(ඉන්දිකා රාමනායක)
හිටපු නියෝජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතාගේ නිවසින් සොයාගත් විවිධ පුද්ගලයන්ගේ දුරකතන සංවාද සහිත හඬපට සහ සංයුක්ත තැටි සොයා ගැනීමේ සිද්ධියේ පරීක්ෂණ කොළඹ අපරාධ කොට්ඨාසයට පවරා ඇති බව පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග පවසයි.
වැඩබලන පොලිස්පති සී. ඩී. වික‍්‍රමරත්න මහතාගේ උපදෙස් මත මෙම පරීක්ෂණ අද (6) කොළඹ අපරාධ කොට්ඨාසය වෙත බාර දුන් බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.
රංජන් රාමනායක මහතාගේ නිවසේ තිබී පොලිස් බාරයට ගත් සංයුක්ත තැටි 132 ක්, දෘඩ තැටි 9 ක්, 9 එම් එම් වර්ගයේ පිස්තෝලයක්, එම පිස්තෝලයට යොදන උණ්ඩ 127 ක්, ලැප්ටොප් පරිගණක දෙකක්, සීඩී ප්ලේයර යන්ත්‍ර 2ක්, රංජන් රාමනායක මහතාගේ ජංගම දුරකතන, එම් සිම්කාඩ්පත, කොළඹ දකුණ අපරාධ කොට්ඨාසය විසින් මුද්‍රා තබා කොළඹ අපරාධ කොට්ඨාසය වෙත බාර දුන් බවද එම නිලධාරියා කීය.
බාරදුන් මෙම තැටි 132 න් 32 අසභ්‍ය ඡායාරූප සහිත සංයුක්ත තැටි බවත්, දෘඩ තැටි අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ශානි අබේසේකර, ස්විට්සර්ලන්තයට පලාගොස් සිටින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සමුහ මංකොල්ල විමර්ශන අංශයේ හිටපු ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා, කොළඹ දිස්ති‍්‍රක් පාර්ලිමේන්තු මන්ති‍්‍රවරියකගේ, මහහේස්ත‍්‍රාත්වරුන් දෙදෙනකුගේ ඇතුළු කිහිපදෙනකුගේ දුරකතන සංවාද සහිත හඬපට, පාර්ලිමේන්තුවේදී මැති ඇමැතිවරුන් සමග රහස පැවැත්වු කතාවල හඬපට, රගර් කී‍්‍රඩක වාසීම් තාජුඩීන් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හා එවකට නාරාහේන්පිට පොලිසිය කළ විමර්ශන ගොනුවක් දෙකක් ඇතුළු භණ්ඩ රැසක් තිබු බවද එම උසස් පොලිස් නිලධාරියා වැඩිදුරටත් පැවසීය.
මේවා සියල්ල හිටපු නියෝජ්‍ය ආමාත්‍ය රංජන් රාමනායක මහතාගේ නිල නිවසේ තිබී කොළඹ දකුණ අපරාධ කොට්ඨාසය ඉකුත් (4) දින අත්අඩංගුවට ගෙන තිබුණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොහොමද ඒක?
මෙතෙක් කල් සියල්ලන් සාදාරන අයෙකු බව සිතා සිටි, රන්ජන්ගේ බලු වැඩ හෙළිවන්නේ ඔහු ශානි අබේසේකර සමග යෙදෙන දුරකථන සංවාදය ඇසීමෙනි. විනිසුරුවන්ට බලපෑම් කිරීම සහ ඒ සදහා කතිකා කිරීම පස් අවුරුදු සිරදඩුවමක් බව නීතිය හොදින් දන්නා ඔවුන්ම එකහෙලා එම සංවාදය අතරතුර පිළිගනී. එසේනම් තවත් අටුවා ටීකා කුමටද? එසේනම් තවත් " මෙරට කුමට අදිකරණය නීතිය සහ විනිසුරන්?" මහජනතාවගේ මතය අනුව උසාවි ඇත්තේ, වරද පෙනී පෙනී වැරදිකරුවන්ට ඇප දීමට පමණද?
බොල රන්ජන් ඇත්තෝ , බොට මක්කෛ වෙලා තියෙන්නේ ? බලන් ගියාම හුරා ඇත්තෝ සිංහ හමක් නොවැ පොරොන හිටියේ. අපේ වරිගේ උන් දොඩෝනවා උබල ඇත්තෝ ගු හත්පොලේ ගාගන හින්ද මහ උළු ගෙදරට මන්ගච්චන්ට වෙඉ කියල.
රන්ජන් ආයෙනම් පොන් කෝල් පටිගතකරන්න හිතන එකක් නැහැ. පස්සේ කාලේ කාටහරි අංචි අදින්න තමයි පටිගත කලේ දැන් ඉතින් මොකද වෙන්නේ. රන්ජගේ හිතවතෙක් ම තමයි දෙන්න ඇත්තේ. රහස් දෙදෙනෙකු අතරට ගියපසු රහසක් නොවේ
මම දැන් බලාපොරොත්තුවන්නේ සිරිකොත මාධ්‍ය ප්‍රකාශකගෙන්, රන්ජන් යනු රාජපක්ෂලාගේ ඔත්තුකරුවකු බවට මුල සිට සැකයක් තිබු බවත්, එය දැන් ඔප්පු වූ බවත්ය.
රංජන්... රංජන් තමයි රංජන්... කියපු දේවල් ඇත්ත තමයි ඔක්කොම දුෂිතයි.
මේකෙන් පෙන්වන්නේ සීයක් ඉදිරිපට මිනිමරපු අපරාධකාරයෙක් වුනත් අල්ලන එක එසේ මෙසේ පහසු කටයුත්තක් නොවෙයි කියලා. රංජන් වැනි නිර්භීත මන්ත්‍රීවරු ලංකාවට ඉතා අවශ්‍යයි.
රන්ජන්ලා වගේ මිනිස්සු නිසා මුළු අධිකරණ පද්දතිය ගැන තිබෙන විශ්වාශය නැතිවුනා. විනිශ්චය කාර වරුන්ට තිබෙන විනයෙන් පිට පැන විත්තිකරුවොත් නැතිනම් සාක්කි කාරයෝත් සමග සම්භාෂන වලදී හමුවෙන බව පෙනෙනවා . එමනිසා ජනතාවගේ සුභසිද්දිය සදහා මුළු පද්දතියම අලුතෙන් ගොඩනගන්න. රන්ජන්ලා වගේ මිනිස්සු දේශපාලනයෙන් අතුගා දමන්න. එකාලේ විනිශ්චයකාර වරයෙක් කියාන්නේ ඔවුන්ගේම පැලැන්තිය සමග ගනුදෙනු ආශ්‍රයකරන විශේෂ පැලැන්තියේ කොටසක් නමුත් අද රන්ජන්ලාවගේ මිනිස්සු සමග ආශ්‍රය කරන තත්වයට වැටිලා,
ඔක්කොම එකතුවෙලා අපිව අන්දවනවා කියලා තේරුම් නොගන්නකම් ඉතින් ප්‍රශ්න තමයි.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව යනු එක්තරා එෆ් එම් නාලිකාවක්ද?
මොනා දැනගෙනද කතා කොරන්නේ ? විනිශ්චකාරවරුන් සමග පවතින නඩු කතා කළානම් එවලේම සිරගත කළ යුතුයි. මේ රන්ජන්ගේ පන්තියේ මිනිස්සු තමයි. විනිශ්චයකාරවරයොත් රන්ජන්ගේ ලෙවල් එකට වැටෙනවානම්. ඔහේ රන්ජන්ගේ පන්තියේ වීම පුදුම නැහැ.