(නාලක සංජීව දහනායක)
හිටපු නියෝජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතා හා රජයේ උසස් නිලධාරීන් අතර වූ දුරකතන සංවාද සංවාද ඇතුළත් හඬපට සම්බන්ධයෙන් පාර්ලිමේන්තු විවාදයක් පවත්වන ලෙස සභානායක අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගෙන් ඉල්ලීමක් කරන බව රාජ්‍ය බැංකු සහ ණය යෝජනා රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා අද (7) පැවැසීය.
එම දුරකථන සංවාද ඇතුළත් හ`ඩපට නිසා පාර්ලිමේන්තු කාර්යබාරයටත් විශාල කැළලක් ඇතිවූ බව ද රාජ්‍ය අමාත්‍යවරයා කීය.
ඔහු මේ ආකාරයට දුරකතන සංවාද ඇතුළත් දත්ත ගබඩාවක් පවත්වාගෙන ගියේ ඇයිද යන්න ප‍්‍රශ්නයක් බව කී රාජ්‍ය අමාත්‍යවරයා මෙම හඬ පට සම්බන්ධයෙන් පාර්ලිමේන්තු විවාදයක් පැවැත්වීමෙන් තවත් බොහෝ කාරණා හෙළිදරවු කර ගත හැකි වනු ඇතැයිද පැවැසීය.
එමෙන්ම මෙම හඬපටවල සත්‍ය අසත්‍යතාවය හා ඒවාට සම්බන්ද පුද්ගලයන් සම්බන්ධයෙන්ද රජය වහාම හෙළිදරව් කළ යුතු යැයිද රාජ්‍ය අමාත්‍යවරයා කීය.
අරලියග මන්දිරයේ අද (7) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
2025 දෙසැම්බර් මස 18
584
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
287
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1088
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
‘රංජන්ගේ හඬපට ගැන පාර්ලිමේන්තු විවාදයක් තියන්නැ’යි ඇමැතිගෙන් ඉල්ලීමක්