(ජයන්ත සමරකෝන්)
රක්ෂිත බන්ධනාගාර බාරයට පත් කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතාගේ සුව දුක් බැලීම සඳහා එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී වරුන් වන හරීන් ප්‍රනාන්දු, හේෂා විතානගේ හා පාලිත තෙවරප්පෙරුම යන තිදෙනා අද (16) බන්ධනාගාරය වෙත පැමිණියේය.
මේ වන විට සැකකාර මන්ත්‍රීවරයා එහි ජී වාට්ටුවේ දැඩි ආරක්ෂාව යටතේ රඳවා සිටින අතර ඔහු බැලීම සඳහා සෙසු රැඳවියන්ට එහි යාම තහනම් කර ඇතැයි ද පැවසේ.
ජේලර්වරයකුගේ බාරයේ මෙම සිරවාට්ටුව පවත්වාගෙන යන අතර එහි එක් සිරකුටියක් සැකකාර මන්ත්‍රීවරයා වෙනුවෙන් වෙන් කර ඇතැයි දැනගන්නට තිබේ.
සැකකාර මන්ත්‍රිවරයා පිටතින් ආහාරපාන ලබාගැනීම සඳහා මෙතෙක් ඉල්ලීමක් කර නැතැයි එහි ප්‍රකාශකයෙක් සඳහන් කළේය.

COMMENTS
එයා කොහොමත් පිටතින් ආහාරපාන නිසා තමයි රස විඳින්නෙත්. මේ මන්ත්‍රීලා ඒවාත් අරන් ගියා නම්...
ඔය එන්නේ එක වල්ලේ පොල්.................
මම මේ බලන් ඉන්නේ ඔබ ඇයි තවම බන්ධනාගාර රෝහලට ගියේ නැත්තේ කියලා ? ඇත්තටම ලෙඩ වුනත් අනික් ලොක්කන්ට වගේ එහෙම නිර්දේශ දෙන්න හිර ගෙදර කට්ටිය දැන් බය ඇති. කොහොමත් රන්ජන් ඔය වරප්‍රසාද නොඉල්ලන බව නම් නිසැකවම කියන්න පුළුවන්. සමහරවිට රන්ජන්ට කලින් අර ආණ්ඩුව එලියට ගන්න වලිකන එක්කෙනා නිදහස් වෙයි.
එකට හිටපු අයනේ ඉතින්...
මේකත් රඟපෑමක් කියා හිතාගෙන ඉන්න.
දී කිරි කෙසේ වෙතත් "සුනඛ කිරිවලට " නෑකම් කියන " කලවැද්දන් "සාක්කි කියන්නේ මේවට...එක පට්ටියේ මිහරකුන්ගේ ජාන කෙසේ වෙනස් වෙන්නේද නැද්ද රන්ජෝ... ?
මොන සුව දුක්ද? මොකෝ අසනීප වෙලා හිටියේ නැහැනේ. ඔය එන්නේ එකම වල්ලේ පොල්. ඔය කට්ටියම ලෙඩ්ඩු තමා.
හරීන් නම් එන්නේ මොකටද කියලා අපි දන්නවා. අනිත් දෙන්න එන්න ඇත්තේ එ් ගොල්ලන්ගේ වාර්තාත් හඬපටවල ඇත්ද නැත්ද කියලා දැනගන්න.
හිරුණිකා ආවේ නැද්ද රන්ජන් අයියව බලන්න? පව් නේද අනේ. අර ජමපර් හාදයා රන්ජන් ජමපර් ඇඳන් ඉන්නවා බලන්න එන්න ඇති....