( +++ සුජිත් හේවාජූලිගේ)
නාරාහේන්පිට ලංකා රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ඊයේ (01) පෙරවරුවේ සාමාන්‍ය වාට්ටුවකට මාරුකර ඇතැයි රෝහල් ආරංචි මාර්ගවලින් පැවසේ.
අසනීප තත්වය සුව අතට හැරී ඇති නිසා ඔහු මෙසේ සාමාන්‍ය වාට්ටුවකට මාරු කෙරුණු බව පැවසේ.
සුදු වෑන් මාධ්‍ය සාකච්ඡාව සම්බන්ධයෙන් අධිකරණයෙන් නිකුත් කෙරුණු විවෘත වරෙන්තුවක් අනූව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අත්අඩංගුවට ගැනීමට සොයද්දී ඔහු පසුගිය 26 වැනිදා නාරාහේන්පිට ලංකා හෝහලට ඇතුළත් වූ අතර එහි දැඩි සත්කාර ඒකකයෙන් ප්‍රතිකාර ලබා ගත්තේය.
ඉන්පසුව සුදු වෑන් මාධ්‍ය සාකච්ඡාව සම්බන්ධයෙන් රාජිත සේනාරත්න මහතා රිමාන්ඩ් බන්ධනාගාර ගත කෙරුණේද ඔහු එම රෝහලේ ප්‍රතිකාර ගනිමින් සිටියදීය.
අනතුරුව සේනාරත්න මහතා ඇප මත මුදාහරිනු ලැබීය.
ඇප ලැබීමෙන් පසුවද රෝහලේ නැවතී ප්‍රතිකාර ලැබූ ඔහු අද රෝහලෙන් පිටවී යනු ඇතැයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.
සුදු වෑන් ප්‍රවෘත්ති සාකච්ඡාව සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනුණු ඒ ප්‍රවෘත්ති සාකච්ඡාවට සහභාගි වූ සුදු වෑන් රියදුරන් බව පැවසුණු දෙදෙනාත් ඒ දෙදෙනාට මුදල් ලබා දුන් බව කියන රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ හිටපු සභාපති මොහොමඩ් කාසිම් මොහොමඩ් රූමි මහතාත් මේ වන විට රිමාන්ඩ් බන්ධනාගාර ගත කරනු ලැබ සිටිති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔහොම කට්ටි පැන්නට ස්වභාව ධර්මයෙන් ඔයාට ගැලවෙන්න බෑ කියලා හොඳට මතක තියාගන්න..
එස්. බී. කියලා මහත්තයෙක් හිරේ ගියා මතකද? ඒ වගේ නොවී හිටියා නම් හරිනේද ඔය මහත්තයත්...? කාට කාටත් හොඳ පාඩම්...
හිනාවෙන්න ඕනේ කොයි පැත්තෙන්ද කියලා හිතාගන්න අමාරුයි.
අයියෝ.. මම හිතුවේ අලුත් අවුරුද්දේ සතුටුදායක ප්‍රවෘත්තියක් අහන්න. ඔක්කොම ඉවරයි...
උසාවි වරෙන්තු ලැබෙන අය දැඩි සත්කාර ඒකකයේ තබාගැනීමට දැන් පුද්ගලික රෝහල්වලට අලුත් පැකේජයක් හඳුන්වා දිය හැකියි.
මමත් හිතුවා... බිල ගෙවන්නේ කවුද කියලා මතක් වෙනකොට නිකම්ම ලෙඩ හොඳ වෙයි කියලා... හැබැයි හොඳට රඟපාන්න පුළුවන්... මොකද අනිත් අය උසාවියට රෝද පුටුවෙන් ගිලන් රියෙන් ආවා.. තව අයව හතර දෙනෙක් කුදලාගෙන ඇවිල්ලා ඇප දුන්නු ගමන් අපූරුවට කෙලින් කටින් ගෙදර ගියා... ඉහෙන් බහින රෝගයක් නැතුව.. මෙයා ලස්සනට ස්වභාවික රංගනයක් දාලා වැඩේ ගොඩ දාගත්තා.
ඉතාම අසාධ්‍ය තත්වයේ ඉන්න දේශපාලුවන්ගේ ඕනෑම දරුණු අසනීපයක් පැය 24න් සුවපත් කරදෙනු ලැබේ. ඇප අයැදුම් මෝසමට ඇඟිලි අත්සන තැබීමට තරම් පණ කෙන්දක් තිබීම ප්‍රමාණවත්ය...
රෝහලේ සිටිද්දී අත්අඩංගුවට පත් වී, රෝහලේ සිටිද්දී රක්ෂිත බන්ධනාගාර ගතවී, රෝහලේම සිටිද්දී ඇප ලබා ගන්න පුළුවන් තරම් මානුෂීය නීතියක් තියෙන රටක් මේක... අහිංසක පොඩි මිනිහෙක් පොලිසියේ උදහසට ලක්වුණාම බොරු වරදවල් වල පටවලා මහේස්ත්‍රාත් ලඟට දක්කන් ගියාම මුහුණ දිහාවත් නොබලා අඩුම තරමේ දවස් 14කටවත් ඇතුළට යවන (මානුෂීය) නීතියකුත් තියෙන රටක් මේක. රටේ අධිකරණය දූෂිත බව දන දැනම ඒ ගැන කතා කරන්න බයෙන් උගුරට හොරා බෙහෙත් කන රටක් මේක...
නීතිය රවටන්න පුළුවන් වුණාට කර්මයයි, මිනිසුන්වයි රවටන්න නොහැකිය.