
( මනෝප්‍රිය ගුණසේකර)
හිටපු සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතා ඇතුළු විත්තිකරුවන් දෙදෙනකුට එරෙහිව සුදු වෑන් ගැන කළ ප්‍රකාශයක් සම්බන්ධව ගොනු කළ නඩුව ලබන මාර්තු මස 15 වැනි දා සිට විභාග කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා අද ( 20) නියම කළේය.
2019 ජනාධිපතිවරණ අවස්ථාවේ මාධ්‍ය හමුවක් පවත්වමින් සුදුවෑන් වලින් මිනිසුන් පැහැරගෙන කිඹුලන් ගහණ වැවකට දැමු බවට වෙස් වලාගත් පුද්ගලයින් ලවා ප්‍රකාශයක් කළැයි ඔවුනට එරෙහිව චෝදනා ගොනු කර තිබේ.
මෙම නඩුවේ සාක්කිකරුවන්ට එදින අධිකරණයට පෙනී සිටින ලෙසද නියම කරමින් විනිසුරු සිතාසිද නිකුත් කළේය.
නඩුවේ ඉදිරිපත් කර තිබු පරිගණක සාක්කි සම්බන්ධයෙන් මූලික විරෝධතා ඉදිරිපත් කරන බවට විත්තියේ නීතිඥවරුන් කළ දැනුම්දීම අනුව එම විරෝධතා ඉදිරිපත් කිරීමට මෙම නඩුව ලබන මස 18 වැනිදා යළි කැඳවීමටද නියම කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ දවස් ටිකේ දියවන්නාවේ කිඹුලෝ බඩගින්නේ තියන්න. වැරදිකාරයා උනගමන් උස්සන් ගිහිල්ලා දාමු.
ආණ්ඩුවට තියෙන ජනතා විරෝධය වැඩිවෙනකොට මේවා එළියට එනවා.. එතකොට බයියන් ෆෝම් වෙනවා.
ඔය වෑන් කතාව පැත්තකට දාලා, නැව් ගැන කතාකරමුද?
ෆයිරූස් බොරු රැවුලගේ නඩයෙක්...