලධාරීන්ට බලපෑම් කළේ රන්ජන්. හැබැයි රන්ජන් නිදැල්ලේ. බලපෑම් වලට ලක් වෙච්ච නිලධාරීන්ගෙන් නිදහසට කරුණු අහනවා. උදාහරණයක් විදිහට අත් අඩංගුවට ගන්න ගිය වෙලාවේ රන්ජන් පොලිස් නිලධාරියෙක්ව බදා ගත්තහම නිලධාරියාගෙන් නිදහසට කරුණු අහනවා. හරිනම් නඩු දාන්න ඕනේ රන්ජන්ට පොලිසියේ රාජකාරියට බාධා කලාට. කැකිල්ලේ තීන්දු. මෙහෙම වෙන්නේ රන්ජන්ගේ හඬපට එලියට ගත්තේ රන්ජන්ගේත් අනුදැනුම ඇතුව ආණ්ඩුව නිසා. මේ තරම් ලංකාව අපකීර්තියට අවඥාවට හෑල්ලුවට ලක් වෙච්ච තවත් කාලයක් නැහැ. ගණිකා වෘතිය සහ මත්ද්‍රවය භාවිතය ලංකාවේ තහනම්. ඒවා ප්‍රවර්ධනය කරපු විතරක් නෙමෙයි ඒ ගැන දැන් පාසල් දරුවන්ට පවා දැන ගන්න සලස්සපු මේ තරම් අශීලාචාර අසංවර මිනිහෙක් මහජන නියෝජිතයෙක් විදිහට පාර්ලිමේන්තුවේ තවත් ඉන්න බැහැ. ඔහුව ඉවත් කරන්න ආණ්ඩුව යෝජනාවක් ගේන්නේ නැත්තේ ඩීල් එක නිසා.
අනේ මහත්තයෝ හිතාගෙන ඉන්නෙ ලංකාවේ ඉන්නෙ මෝඩයෝ කියාද ? දැනට මුලින්ම සිදුවෙලා තිබෙන්නේ ඔය සිදුවීම නැහැ කියන දේ තමයි. ඒකටද කළකම් පලදෙනව කියන්නේ. "කරන කලට පව් මිහිරිය මී සේ. විඳින කලට දුක් දැඩි වෙයි ගිනිසේ" කියන්නෙ ඕකටද වෙන්න ඇති.
ඔයාලා දේශපාලන පළිගැනීම් කළත් නොකළත් අපිට වැඩක් නෑ. මොකෝ අපි දේශපාලුවෝ නොවේ. අර පාස්කු ප්‍රහාරය, මහබැංකු මගඩිය කරපු අය අල්ලන්න විකාර දොඩවන් නැතුව. නැත්නම් වැඩි දුර ඔය පුටුවේ ඉන්න නෑ.
දන්නෝ දනිති. ඒවා ගැන කතා කෙරුවා කියලා වැඩක් නැහැ. දේශපාලුවෝ කාගේ කාගෙත් කෙරුවාවල් අපි දැනගෙන හුගක්කල්.
තිබ්බත් කමක් නැහැ. ... මම රගපාන අයට කැමැති නැහැ..........
හිනා යන කතා නොකියා ඉන්නවද?
රන්ජන් රාමනායක ලඟ තවදුරටත් හඬපටි නැහැ. මොකද මේ හඬපටි වලින් එළිවෙන දේවල් අනුව ඔහු මේවත් කොහේ හරි හංගලා තියෙන්න ඕන බරපතල ඒවා. මීට වඩා බරපතල ඒවනම් ඉතින් වෙන්න ඕන ඩොනල්ඩ් ට්‍රම්ප් රුසියාවට ගහන හැටි රන්ජන් එක්ක කරපු සාකච්ඡාවක් වගේ දෙයක් මිසක් වෙන දෙයක් නෙවෙයි. මිනිහා හොඳ මිනිහ වෙන්න අලුතින් එක එක්කෙනා එක්ක සෙට් වෙලා අලුත් ඒවා ගහල දාන්න පුලුවන්. ඒවයේ ඔක්කොම මිනිහා හොඳ මිනිහා වෙලා ජනතා වීරයෙක් වෙලා තියේවි. රන්ජන් කියනවා එයා ජූලියන් අසාන්ජ් වගේලු. ජූලියන් අසාන්ජ් වෙන්නෙ රන්ජන්ගෙන් මේවා අරගෙන හෙළි කරපු අපි නොදන්න ඒ පුද්ගලයා මිසක් රන්ජන් නෙවෙයි. වැදගත් දේ ඔහුගේ කතා ඔස්සේ හෙලි වෙච්ච පුද්ගලයන්ටත් ඒ පුද්ගලයන්ගේ නෑදෑයන්ටත් නීතිය කෙසේ වෙතත් පාරෙ නම් බැහැල යන්න බැහැ.මොකද සියලු වස්ත්‍ර වලට දීලා තියෙන්නේ.
නිකන් විහිළු කරන්න එපා. හොරුන්ව නිදහස් කරා. දැන් නිකන් ඉන්න මිනිස්සුන්ව අල්ලනවා. ඒගොල්ලෝ හොරකම් වැහුවා මේ ගොල්ලෝ ඒ ගොල්ලන්ගේ හොරකම් වහනවා. ඊට පස්සේ රටට බයිස්කෝප් පෙන්නනවා. රටේ බඩු මිල එහෙමමයි. තාප්පවල චිත්‍ර අදින එක තමයි අන්තිමට කළේ. ඒකත් රජයෙන් නෙවෙයි.
පොලීසිය දේශපාලන පක්ෂපාතිත්වයන් තොරව රාජකාරි කරනවානම්, ගිනි අවි බලපත්‍ර අලුත් කරගත් නැති සියලුම අයව අත් අඩංගුවට ගත යුතුයි නේද?
මෙවැනි ජෝකර්කාරයන්ගේ කියමන් වෙනුවෙන් වචන නාස්ති කිරීම අනවශ්‍යයයි.
මේ මනුස්සයා වෙනරටක් ගැනද කොහේද කියවන්නේ...?
දැන් අපි සමාජ මාධ්‍යවල යන රසකතා රෙකෝඩ් කරගෙන ඉන්නවා.
ශ්රී ලංකාවේ රාජ්‍ය පාලනය නීතීය කොහොමද? රන්ජන් රේකෝඩ් හෙලිකරයි අපේ සර්වබලඡන්දය කොහේද?