Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
2022 මැයි මස 27 වන සිකුරාදා
(රංජන් කස්තුරි)
ප්‍රභාකරන්ටවත් බය නැතුව වැඩකරපු යකට ගැහැණියක වන චාල්ස් මහත්මියට සහ රේගුවේ ජාවාරම්කාර මාෆියාවක් එක්ක හැප්පෙන්න බැරිවුණා.ඒ නිසා එතුමිය රේගුවෙන් ඉවත් කර හිටපු තනතුරටත් වඩා උසස් තනතුරක් ලබාදීමට තීන්දු කර තිබුණා.
ඒත් මහා ප්‍රශ්නයකට යෑමට අකමැති හෙයින් එම කැබිනට් පත්‍රිකාව ඉවත්කරගත්තා යැයි මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා කොළඹ මුදල් අමාත්‍යාංශයේ අද (6) පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පැවැසීය.
එම ප්‍රවෘත්ති සාකච්ඡාවේදී මංගල සමරවීර මහතා මෙසේද පැවැසීය.
රේගු අධ්‍යක්ෂ ජනරාල් චාල්ස් මහත්මිය වෙනත් උසස් තනතුරකට පත් කරන්න අපි සාමාන්‍ය පිරිපාලන තීන්දුවක් ගත්තා ඒකාබද්ධ විපක්ෂයේ උදවියයි රාජපක්ෂලයි ඒක මහා දේශපාලන කුණාටුවක් බවට පත්කරන්න උත්සහ ගත්තා.
චාල්ස් මහත්මිය ඉතාම දක්ෂ නිලධාරිනියක් එතුමිය දිනකට වැඩි කාලයක් රාජකාරීවල නිරත වෙනවා.ඒත් මාෆියාව මෙල්ල කරන්න බැරි වුණා ඒකද එතුමියගේ අඩුවක් නෙවෙයි වරායේ මාෆියාව ඒ තරම් වැඩි.
රේගුවයි සුරාබදු දෙපාර්තමේන්තුවයි දේශීය ආදායම් දෙපාර්තමේන්තුවයි යන මේ රටේ ප්‍රධානතම ආදායම් ලබන ආයතන තුනම අධීක්ෂණය කරන අලුත් ඉහළ තනතුරක් හදලා එතුමිය පත්කරන්නයි කටයුතු කළේ.
රේගු අධ්‍යක්ෂ ජෙනරාල් තනතුරට වඩා ඒක ඉහළ තනතුරක්.ඒක කරන්න බැරිවුණා මහින්ද රාජපක්ෂ , දයාසිරි ජයසේකර,තිලංග සුමතිපාල සහ ඩලස් අලහල්පෙරුම යන මන්ත්‍රීවරු චාල්ස් මහත්මිය වෙනුවෙන් කිඹුල් කඳුලු හැළුවා.හැබැයි එදා හිටපු අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායක එළියට දානකොට ඔය කිඹුල් කඳුලු හැළුනේ නෑ.
රේගුව 2015 වසරේදී රුපියල් බිලියන 788 ක් 2016 දී රුපියල් බිලියන 881 ක් සහ 2018 රුපියල් බිලියන 921 ආදී වශයෙන් ආදායම් ලැබුවා.
ඒත් අපේ ඉලක්කය වුණේ රුපියල් බිලියන 1068 ක් ඒ ඉලක්ක වලට යන්න බැරිවුණා. ඉලක්ක කළ ආදායම රේගුවට ගන්න බැරි වුණා.
ඡායාරූප සහ වීඩියෝ - ශාන්ත රත්නායක
Thilina Wednesday, 06 February 2019 04:01 PM
සිත නිවන කතා.. ලැජ්ජාවක් නැතුව දැන් වර්ණනා කරන අපූරුව..
Reply : 205 1086
chandima Thursday, 07 February 2019 02:30 AM
ඔය කතාවමනේ මිදී කඩන්න ගිහින් නරිය කිව්වෙත්.
Reply : 5 346
පෙරුමාල් Thursday, 07 February 2019 04:42 AM
ගරු චාල්ස් මහත්මිය බලා ගෙන ඉන්නෙ “අනේ මූ කියන බොරු“ කියනවා වාගෙයි
Reply : 3 353
ඇත්ත සත්‍යපාල Thursday, 07 February 2019 05:50 AM
මාකඳුරේ මධුෂ් රේගු අධ්‍යක්ෂ ජෙනරාල් තනතුරට පත්කළ හැකි ක්‍රමයක් ගැන කවුරුහරි හිතුවද දන්නේ නෑ. වංචාව දුෂණය නැති කරන්න මේ අය ඒ තරම් උනන්දුයි නොවැ.
Reply : 0 122
Vajira Thursday, 07 February 2019 07:41 AM
මහජන මතයට ඇහුන්කන්දීම ඉතාමත් හොඳ දෙයක්. මේ රජය අප්‍රසාදයට පත් වුනේ මහජන මතයට ඇහුන්කන් නොදී හිතුවක්කාර ලෙස ක්‍රියා කිරීම නිසා. දැන්වත් පරණ හොරු ටික අල්ලලා ඇතුලට දාන්න. මේ රජයට ඡන්දය දුන් අය බලාපොරොත්තු වුණේ ඒක.
Reply : 29 43
Bamunuarachchi Monday, 11 February 2019 08:24 AM
පරණ හොරු අල්ලලා ඇතුළට දැම්මාම රටේ නිෂ්පාදනය වැඩිවෙනවාද, රැකියා වැඩිවෙනවාද? රටට ආයෝජකයින් එනවාද? ආහාර නිෂ්පාදනය වැඩිවෙනවාද?
0 14
ඇත්ත සත්‍යපාල Thursday, 07 February 2019 08:32 PM
රේගු අධ්‍යක්ෂවරියට රේගු මාෆියාව එක්ක හැප්පෙන්න බැරිවුණා. හේතුව මාෆියාව පස්සේ කුරුදු පොලු දේශපාලකයෝ හිටපු නිසා.
Reply : 0 94
Janahitha Wednesday, 06 February 2019 04:21 PM
රේගුව කියන්නේ අඛණ්ඩව ගලන ජලාශයක්.... ඔය වර්ජනය කරන රේගු නිලධාරීන්ගේ ගෙවල්වලට පුලුවන්නම් ගිහින් බලන්න. ලැබෙන රජයේ ආදායම වගේ සියදහස් ගුණයක් රජයට ලැබෙන්න ඕන නියම අකුරට වැඩ කරනවා නම්....
Reply : 186 460
Hafeel Wednesday, 06 February 2019 04:21 PM
රේගුවේ මාෆියාව මෙල්ල කරන්න බැරිවූ චාර්ල්ස් මැතිනියට, ඇයි ඊටත් වඩා ඉහල තනතුරක් දෙන්න ගියේ?
Reply : 4 1002
Bamunuarachchi Wednesday, 06 February 2019 04:30 PM
අර 62 ටද ඔය කතාව කියන්නේ අනේ හොඳා.
Reply : 326 684
harsha Wednesday, 06 February 2019 04:37 PM
අස්කරන්න ඕනෑ කෙනා අස්කරන්න ආණ්ඩුවට පණ නැහැ. මහින්දලාගේ බලය ආණ්ඩු බලයට වඩා වැඩියි වගේ
Reply : 11 123
janahitha Thursday, 07 February 2019 03:29 AM
මෙය මහින්දලාගේ ප්‍රශ්නයක් නොවේ රාජ්‍ය සේවය පිලිබඳ ප්‍රශ්නයක් මහත්තයා
Reply : 107 344
අප්පුවා Wednesday, 06 February 2019 04:43 PM
මේ රටේ ඉන්න ලොකුම මාෆියාව ඔබ ඇතුළු සියලු දේශපාලකයින්ය. ලැජ්ජයි ලැජ්ජයි!
Reply : 211 1095
gamini Wednesday, 06 February 2019 09:36 PM
බොරු නොකියා ඉන්න මහත්තයෝ. අපි චාර්ල්ස් මහත්මිය ගැන හොඳට දන්නවා. මමත් රේගුවේ තමයි. මෙහෙ මාෆියාව මෙල්ල කලේ මෙතුමියයි. අන්ත දුෂිත දේශපාලකයින්ගේ ඕනෑ එපාකම් කරන්න එතුමිය අකමැති වුන නිසා තමයි එතුමියව මාරු කලේ. එතුමියට වෙන තැනක උසස් රස්සාවක් දුන්නම ඔබතුමාලට හරි සතුටුයි නේද.
Reply : 106 392
pradeep Wednesday, 06 February 2019 09:47 PM
එතුමිය මාරු කරන්න කලින් කුණුහරුපෙන් බැන්න කතාව අනුව -මින්පසු කාට හරි උසස්වීමක් දෙනවනම් ඊට පෙර එසේ බනින අලුත් ක්‍රමයක් තියෙනවද මේ රජය යටතේ?
Reply : 113 389
gam Wednesday, 06 February 2019 10:38 PM
තණකොළ නැහැ ගහ මුදුනේ ,
Reply : 106 219
w.k.perera Thursday, 07 February 2019 12:36 AM
පුංචි බොරෙල්ලේ බෝගස කපන්න අදහසක් තියනවාද ??? ( අමතකද )
Reply : 1 132
lal Thursday, 07 February 2019 01:03 AM
ඒක එහෙම උනාට එතුමිය 'ඇමති මාෆියාව' එක්ක අතිසාර්ථක ලෙස හැප්පිලා ජය ගත්තා...නැද්ද ඇමති තුමෝ?...
Reply : 121 694
Adam Thursday, 07 February 2019 01:16 AM
අවමන්ගලට ලැජ්ජාවක් නැහැ එකපාරක් කොටි ඩයස් පොරවේ පස්ස පැත්ත ලෙවකාල අපේ හමුදාව පවා දුන්න තව පාරක් බදු වැඩිකරලා ඉන්දන මිල සතිපතා වැඩිකරලා අපිව නැති කලා දැන් පස්ස පැත්ත ගිනි ගත්ත හනුම වගේ පිස්සු නටනවා මොකද තව ටික දවසකින් ඔක්කොම ලොකුකම් ඉවරවෙන නිසා
Reply : 161 675
රවින් Thursday, 07 February 2019 01:29 AM
කපන්න බැරි අත සිඹින්න හදන්නේපා .ඔය කියන විදියේ ක්‍රමවේදයක් සකසා තිබුනානම් ඉස්සල්ලම කලයුත්තේ ඊට අනුමතය ගන්න එක නැතහොත් තනතුර නිර්මාණය කිරීම.
Reply : 35 172
හිච්චි මල්ලි Thursday, 07 February 2019 01:40 AM
රේගු නිලධාරියෙකුගෙ නිවසක් හා ජීවන රටාව දැක්කොත් ඕනෑ කෙනෙකුට තේරෙයි රජයේ සේවකයෙකුට මේ තරම් දෙයක් කරන්න සල්ලි කොහෙන්ද කියලා. මගේ යාළුවෙකුගෙ අයියා කෙනෙක් රේගු නිලධාරියෙක්. මිනිහා සල්ලි හම්බ කරන හැටි දන්නවානම් ඇඟ හිරි වැටෙනවා.
Reply : 89 495
Nandana Thursday, 07 February 2019 03:51 AM
රේගු නිලධාරියො හැම දෙනාම හොර වැඩ වලින් මුදල් උපයනවා කියලා හිතන්න එපා.
Reply : 458 359
Pandith Thursday, 07 February 2019 02:21 AM
ඇමති තුමාගේ කතාව සම්පුර්ණ ඇත්ත,මොකද මේ රේගු නිලධාරීන්ගේ මාසික පඩියට අමතරව පගාව ගන්න අදායම කෝටි ගානක්.මේ අය ගතකරන්නේ කුමාර සැප ජිවිතයක්.මේ දක්වා කිසිම රජයකට මේ හොරකම් නවත්තන්න බැරි වුණා.
Reply : 34 581
thineth Friday, 08 February 2019 03:27 AM
රේගු නිලධාරීන්ට කෝටි ගණන් උපයන්න හොරකම් කරන්න අවශ්‍ය නෑ. රටට ආදායම් අහිමි කරන තැනක් වැටලුවම රජයට ලැබෙන ආදායමෙන් 20%ක් විතර වැටලීමට මුල් වුනු නිලධාරියට ලැබෙනවා
Reply : 0 3
janahitha Thursday, 07 February 2019 03:10 AM
සිත නිවන කතා.. ලැජ්ජාවක් නැතුව දැන් වර්ණනා කරන අපූරුව.. ඔබතුමාගේ බොරුව සහ සංදර්ශන ඔබගේ පියාගේ නමට කැළලක් මාෆියාව තියෙන්නේ ඔබ ඇතුළු කැබිනෙට්ටුවේ මාෆියාවේ උවමනාවට වැඩකරන උන් කවුද කියා මේ රටේ ජනතාව දනී
Reply : 111 670
JAYATH Thursday, 07 February 2019 03:23 AM
මේ රටේ ඉන්නේ මේ වගේ දේශපාලකයෝ තමයි හැබැයි අපේ අය ඊළඟ වතාවෙත් මේ අයව යවනවා නැතිද බලන්න. මේ රට හදන්න බැරි ඕකයි.
Reply : 147 51
Sc Thursday, 07 February 2019 03:48 AM
රේගුව විතරක් නෙමෙයි හැමතැනම හොරකම දුෂණය. මේවා ඇතිකලේ කවුද. මෙතෙක් රට පාලනය කල පාලකයො.
Reply : 0 161
අජිත් Thursday, 07 February 2019 05:05 AM
ඒ මොන සුත්තරයක්ද?
Reply : 0 8
නිමල් Thursday, 07 February 2019 05:23 AM
මේ කතාවෙන් කිතුල් ගහේ ගිය මිනිහාගේ කතාව කැලේ!!
Reply : 0 20
Lal Thursday, 07 February 2019 06:55 AM
මැදැයි නාගත්තා..දැන් කටවහාගෙන ඉන්න..
Reply : 0 190
ravi Thursday, 07 February 2019 08:44 AM
රේගුව එක්ක හැප්පෙන්න ... රජයටත් ශක්තියක් නැහැනේ ... ඉතින් බොරුවට මේ අධ්‍යක්ෂකවරියට නින්දා ..අපහාස කරන එකේ තේරුමක් නැහැනේ ... !
Reply : 1 62
maheshika Thursday, 07 February 2019 02:42 PM
කපන්න බැරි අත ඉඹීම .
Reply : 0 19
sam Friday, 08 February 2019 11:26 AM
මේ තමයි රේගුව මාෆියා කළේ. කරන්න හැදුවේ චාර්ල්ස් මහත්මිය එලවලා අර වනාන්තර පාළුවා කියන රටම ගසාකන්නා ගම්මිරිස් හොරට ඉන්දියාවට යවන්න ඉඩ දෙන්නයි.
Reply : 0 1
sanath Sunday, 10 February 2019 04:17 AM
අපරාදේ කියන්න බැහැ මේ රජයේ ඔක්කොම එක වගෙයි.....
Reply : 0 0