IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


රාජිත ඇතුළු තුනකට සිතාසි

(මනෝප්‍රිය ගුණසේකර)

මෝදර ධීවර වරාය අඩු මුදලකට බදු දීමෙන් රජයට පාඩු කළ බවට චෝදනා ලැබ සිටින හිටපු ධීවර ඇමැති රාජිත සේනාරත්න මහතා ඇතුළු විත්තිකරුවන් තිදෙනාට ඔක්තෝම්බර් 29 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙස දැනුම් දෙමින් කොළඹ මහාධිකරණ විනිසුරු ප්‍රදීප් හෙට්ටිආරච්චි මහතා අද (7) සිතාසි නිකුත් කළේය.

මීට වසර 6 කට ඉහතදී මෝදර ධීවර වරාය සමාගමකට අඩු මුදලකට බදු දීමෙන් රජයට පාඩු කළ බවට හිටපු ධීවර ඇමැති රාජිත සේනාරත්න මහතාට අමතරව ලංකා ධීවර වරාය නීතීගත සංස්ථාවේ හිටපු අධ්‍යක්‍ෂ උපාලි ලියනගේ සහ එහි කළමණාකාර අධ්‍යක්‍ෂ නීල් රවින්ද්‍ර මුණසිංහ නමැත්තන් ද චෝදනා ලැබ සිටිති.

විත්තිකරුවන්ට එරෙහිව අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් චෝදනා 05ක් යටතේ ඉදිරිපත් කර ඇති අධි චෝදනා පත්‍ර බාරදීම සඳහා විත්තිකරුවන් මෙලෙස අධිකරණයට කැඳවමින් සිතාසි නිකුත් කර ඇත.

2014 වසරේ අගොස්තු මස පළමුවැනිදාත් නොවැම්බර් මස පළමුවැනිදාත් අතර කාලයේ කොළඹදී මෝදර ධීවර වරාය ‘සී ගල්ෆ් යු.කේ.’ සමාගමට අඩු මුදලකට බදු දීම සඳහා ලංකා ධීවර වරාය නීතීගත සංස්ථාවේ අධ්‍යක්‍ෂ මණ්ඩලය පෙළඹ වූ බවටද ඒ අනුව මෝදර ධීවර වරාය එම සමාගමට අඩු මුදලකට බදු දීමෙන් රජයට පාඩු සිදුකළ බවටද විත්තිකරුවන්ට එරෙහිව අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසම චෝදනා නඟා ඇත.

එමඟින් විත්තිකරුවන් අල්ලස් පනතේ 70 වැනි වගන්තියේ දැක්වෙන දුෂණය නමැති වරද සිදුකළ බවට විත්තිකරුවන්ට එරෙහිව අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසම විත්තිකරුවන්ට එරෙහිව නඩු පවරා ඇත.

විත්තිකරුවන්ට එරෙහි චෝදනා සනාථ කිරීම සඳහා සාක්කිකරුවන් 17 දෙනෙකු ද නඩු භාණ්ඩ වශයෙන් ලේඛන 55ක් ද අධිකරණයට ඉදිරිපත් කරන බව අල්ලස් කොමිසම අධිකරණයට දැනුම් දෙන ලදී.

 



අදහස් (4)

රාජිත ඇතුළු තුනකට සිතාසි

විජේ Monday, 07 September 2020 11:40 AM

වචනයේ පරිසමාප්ත අර්තයෙන්ම තිරිසන් වැඩක් තමයි..

:       37       12

විජේ Monday, 07 September 2020 03:22 PM

තිරිසන් වැඩ කරන්නේ රාජිතයි. එහෙම නැතුව අත්අඩංගුවට ගත්තට නොවේ. එයා කොහොමත් ඉන්න ඕනේ ඇතුලේ තමයි

:       2       165

bandara Tuesday, 08 September 2020 02:04 AM

විජය ඔය එක්කමට බෙහෙත් ටිකක් ගන්න. රාජිත වගේ අය ඉන්න ඕනේ ඇතුලේ...

:       0       0

විජේ Wednesday, 09 September 2020 10:23 AM

මම අදහස් කළෙත් ඒකම තමයි, සමහර වෙලාවට අපේ අදහස් සංස්කරණය වෙනවනේ පත්තරේ මහත්තුරු අතින්... විශේෂයෙන් රාජිතගේ, රවීගේ ඒවට දාන කමෙන්ට්...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 92 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 142 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 944 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site