IMG-LOGO

2025 ඔක්තෝබර් මස 14 වන අඟහරුවාදා


රාජකාරී වේලාවේ මැතිවරණ වැඩ කළ ගුරුවරයකුට එරෙහිව පැමිණිල්ලක්

(පැතුම් දර්ශන)

හොරොව්පොතාන පත්තෑව මුස්ලිම් විදුහලේ ගුරුවරයකු පාසල් කාලය තුළදී මැතිවරණ ප්‍රචාරක කටයුතුවල යෙදෙමින් මැතිවරණ නීති උල්ලංඝණය කරන බවත් ඒ සඳහා නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙසත් ඉල්ලමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ උතුරු මැද පළාත් සභා හිටපු මන්ත්‍රී ඒ.ආර්.අබ්දූල් හුසෙන් මහතා අනුරාධපුර දිස්ත්‍රික් මැතිවරණ ලේකම් කාර්යාලයට පැමිණිලි කර තිබේ. 

අනුරාධපුර දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරීවරයා මාර්ගයෙන් සිදු කර ඇති එම පැමිණිල්ලෙන් වැඩිදුරටත් පෙන්වා දී  ඇත්තේ මෙම ගුරුවරයා ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට සහය පළකරමින් රාජකාරී වේලාව තුළ ප්‍රදේශයේ ජනතාවට විවිධ ද්‍රව්‍යමය ආධාර ලබාදෙන බවය.

ජනතාව නොමඟ යවනසුළු අසත්‍ය ප්‍රචාර කර ඡන්ද දායකයාගේ අයිතිවාසිකම් උල්ලංඝණය කරන මෙම ගුරුවරයාට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙස ද පළාත් සභා මන්ත්‍රීවරයා සිය පැමිණිල්ල මගින් තවදුරටත් ඉල්ලා තිබේ.

මේ සම්බන්ධයෙන් අප අනුරාධපුර දිස්ත්‍රික් සහකාර මැතිවරණ කොමසාරිස් එම්.බී.එම්.සුපියාන් මහතාගෙන් කළ විමසීමේදී ඔහු මෙසේ කීය.

"දිස්ත්‍රික් මැතිවරණ පැමිණිලි කළමනාකරණ මධ්‍යස්ථානයට මෙම පැමිණිල්ල ලැබිලා තියෙනවා. ඒ අනුව මෙම පාසලේ විදුහල්පතිවරයාට අපි ලිඛිතව දන්වලා තියෙනවා 2019. නොවැම්බර් 16 වෙනිදාට නිකුත් කර ඇති චක්‍රලේඛයට අවධානය යොමුකර එහි විධිවිධානවලට පටහැනිව කටයුතු නොකරන ලෙසට අදාළ ගුරුවරයාට දන්වන්න කියා අප විදුහල්පතිට දැන්වුවා"යැයි ද ඒ මහතා පැවසීය.

 



අදහස් (4)

රාජකාරී වේලාවේ මැතිවරණ වැඩ කළ ගුරුවරයකුට එරෙහිව පැමිණිල්ලක්

Raveendra Wednesday, 23 October 2019 07:27 AM

ගුරුවරයෙක් වෙලත් එක එක්කෙනාට කඩේ යන කැත.. අපේ බදුමුදල් වලින් නේද පඩි ගන්නේ. ඒ පඩි ගෙවන්න එක එකාට කඩේ යන්නද .

:       0       27

රවින් Wednesday, 23 October 2019 08:09 AM

ටියුෂන් ගුරෙක් වෙන්න ඇති. හවසට අමතර පන්ති පවත්වලා ළමයින්ගෙන් ගාන කපාගෙන ඡන්ද වැඩට අවශ්‍ය මුදල් හොයාගන්නවනේ. විදුහල්පතිත් සම්බන්ධයි වගේ. නැතිනම් ගුරා කොහොමද ඉස්කෝලේ තියන වෙලේ හිතුමනාපෙට පාසලෙන් ඉවතට යන්නේ? පාසලේ ළමයින්ට දෙයියන්ගේම පිහිටයි. අනාගත රටට තවත් නුගතුන් කීපදෙනෙක් හරි එක් වේවි.

:       0       25

SujeewaWednesday, 23 October 2019 08:57 AM

උදේට මහජන මුදලින් වැටුප් ලබමින්, සිය සේවය ඉටු නොකරමින්, අපේ දරුවන්ට අධ්‍යාපනය නොදී සජිත් ප්‍රේමදාසට කඩේ යනවා. හවසට එම පුද්ගලයාම දෙමාපියන්ගේ මුදල් අය කරමින් ටියුෂන් කඩේ මුදලාලි වෙනවා.

:       0       21

සුජීවාThursday, 24 October 2019 11:24 AM

මෙහෙම කඩේ යන අය ඉන්නේ පොහොට්ටුවේ. ඔය පුද්ගලයා දැන් ගුරෙක්නම් මිනිහගේ පැත්ත දිනුවොත් මිනිහා සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂවරයෙක්. නමුත් එක්සත් ජාතික පක්ෂයේ අයට එහෙම් අවස්ථා නැහැ. ඕනෑතරම් උදාහරණ පෙන්වන්න පුළුවන්.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 631 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 828 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 358 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site