IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


රංජන්ට එරෙහි නඩු විභාගය ජනවාරි අන්තිම

(රංජන් කටුගම්පොළ සහ තිළිණි ද සිල්වා)
 
සමාජ සවිබල ගැන්වීමේ සහ සුබසාධන නියෝජ්‍ය අමාත්‍ය  රංජන් රාමනායක මහතා අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් වන චෝදනා පත‍්‍රය  විභාගයට ගැනීම  ලබන වසරේ ජනවාරි 28 , 29 සහ 30 යන දිනයන්හි සිදු කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (10) දින නියම කළේය.
 
මෙසේ දින නියම කරන ලැබුවේ සිසිර ද ආබෲ , ප‍්‍රසන්න ජයවර්ධන සහ විජිත් මළල්ගොඩ මහත්වරුන් ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසිනි.
 
මෙම චෝදනා පත‍්‍රය අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතීඥ ප‍්‍රියන්ත නාවාන මහතාගේ මෙහෙයවීම මත සාක්කි දුන් ශ්‍රේෂ්ඨාධිකරණ ලේඛකාධිකාරී ප‍්‍රදීප් මහමුතුගල මහතා මෙසේද කීය
 
‘‘ මෙම වසරේ මැයි 10 වැනිදා මම ශ්‍රේෂ්ඨාධිකරණ ලේඛකාධිකාරී හැටියට වැඩ බාර ගන්නා මෙම සිද්ධියට සම්බන්ධ පෙත්සම් දෙකක් මා වෙත ලැබුණා.ඒවායේ අංක පිළිවෙළින් එස්.සී 4 / 17 සහ 5 /18  වේ.
 
එම පෙත්සම්වල පෙත්සම්කරුවන් වන්නේ රණවීර සුනිල් පෙරේරා සහ මාගල් කන්දේ සුදත්ත හිමියන්ය.
 
මෙම පෙත්සම් දෙකම ඉදිරිපත් කර ඇත්තේ රංජන් රාමනායක මහතා විසින් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 105 (3) යටතේ අධිකරණයට අපහාස කිරීමේ සිද්ධියක් සම්බන්ධවයි.මෙම සිද්ධියට අදාළ සංයුක්ත තැටිය මා සිරිස ආයතනයෙන් ගෙන්වා ගත්තා මෙම සිද්ධියට අදාළ රීති ආඥාව රංජන් රාමනායක මහතාට බාර දුන්නා. යැයිදී ශ්‍රේෂ්ඨාධිකරණ ලේඛකාධිකාරීවරයා වැඩිදුරටත් කීය.
 
විත්තිකරු රංජන් රාමනායක මහතා වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතීඥ එම්.ඒ සුමන්තිරන් මහතා 
 
මෙම පෙත්සම් දෙකෙහිම දෙවැනි පරිච්ඡේදයෙහි ව්‍යාකරණ දෝෂයක් සහිතව එකම වගන්තියක් සඳහන් වනවාද ?
 
සාක්කිකාර ශ්‍රේෂ්ඨාධිකරණ ලේඛකාධිකාරී : ඔව්
 
සාක්කිකරුගේ සාක්කි විමසීම අවසන් විය.
 
විත්තිකරුගේ සාක්කි ලැයිස්තුව ජනවාරි 14 වැනිදා අධිකරණය හමුවේ ගොනු කරන ලෙස නියෝග කළ අධිකරණය ලබන ජනවාරි 28 , 29 , සහ 30 යන දිනයන් හිදී චෝදනා පත‍්‍රය විභාගයට ගැනීමට දින නියම කළේය.
 
නියෝජ්‍ය අමාත්‍ය  රංජන් රාමනායක මහතා අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් වන චෝදනා පත‍්‍රයේ මෙසේ සඳහන් වේ.
 
විත්තිකරු ශ්‍රී ලංකා ප‍්‍රජාතන්ත‍්‍රවාදී සමාජවාදී ජනරජයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයෙකුව සිටිමින් සමාජ සවිබල ගැන්වීමේ සහ සුබසාධන නියෝජ්‍ය අමාත්‍ය දූරය දරමින් 2017 අගෝස්තු 21



අදහස් (2)

රංජන්ට එරෙහි නඩු විභාගය ජනවාරි අන්තිම

ගල්කටස් Tuesday, 11 December 2018 02:21 AM

විනිසුරුතුමා අනිවාර්යයෙන්ම එයාගෙ පැතතට වාසිය කියලා දන්නවා බය වෙන්න දෙයක නැහැ එතුමා ඔය නඩුව දිනලා පෙන්වනවා 3:2 කින් ෂුවර්ම තමා

:       0       0

de silva Tuesday, 11 December 2018 07:57 AM

එතකොට විජයකලා මහේෂ්වරන්ගේ නඩුව කවදද? 2020 දීද? එහෙම නැත්නම් එක ඉදන් නඩුවක් වගේ අවුරුදු 10-15 ගත වේවිද ?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 514 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 264 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1060 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site