(යොහාන් භාසුර)
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය ආසන්නයේ පෞද්ගලික ගබඩාවක තිඛියදී පසුගිය 17 වැනිදා සොයාගත් මිනිස් පරිභෝජනයට නුසුදුසු අර්තාපල් කිලෝ හතලිස්දාහක් (40,000) ගබඩා කර තිබූ කන්ටේනරය පසුගිය සැප්තැම්බර් මස හිස් කන්ටේනරයක් ලෙස කොළඹ වරායෙන් පිටවූ එකක් බව ශ්‍රී ලංකා වරාය අධිකාරියේ උසස් නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.
ශීතකරණ පහසුකම්ද ඇති මෙම කන්ටේනර් පෙට්ටිය කොළඹ වරායේ එස්ඒජී පෞද්ගලික අත්‍යන්තයෙන් පිටව ගොස් ඇති බව කී එම නිලධාරියා වරායෙන් පිට වීමෙන් පසුව එම අල තොග එම කන්ටේනර් පෙට්ටියට පටවන්නට ඇති බවට සැක කරන බව ද සදහන් කළේය.
කන්ටේනර් පෙට්ටියක් වරායෙන් එලියට ගිය පසු වරාය අධිකාරියට කිසිදු වගකීමක් නොමැති බවත් එයට පරිභෝජනයට නුසුදුසු අල ගබඩා කළේ කුමන ස්ථානයක දී ද යන්න සොයා නීතිය ක්‍රියාත්මක කිරීම පොලිසියේ සහ එම අල තොගය අත්අඩංගුවට ගත් දඹුල්ල මහනගර සභාවේ වගකීමක් බවත් වරාය අධිකාරිය නිලධාරියා වැඩිදුරටත් කීය.
2025 දෙසැම්බර් මස 18
676
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
325
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1114
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
රේගුවෙන් පිටවූ හිස් කන්ටේනරයට කුණු අල තොග මගදී පටවලා
ravin Friday, 19 November 2021 04:40 PM
වරාය ඇතුළේ හිස් කන්ටේනරුත් ගොඩගහනවද? දැනුවත්ව නම් හිස් කන්ටේනර් තියෙන්නේ වරායෙන් පිටත ගොඩගහලා.
jagath Saturday, 20 November 2021 10:14 AM
ලංකාවේ නීති ලිහිල් වැඩියි. හොරවැඩ, ජඩවැඩ කරන අයගේ දේපළ සන්තකේම රාජසන්තක කළ යුතුයි...