(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
රාජගිරිය ඔබේසේකරපුර ප්‍රදේශයේදී පොලිස් නිලධාරියකු මෝටර් රථයේ බොනට්ටුව මතින් වැටීමට සැලසවා අනතුරට ලක් කළ මත්ද්‍රව්‍ය ජාවාරම්කරු ඇතුළු පිරිසට පළා යාම සඳහා මෝටර් රථයක් සැප වූ බව පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි
සැකකරු ඔහු නුගේගොඩ ප්‍රදේශයේ පදිංචි වාහන විකිනිමේ ව්‍යාපාරයක නිරතවන බව කියන පුද්ගලයකු බව පොලිසිය කියයි.
රාජගිරිය ඔබේසේකරපුර වැටලීමට යන අතරවාරයේදී තී රෝද රථයකින් පැමිණි පුද්ගලයකු සුඛෝපභෝගී වාහනයකට සිටි පුද්ගලයකුට මත්ද්‍රව්‍ය පාර්සලයක් ලබා දෙන අයුරු පොලිස් නිලධාරීන්ට නිරීක්ෂණය වීමෙන් අනතුරුව ඔහුන් අත්අඩංගුවට ගැනීමට යාමේදී පළා යාමට කළ උත්සාහයේදී පොලිස් නිලධාරියා මෝටර් රථ රථයේ බොනට්ටුව මතට පැන එය වැළැක්වීමට උත්සාහ දැරීමත් සමගම අධික වේගය මෝටර් රථය ධාවනය කර තිරිංග තද කිරීමෙන් අනතුරුව වැටීමට සලස්වා සැකකරුවන් පලාගොස් තිබිණි
පොලිස් නිලදාරිය අනතුරට ලක් කළ දින ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරු මෙම සැකකරුට දුරකතන ඇමතුමක් දී බියගම මාවරමණ්ඩිය ප්‍රදේශයට ගෙන්වාගෙන ඔහුගේ මෝටර් රථයෙන් තලංගම බටපොත නිවස වෙත පැමිණ තිබූ බව පොලිසිය කියයි
අනතුරුව පසු දිනද ඒක ආකාරයෙන් දුරකථන ඇමතුමක් ලබාදී මෝටර් රථය සමග සැකකරු ගෙන්වාගෙන මෝටර් අතර ලබාගෙන තිබූ බව අත්අඩංගුවට ගත් සැකකරුගෙන් සිදු කළ දීර්ඝ ප්‍රශ්න කිරීමේ දී අනාවරණය වූ බව පොලිස් නිලධාරියා වැඩිදුරටත් පැවසීය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd