නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන්වා ශ්‍රී ලංකා රේගුව විසින් රාජසන්තක කර ඇති බීඩි කොළ තොග විනාශ කිරීමටත්, වාහන රජයේ ආයතනවල භාවිතය සඳහා මුදාහැරීමටත් අමාත්‍ය මණ්ඩලය තීරණය කර තිබේ.
විධිමත් අනුමැතියකින් තොරව මෙරටට ගෙන්වන බීඩිකොළ තොග ශ්‍රී ලංකා රේගුව විසින් රාජසන්තක කිරීමෙන් පසු නියමිත රේගු ක්‍රියාමාර්ග අනුව ප්‍රසිද්ධියේ වෙන්දේසි කිරීම මෙතෙක් කල් සිදුකෙරුණත් එම බීඩිකොළ භාවිතයට ගන්නා අයගේ සෞඛ්‍යයට හානිකරවීම සැළකිල්ලට ගනිමින් මෙම තීරණය ගත් බව කැබිනට් ප්‍රකාශක, තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ, උසස් අධ්‍යාපන, තාක්‍ෂණ හා නවෝත්පාදන අමාත්‍ය, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.
ඒ අනුව මින් ඉදිරියට රේගුව විසින් රාජසන්තක කරන බීඩි කොළ තොග දැඩි සුපරීක්‍ෂණයක් යටතේ විනාශ කිරීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කළ බව ඇමැතිවරයා සඳහන් කළේය.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී අද (9) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදීය.
මේ අතර සම කැබිනට් ප්‍රකාශක, වැවිලි කර්මාන්ත සහ අපනයන කෘෂිකර්ම ඇමැති වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පැවසුවේ නීතිවිරෝධී අයුරින් මෙරටට ගෙන්වා ශ්‍රී ලංකා රේගුව විසින් රාජසන්තක කරන ලද වාහන රජයේ ආයතන වල භාවිතය වෙනුවෙන් මුදා හැරීමට මුදල් අමාත්‍ය අග්‍රාමත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඉදිරිපත් කරන ලද කැබිනට් පත්‍රිකාවට ද කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිවූ බවයි.
ඒ අනුව එම වාහන ඉදිරියේදී රේගු අධ්‍යක්‍ෂ ජනරාල්ගේ අවසරය මත යුද හමුදාවේ හා රාජ්‍ය ආයතනවල භාවිතයට ඉල්ලීම් කර ලබාගත හැකි බව ද ඇමැතිවරයා කීවේය.
2025 දෙසැම්බර් මස 30
106
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
739
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
367
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
රේගුව විසින් රාජසන්තක කරන බීඩි කොළ විනාශ කරන්න අනුමැතිය
Parakramabahu Thursday, 09 July 2020 08:41 AM
බීඩි කොළ නෙවෙයි, අල්ලන කුඩු ටික පුච්චපල්ලා... දැන් එකෙක්වත් ෂුවර් නැහැ. පුළුවන් නං ඕවා ටීවී වල පෙන්නන්න... අඩුගානේ අල්ලන කුඩු ටික පුච්චගන්න බැහැ නම් තව මොන කතාද?
නෙවිල් Thursday, 09 July 2020 09:26 AM
බලාගෙන. ඕවා විකුණලා ඇතුළට ගස්ලබු කොළ දමලා පෙන්නාවි.