IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


රාජිතගේ ප්‍රතිශෝධන පෙත්සම අස්කර ගන්න අවසර ගනී

 

( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )

සුදු වෑන් මාධ්‍ය හමුවක් පැවැත්වූයේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන සිටි තමන්ට ඇප දුන් කොළඹ ප්‍රධාන මහේසත්‍රාත්වරිය දුන් නියෝගය අවලංගු කර, තමන් යළි රිමාන්ඞ් බාරයට පත් කරමින් කොළඹ මහාධිකරණය දුන්  තීන්දුව නීතිවිරෝධී බව ප්‍රකාශ කරන්නැයි ඉල්ලා හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ගොනු කළ ප්‍රතිශෝධන පෙත්සම ඉල්ලා අස්කර ගැනීමට අභියාචනාධිකරණය පෙත්සම්කාර පාර්ශවයට අද (30) අවසර ලබා දුන්නේය.

එම ප්‍රතිශෝධන පෙත්සම අචල වෙංගප්පුලි සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල හමුවේ කැදවූ අවස්ථාවේදී  හිටපු අමාත්‍යවරයා වෙනුවෙන් පෙනී සිටි  ජනාධිපති නිතිඥ අනිල් සිල්වා මහතා කළ ඉල්ලීම සළකා බැලීමෙන් පසවු මෙසේ නියෝග කෙරිණි.

මෙම පෙත්සම තවදුරටත් පවත්වාගෙන යාමට අපේක්ෂා නොකරන බවත් එය ඉල්ලා අස්කර ගැනීමට අවසර දෙන ලෙසත් රාජිත සේනාරත්න හිටපු අමාත්‍යවරයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයට දැනුම් දුන්නේය.

පෙත්සම අද (30) කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා අධිකරණයට දන්වා සිටියේ සැකකාර හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා මේ වන විට ඇප මත මුදා හැර ඇති බවයි.

ඒ අනුව සියලු කරුණු සළකා බැලූ අධිකරණය එම පෙත්සම අස් කර ගැනීමට අවසර දෙන ලදී.ඒ අනුව එම පෙත්සම නිෂ්ප්‍රභ කිරීමටද අභියාචනාධිකරණය තීන්දු කළේය.

එම සිද්ධිය සම්බන්ධයෙන් ලබා දී තිබූ වරෙන්තුවක් මත තමන්ව රහස් පොලිසිය විසින් ඉකුත් දෙසැම්බර් මාසයේදී සැකපිට අඩංගුවට ගනු ලැබූ බවත්, ඒ සම්බන්ධයෙන් ඇප අයැදුමක් තමන් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ගොනු කළ අතර ඒ අනුව තමන්ට ඇප ලබා දෙමින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය පසුගිය වසරේ දෙසැම්බර් මස 30දින නියෝගයක් දුන් බව පෙත්සමකරු සිය පෙත්සමින් ඉල්ලා තිබිණි.

එම නියෝගයට එරෙහිව නීතිපතිවරයා ඉදිරිපත් කල ප්‍රතිශෝධන පෙත්සම් විභාග කල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් ඉකුත් 13 වැනිදා තමන්ට ඇප ලබා ⁣දෙමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය ලබා දුන් නියෝගය අවලංගු කළ බවද පෙත්සම්කරු කියා සිටී.

ඇප පනත වැරදි ලෙස අර්ථ දක්වා මෙම මහාධිකරණ නියෝගය දී ඇති බවත් ,එබැවින් තමන්ට ඇප ලබා දීම අවලංගු කරමින් ලබා දුන් එම මහාධිකරණ තීන්දුව නීතිවිරෝධී බවට ප්‍රකාශ කරන්නැයිද පෙත්සමින් ඉල්ලා සිටී.

නීතිය වැරදි ලෙස අර්ථකථනය කරමින් තීන්දුව ප්‍රකාශ කර ඇති බැවින් පෙත්සම පිළිබඳව පූර්ණ විභාගයක් පවත්වා මහාධිකරණ විනිසුරුවරයා නිකුත් කළ ඇප අවලංගු කිරීමේ නියෝගය බලරහිත කරන ලෙස රාජිත සේනාරත්න මහතා සිය ප්‍රතිශෝධන පෙත්සමෙන් ඉල්ලා තිබේ.

පෙත්සම්කාර හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා වෙනුවෙන් ජනාධිපති නීතීඥ අනිල් සිල්වා මහතාද , නීතිපති වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතාද පෙනී සිටියහ.

 



අදහස් (0)

රාජිතගේ ප්‍රතිශෝධන පෙත්සම අස්කර ගන්න අවසර ගනී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 401 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 230 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1021 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site