එෆ්.අස්ලම්
හිටපු සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතාට එරෙහිව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ සාමාජිකයින් විසින් අත්සන් කළ පෙත්සම මේ සතියේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත යවන බව එම සංගමයේ බදුල්ල ශාඛාවේ ලේකම් වෛද්‍ය පාලිත රාජපක්ෂ මහතා පැවසීය.
ඌළු පළාතේ රජයේ රෝහල්වල සේවයේ නියුතු වෛද්‍යවරුන් 527 දෙනෙකුද මෙම පෙත්සමට අත්සන් තබා ඇති බවත් ප්‍රසුත නිවාඩු ගත් වෛද්‍යවරියන් අතලොස්සක් හැර සංගමයේ සියළුම වෛද්‍යවරුන් මෙම පෙත්සමට අත්සන් තබා ඇති බව වෛද්‍යවරයා කීවේය.
රෝගී ජීවිත සුරක්ෂිත කරන වෛද්‍ය සභාවට එල්ල කරන අත්තනෝමතික බලපෑම් සිදුවන ආකාරයෙන් අත්සන් කරන ලද අත්සන් කිරීමට සූදානම් වූ ගිවිසුම් මෙන්ම වෛද්‍යවරු එල්ල කරන බලපෑම් හේතු කරගනිමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් දීප ව්‍යාප්ත පෙත්සම් ව්‍යාපාරයක් ආරම්භ කලේ රාජිත සේනාරත්න මහතා අමාත්‍ය ධූරයේ සිටියදීය.
වත්මන් දේශපාලන වාතාවරණය හමුවේ සේනාරත්න මහතා නව රජයට එක්වනු ඇතැයි සැකයක් පැවතීමත් ඔහු නව රජයටද එක්කර ගැනීමටද සුදුසු පුද්ගලයකු නොවන බවත් මෙම සංගමය සිය පෙත්සම මගින් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටිති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එ්කනම් ඇත්ත... තව තවත් කුණු එකතු කර ගන්නනම් හොඳ නැහැ තමයි...
මෙයාගේ අවසානය...
මේක ඖෂධ ජාවාරම් කරුවන්ගේ වැඩක් (ඖෂධ මාපියාවේ වැඩක්) කියලයි අපි හිතන්නේ.
අනේ ඔව් මේකා මේ ආණ්ඩුවටත් හේත්තු වෙන්න බැරි නෑ. ඒ තරම් ලැජ්ජ නෑ ............