IMG-LOGO

2025 පෙබරවාරි මස 15 වන සෙනසුරාදා


‘රංජන්ලාගේ වචන ජනප්‍රිය වෙන්න භාවිතා කිරීමෙන් රටම කැළඹනවා’

(ජේ.කේ.එල් චාමින්ද)

රන්ජන් රාමනායක වැනි අයගේ වචන දේව වාක්‍ය හැටියට සළකා ජනමාධ්‍ය ජනප්‍රියවිම සඳහා ගන්නා  උත්සාහයේ ප්‍රතිඵල විසින් මුළු රටම කළඹවන්නේ යැයි ශ්‍රි ලංකා රාමාඤ්ඤ නිකායේ දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක ආචාර්ය ඕමල්පේ සොභිත හිමියෝ පවසති.

ගාල්ල ලබුදුවේ දී අද (17) පැවති පුරන්කුඹුරු අස්වැද්දිමේ වැඩසටහනකට සහභාගී වෙමින් පසු මාධ්‍යයට අදහස් දක්වමින් උන්වහන්සේ මේ බව සදහන් කළහ.

එහිදී උන්වහන්සේ වැඩිදුරටත් මෙසේ ද කීහ.

‘ඇත්තටම වැදගත් වෙන්නේ ඔහු වැරදි ක්‍රියාවක් නිතිවිරෝධි ක්‍රියාවක් කරලා තියෙනවා නම්  වහාම මේ රටේ නිතිය ඔහුට විරුද්ධව ක්‍රියාත්මක විය යුතුයි. ඒවා ප්‍රචාරය කර කර ඉන්න අවශ්‍ය නැහැ. විශේෂයෙන්ම මේ වගේ සිද්ධින්  උපක්‍රමශිලිව කරන වැඩද කියා හිතෙනවා ජනතාව මුහුණ දෙන සත්‍ය ප්‍රශ්න  ප්‍රායෝගික ප්‍රශ්න වසන් කරලා අනවශ්‍ය දේවල්වලට මිනිසුන්ගේ අවධානය යොමු කිරිම සදහා වු  උපාය උපක්‍රමයක් බව අපට පේනවා. රන්ජන් රාමනායකගේ හෝ  වෙනත් අයකුගේ හෝ හඬපට  නැතිනම් වෙනත් ප්‍රශ්නයක් පිළිබඳ නිතිවිරෝධි ක්‍රියාවන් වෙනවා නම් එයට විරුද්ධව  නිතිය ක්‍රියාත්මක විය යුතුයි.

එක රසකර කර තළු මර මර ඉන්න අවශ්‍යතාවයක් නැහැ. පුරන්කුඹුරු අස්වැද්දීම පිළිබඳ මේ වගේ දේවල්වලට ප්‍රචාරය දෙන්න. රන්ජන්ලාගේ කථා අපිට වැඩක් නැහැ. අනවශ්‍ය කරුණු කෙරෙහි ජනතාවගේ  කථිකාවන් ඇති කිරිම සම්බන්ධව පළමු චෝදනාව එල්ලවන්නේ ජනමාධ්‍යයට.  ජනමාධ්‍ය මේ තියෙන සිද්ධින්  අනවශ්‍ය ලෙස ප්‍රචාරය කිරිම මගින්  බවද උන්වහන්සේ වැඩිදුරටත් සඳහන් කළහ.



අදහස් (31)

‘රංජන්ලාගේ වචන ජනප්‍රිය වෙන්න භාවිතා කිරීමෙන් රටම කැළඹනවා’

jim kuru Friday, 17 January 2020 01:32 PM

ඔබ වහන්සේ හරි අපේ හාමුදුරුවනේ...

:       92       153

රාමා Friday, 17 January 2020 05:32 PM

රංජන්ලාගේ වචනවලින් සහ හඬපටවලින් මාධ්‍යවලට නිකුත් කරමින් සමහර සිවුරු පොරවාගත් ස්වාමීන් වහන්සේලා හොඳ විනෝදයක් ලබමින් සිටියි.

:       10       127

ruchiraSaturday, 18 January 2020 10:40 AM

හාමුදුරුවනේ, ඔබ වහන්සේ මොකද කලබලවෙලා..? ඔබ වහන්සේ සිල්වත් කෙනෙක් නම් සිටිය යුත්තේ බණ භාවනා කරමින් පන්සලෙයි, නැතිනම් වනයෙයි. ඔය නරි ජීවත්වන දියවන්නාවේ නොවෙයි. ඔබ වහන්සේගේ හඬපටි, වීඩියෝ තැටි තියෙන බව කවුරුත් කථාවෙනවා.

:       53       220

athuraSunday, 19 January 2020 05:59 AM

රුචිර එහෙම එකෙක් තියනවානම් ඒක ගිහින් පොලීසියට දෙන්න මෙතන බොරු වපුරන්නේ නැතුව.

:       0       0

Mahee Friday, 17 January 2020 01:55 PM

ඔබ වහන්සේගේ වචන දේව වාක්‍යයක් වගේ සත්‍යයි. ආණ්ඩුව මේක හිඟන්නාගේ තුවාලය බවට පත්කරගෙන. මාධ්‍ය වලට තලුමරමර හපන්න දෙයක් ලැබිලා. ඒ අස්සේ එළවලු, හාල්වලින් අපිට හොඳට වදිනවා. මේ ගැන කටක් අරින්න වෙලාවක් විපක්ෂයට නෑ. ඒ ගොල්ලෝ සිංහාසනේ බෙදාගන්න බැරුව මරාගන්නවා.

:       362       332

Chathuri Friday, 17 January 2020 02:11 PM

තලු මරමින් රස කරලා පතුරුවන්නේ දේශපාලකයින් රටට පෙන්වන්නේ එයාලා තමයි. රන්ජන්ගේ හොර වැඩ ඇල්ලුවේ කියලා, ඡන්ද ගන්න එකක්, තමන්ගේ හිත මිතුරන් හිරෙන් නිදහස් කරගන්න පුළුවන් ජනතාව උසි ගැන්නුවොත්, මෝඩ හරක්, රන්ජන්ගේ කතා අහලා මිනීමරුවන්, කුඩ්ඩන් නිදහස් කරන තරමට මිනිසුන් ගොනාට අන්දලා. ඊටපස්සේ මේකතමයි අලුත්ම සෙල්ලම වෙන්නේ ඉදිරියේදී. මහාපරිමාණ හොරුන්, මිනීමරුවන් මේ වගේ හඬපට හදලා එළියට එන්න බලයි මුදල් තියෙනවා නම් ඕන දෙයක් කරයි. රන්ජන්ගේ කතා නතර වෙන්නේ නැහැ. වේදිකාවේ නගිනකම් ඉන්නේ කට්ටිය යකඩ කටින් බෙරිහන් දීලා කියන්න. අර ඉන්නේ පාස්පෝට් අඩු වයසින් ඉපදුණු දැනටමත් කතාව ලියනවා ඇති වේදිකාවේ කියල එයා ප්‍රසිද්ධ වෙන්න.

:       1       134

Muhan Friday, 17 January 2020 02:36 PM

ඔබවහන්සේ ප්‍රකාශ කරන දේ තේරුම් ගැනීම රූපවාහිනී නාලිකාවල හඩපට ගැන කියවන හාමුදුරුවන්ට තේරුම් ගැනීම හැකිවේවායි පතමි...

:       4       220

.සුමනරතන හිමි Friday, 17 January 2020 02:48 PM

ඔයාගේ හඬපටිත් ළඟදීම එළියට ඒවි... අර මිනීමරුවන්ට සපෝර්ට් කරපු ඒවා...

:       870       618

GuneFriday, 17 January 2020 03:29 PM

සුමනරතන, ඔහේ පාවිච්චි කරපු භාෂාවෙන්ම කියන්න පුළුවන් මේ කමෙන්ට් එක ලියන්නම තමයි සිව්රක් දාගත්තේ, කියලා. ගිහියෙක් "හිමි" කියාගන්න එක පාපයක්, තේරුණාද?

:       147       966

වෑබොඩ සුමනරතන හිමි Friday, 17 January 2020 05:36 PM

ගුණේ මහත්මයාණෙනි, මම මේ කමෙන්ට් එක දමන්න සිව්රක් පොරවාගත්ත හොර මහණෙක් නොවෙමි. "..ඔයාගේ හඬ පටිත් ළඟදීම එලියට එ්වි...අර මිනීමරු ඒ එස් පීට සපෝර්ට් කරපු ඒවා. " ඒ කතාව රටේ කව්රුත් දන්නවනේ. මම කිසිම දේශපාලන පක්ෂයකට කඩේයන වර්ගයේ හාමුදුරු නමක් නොවෙමි. සමාජ අසාධාරණය වෙනුවෙන්, අසරණ භාවයට පත්වුණු අය වෙනුවෙන් පෙනී සිටින බුද්ධ පුත්‍රයෙක් පමණයි.

:       809       1025

PrabaSaturday, 18 January 2020 12:32 AM

අනේ හාමුදුරුවනේ... සිව්රේ බලයෙන් කඩේ යන එක නවත්තලා සෝභිත හාමුදුරුවො කියන කතාව ඇත්තද බොරුද කියන්න. බොරුනම් කොහොමද බොරුවක් වෙන්නේ කියලා ධර්මයෙන් පහදා දෙන්න.

:       67       10

සංජීව Saturday, 18 January 2020 08:02 AM

එහෙම දෙයක් දන්නවා නම් පොලිසියට ගිහින් කට උත්තරයක් දෙන්න. උසාවියක නඩුවක් යනවා නම් සාක්ෂි දෙන්න. මෙතන කැලෑ පත්තර ගගහ හාමුදුරුවන්ට අපහාස නොකර... පක්ෂයකට කඩේ යන්නේ නැහැලු. ඒ වුණාට කඩේ යන පක්ෂයට විරුද්ධව දෙයක් කියපුවාම කුලප්පු වෙලා. මහ ලොකු බුද්ධ පුත්‍රයා...

:       29       1

sunimal - horana Saturday, 18 January 2020 07:18 PM

මමත් ඔය ප්‍රශ්නය දන්නවා. කැලෑ පත්තරයක් නොවෙයි ඇත්තක්. අහිංසක මිනිහෙක්ව ඒ මිනිහාගේ ගෙදර පළවෙනි තට්ටුවෙන් පහළට තල්ලු කරලා මැරුවා. ඊට පස්සේ පොලීසියට බලපෑම් කළා. මිනීමරුවා ඇප ලැබී එළියට එද්දිත් එතනට ගිහින් පිරිත් කියලා මිනිහාව එක්කගෙන ගියා. කෙසේ හෝ ඒ නඩුව අායෙත් ඇදිලා ආවා.

:       0       0

athuraSunday, 19 January 2020 06:01 AM

සහතික ඇත්ත සංජීව මහත්මයා.

:       0       0

Gune Friday, 17 January 2020 03:24 PM

හිරුණිකා කියනවා එයාගේ හඬපට හැටියට ප්‍රචාරය කරන දෙකෙන් එකක් තනිකරම කට හඬ කවපු සංස්කරණයක් කියලා. වෙන්නත් පුළුවන්... ආණ්ඩුවට ඕන වෙලා තියෙන්නේ පුළුවන් තරම රන්ජන්ව නැති කරලා දාන්න... ඇයි? රාජිතලට, චම්පිකලාට වගේ නෙමෙයි රන්ජන්... ජනප්‍රිය පුද්ගලයෙක්. මිනිස්සු ඔහුට කන්දෙනවා. ඒ නිසා ආණ්ඩුව තදබලම ප්‍රහාරය එල්ල කරන්නේ රන්ජන්ට. අනික් දෙන්නා දවස දෙකතුනෙන් අමතක කරලා දාපු අපේ මිනිස්සු දැන් හොඳ මෝඩ චුන් එකක් ගනිමින් තලු මරමරා ඉන්නවා.

:       210       131

rathuvithanaSaturday, 18 January 2020 10:35 AM

අනේ ඔයාගේ විචාරය. ඔහේගේ ඔය දුෂ්ශිලයින්ට වැඩි දවසක් සෙල්ලම් කරන්න බැරිවේවි...!!!

:       2       0

Chaminda Friday, 17 January 2020 03:26 PM

ඔබ වහන්සේත් හොඳටම බයවෙලා වගෙයි..

:       142       212

sagarika perera - kandySaturday, 18 January 2020 10:28 AM

බය නොවී කොහොමද? දැනට පොලිසියේ සහ අල්ලස් දූෂණ ඒකකවල ඊට විරුද්ධව මිනීමැරීමට උදව්කිරීම වැනි ලොකු චෝදනා තියෙනවා.

:       1       37

athuraSunday, 19 January 2020 06:02 AM

මේ දෙන්නම චිචී බේබිගෙ බලකායේ කට්ටියද කොහෙද .......................

:       0       0

wije Friday, 17 January 2020 04:44 PM

අනේ අපේ හාමුදුරුවනේ මේවා අලුත් දේවල් නෙවෙයි. බණ්ඩාරනායක මහත්තයගෙන් පස්සේ පත්වුණු හැම රජයක්ම තමන්ගේ රජයේ වාසියට, පැවැත්මට මේ දේවල් කරලා තියෙනවා. ඒ කාලයේ මෙච්චර තාක්ෂණය දියුණු නැතිවුණාට පුළුවන් විදියට මෙවැනි බලපෑම් කරලා තියෙනවා. ඉදිරියේදීත් මේවා නොවේවි කියලා නම් හිතන්න අමාරුයි. මෙතන තියන ප්‍රශ්නය කතාකරපු දේවල් පටිගත කරලා තියාගන්න තරම් රන්ජන් ළදරුවෙක් වූ එකයි. එක අතකින් අපේ හාමුදුරුවනේ.. මෙහෙම වෙච්ච එකත් හොඳයි... මොකද මේ රටේ සමාජයේ සැබෑ තත්වය මුළු රටටම එළිදරව් වුණා. මම නම් ඒ ගැන රන්ජන්ට ස්තුතිවන්ත වෙනවා...

:       0       105

rajithaSaturday, 18 January 2020 07:20 PM

අනේ එහෙමයි හාමුදුරුවනේ.......අපේ බණ්ඩාරනායක මහත්තයාටත් දුන්නේ ඔබවහන්සේලාගේ කට්ටියනේ.

:       1       0

සෙනෙවිරත්න Friday, 17 January 2020 05:42 PM

හාමුදුරුවෝ කෙනෙක් ඇත්තක් කිව්වා කාලෙකට පස්සේ

:       18       75

VIDYA Saturday, 18 January 2020 01:14 AM

අනේ හාමුදුරුවනේ කුඹුරු ගොවිතැන තරුණ තරුණියෝ පටන්ගත්තේ දේශපාලන කාරයොත් එක්ක නෙමේ. හාමුදුරුවෝ ධර්ම අවබෝධය දියුණු කරගෙන මේ සසරෙන් එගොඩ වන්න බලන්න. අනිත් කරුණ තමයි... නිකාය තුනම එකතු කරලා එක නිකායක් හදලා වියදම් අඩුකරගෙන වැඩ කරන්න පටන්ගන්න. චීවරයේ ගෞරවය ආරක්ෂා කරන්න. රන්ජන්ගේ පටිවලට කියන්නේ හඬපට කියලා. ඕවා නිකම් ඉන්න මිනිස්සුන්ට අහන්න තියෙන දේවල්....

:       3       2

Bandu Saturday, 18 January 2020 02:44 AM

මේ දෙයින් වැඩිය ආශ්වාද ලබන්නේ පුද්ගලික නාලිකා... උදේ ඉඳන් රෑ වෙනකම් දෙන්නේ ගොසිප්ම තමයි. මෙවැනි දේවල් වර්ජනය කළ යුතුයි. නැතිනම් ජනතාව පාරට බැහැලා වර්ජනය කරන කාලය වැඩි ඈතක නැත.

:       0       28

සෙනෙවි Saturday, 18 January 2020 04:20 AM

රංජන්ගේ හඬපට වලින් චම්පිකගේ අපරාධ හෙලිවෙන නිසා හාමුදුරුවන් ඒවා නිහඬ කරන්න හදනවා වගේ...

:       83       413

ranaSaturday, 18 January 2020 06:27 AM

ගල් වදින බල්ලෝ බුරනවා යන කියමනේ අදාලයක් ඇද්දෝ යැයි හිතෙනවා !

:       17       75

suchiSaturday, 18 January 2020 10:30 AM

ඕන වැඩක් කරලා වහගෙන ඉන්න අය ඕනෑතරම් මෙහෙ ඉන්නවා. ඒ අය බයයි හඬපටි වලට...

:       0       18

Bamunuarachchi Saturday, 18 January 2020 10:51 AM

රන්ජන් මොනවගේ මිනිහෙක්ද කියලා ජනතාවට දැනගන්න අවස්ථාවක් දිය යුතුයි අපේ හාමුදුරුවනේ. ඒ එක්කම එයා සමග සම්බන්ධකම පැවැත්වූ අය ගැණත් අපි දැනගත යුතුයි. මෙයා සමග සම්බන්ධකම් පැවැත්වූ විනිශ්චයකාරවරුන් ගැන අපි දැනගත්තේ නැතිනම් අපි ඒ ගොල්ලන්ට, විනිසුරුවන්ට ලැබිය යුතු ගෞරවය දෙනවා. නමුත් දැන් අපි ඔවුන් අලුයම දමන කෙල පිඩක් සේ සලකනවා.

:       1       14

සෙනෙවිරත්න Saturday, 18 January 2020 12:20 PM

විනිසුරුවන්ට කතා කළ එකම පුද්ගලයා රංජන් නම් ඔබ පලමු ගල ගහන්න යැයි කිව හැකිය.

:       0       3

Samantha Badda Saturday, 18 January 2020 03:39 PM

නිකම් අහිංසක ජනතාව රවටන්න එපා. චීවරය දමාගත් සැනින් මෙලොවේ කිසිවෙක් "හිමිනමක්" වෙන්නේ නැහැ. ආශාවල් අතුරුදහන් වෙන්නේ නැහැ. ඔබලා අර සැලුන් දොරෙන් යන එන ගමන් පංචස්කන්ධය ඉතා හොඳින් පිනවන අය බව ඇස්, කන් (සහ නහය) ඇති පියවි අයට ඉතා හොඳින් වටහා හත හැකි වේ. දේශපාලුවන් සමග එක්වී, වැදීබණ රසකර අප හට දෙසමින්, මහජනයාගේ ඔලුවලට (සහ මුදල් පසුම්බි වලට) බැස ඔවුන්ව රවටා සැප විඳින ඔබලාගේ කඩය අකුලා ගැනීමට වෙන කාලය ඉතා ලඟයි. පමා නොවන්න. කපටි දේශපාලුවන්ට ඔබලා ඉතා වටිනා රන් ආකරයෙකි. අදම ගොස් ඔවුන්ව පරෙස්සම් කරන්න.

:       85       50

ramith- kandy Saturday, 18 January 2020 07:32 PM

සමන්ත, නියමයි ඇත්තයි. දේශපාලනය සංඝයා වහන්සේලාට අවශ්‍ය දෙයක් නොවෙයි. අපි දෙගොල්ලක්. අපේ වැඩ වලට අත දමන්න ඒ අයට කොහෙත්ම බැහැ. ඕනෙම නම් උපැවිදිව ඕන දෙයක් කරන්න. අපේ රටේ දේශපාලනයෙන් සංඝයා අයින්ම කළ යුතුයි.ඒ සඳහා නීති සැකසිය යුතුයි. දේශපාලනයයි ආගමයි සම්පුර්ණයෙන්ම වෙන් කළ යුතුයි. යමෙක් මහණදම් පුරන්නේ ලෝකෝත්තර සුවය පතාගෙන මිසක් දියවන්නාවට යන්න නොවෙයිනේ. අවුරුදු 70 ක්ම රට කරපු දේශපාලුවන්ට අර්ථයෙන් ධර්මයෙන් කියා කියා ලණු දුන්නේ මේ පුජක සෙට් එක බව දැන් කව්රුත් දන්නවා. රූපවාහිනිය දැම්මොත් ආණ්ඩුවේ ප්‍රකාශකයා වගේ ඉන්නෙත් චීවරධාරියෙක්. එයාට නඩු කිහිපයක්ම තියෙනවා උසාවියේ බාල අපචාර කිරීම් ගැන.මේ කට්ටියම ඒ කියන්නේ සිවුරු කාරයොයි,ලෝගු කාරයොයි,ලේබ්බෙලයි,සාමිලයි ඔක්කොම දේශපාලනයෙන් සම්පුර්ණයෙන්ම අයින් කළ යුතුයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 

එසැණ පුවත්

මහාචාර්ය සනත් නන්දසිරි වෙනුවෙන් සමරු මුද්දරයක්
2025 පෙබරවාරි මස 15 206 0

දිවංගත මහාචාර්ය සංගීත් නිපුන් සනත් නන්දසිරි මහතාගේ 83 වැනි ඡන්ම දිනය වෙනුවෙන් තැපැල් දෙපාර්තමේන්තුව මගින් සමරු මුද්දරයක් උඩහමුල්ල සිරි ජිනරතනාරාම වි


දරුවන් අතරමං නොවන අධ්‍යාපන ක්‍රමයක් ඇති කරනවා
2025 පෙබරවාරි මස 15 235 0

දරුවන් අතරමං නොවන අධ්‍යාපන ක්‍රමයක් ඇති කිරීම වර්තමාන ආණ්ඩුවේ අරමුණ බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය පැවසුවාය.


මිනුවන්ගොඩ වෙඩි තැබීමට දෙකක් සැක පිට
2025 පෙබරවාරි මස 15 420 1

මිනුවන්ගොඩ ප්‍රදේශයේ පාසලක් අසලදී කරවල ව්‍යාපාරිකයෙකුට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ආධාර අනුබල දුන් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත


විද්‍යා පීඨ ගුරු පුහුණුව හොඳ කළක් යයි
2025 පෙබරවාරි මස 15 1078 1

විද්‍යාපිඨ තුලින් දෙන ගුරු පුහුණු අධ්‍යාපනය වසර 15කින් වෙනස්වී නොමැති බවත් ගුරුවරුන්ගේ වෘත්තීයභාවය වර්ධනය කරමින් නවීණ අධ්‍යාපන දැනුමින් සන්නද්ධ කි


කඩවත ගනේමුල්ල පාරේ ගිනිගත් මළ සිරුරක්
2025 පෙබරවාරි මස 15 1717 0

කඩවත මංගල මාවත ආසන්නයේ පිහිටි ලඳු කැලෑවක තිබී සිරුරට ගිනි ඇවිලනු මළ සිරුරක් අද (15) හමුවූ බව කඩවත පොලිසිය පවසයි.


මාර්ග අධිකාරිය අයිති නැති වැඩට කෝටි 14000ක් පුදලා
2025 පෙබරවාරි මස 15 1354 3

මාර්ග සංවර්ධන අධිකාරිය තම විෂය පථයට අයත් නොවන මාර්ග ප්‍රතිසංස්කරණය සඳහා රුපියල් කෝටි දා හතර දහස් හත්සිය පහළොවක් (14715ක් ) වැය කර ඇතැයි ජාතික විගණන කාර්යා


මේවාටත් කැමතිවනු ඇති

Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක් 2025 පෙබරවාරි මස 07 221 1
Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක්

ශ්‍රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 133 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 953 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

Our Group Site