
(යොහාන් භාසුර)
ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව ඩොලර් මිලියන 20 ක් හෙවත් රුපියල් කෝටි 400 ක් වැයකරමින් නව බහාලුම් ස්කෑන් පද්ධතියක් අද (19) ස්ථාපිත කළේය.
බහාලුම් විවෘත නොකර පරීක්ෂා කිරීමේ පද්ධතිය ස්ථාපනය කිරීම ආනයන හා අපනයනවල නිෂ්කාශන කාර්යක්ෂමතාව වැඩි කිරීමේ එක් පියවරක් මෙන්ම නීතිවිරෝධී ආනයන සහ අපනයන වැලැක්වීමට ද මෙය ප්‍රයෝජනවත් වන බවත් ලෝක රේගු සංවිධානයේ වෙළඳ පහසුකම් ගිවිසුමේ නිර්දේශ ක්‍රියාත්මක කිරීමට මෙම බහාලුම් ස්කෑන් පද්ධතිය ශ්‍රී ලංකා රේගුවට වඩාත් වැදඟත් බවත් රේගු මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය රේගු අධ්‍යක්‍ෂ සුදත්ත සිල්වා මහතා පැවසීය.
මෙම ව්‍යාපෘතිය යටතේ ශ්‍රී ලංකා රේගු ස්කෑන් යන්ත්‍ර හතරක් මිලදීගත් බව කී රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ බහාලුම පටවා ඇති ට්‍රක් රථය සෙමෙන් ස්නෑන් පද්ධතිය හරහා ධාවනය කිරීමේදී මිනිත්තු තුනකට අඩු කාලයකදී බහාලුම පරීක්ෂා කිරීමේ හැකියාව ඇති බවත්ය.
මෙම පහසුකම සියලුම ට්‍රක් රථ රියදුරන්ගේ සහ එහි සේවය කරන රේගු කාර්ය මණ්ඩලයේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ඉහළ ආරක්ෂිත ප්‍රමිතීන්වලට අනුකූලව ඉදිකර ඇති බවත් මෙම ස්කෑන් යන්ත්‍රවල උපරිම කාර්යක්ෂමතාව ලබාගැනීම සඳහා කොළඹ වරාය පරිශ්‍රය තුළ බහාලුම් පිටවීමේ දොරටුවට ආසන්න බහාලුම් පටවා ගත් ට්‍රක් රථ ගමන් කරන මාර්ගය ඔස්සේ සවි කර ඇති බවත් රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා කියයි.
ඇමෙරිකානු රැපිස්කෑන් පුද්ගලික සමාගමට අනුබද්ධ සිංගප්පූරු පිහිටි රැපි ස්කෑන් පුද්ගලික සමාගම ස්ථාපිත කළ මෙම ස්කෑන් පද්ධතිය පිළිබඳව එම ආයතනය රේගු නිලධාරීන්ට පුහුණුවක් ද දුන් අතර රේගු කාර්ය මණ්ඩලයේ ධාරිතා වර්ධනය ඇතුළුව වසර 5ක පද්ධතිය නඩත්තු ගිවිසුමකින් ද එම පද්ධතිය ආවරණය වේ.
මෙම නව බහාලුම් ස්කෑන් පද්ධතිය නිල වශයෙන් බාරගැනීම සඳහා ශ්‍රී ලංකා රේගු අධ්‍යක්ෂ ජනරාල් විශ්‍රාමික මේජර් ජෙනරාල් විජිත රවිප්‍රිය මහතාගේ ප්‍රධානත්වයෙන් රේගු මූලස්ථානයේදී අද (19) විශේෂ උත්සවයක් පැවැත්විණී.
මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස රැපි ස්කෑන් පුද්ගලික සමාගමේ ජ්‍යෙෂ්ඨ උප සභාපති කොරන් කුසේයාන් මහතා සහභාගී විය.
ඡායාරූපය:
රැපි ස්කෑන් පුද්ගලික සමාගමේ ජ්‍යෙෂ්ඨ උප සභාපති කොරන් කුසේයාන් මහතා විසින් ස්කෑන් පද්ධතියට අදාල ලියකියවිලි ශ්‍රී ලංකා රේගු අධ්‍යක්ෂ ජනරාල් විශ්‍රාමික මේජර් ජෙනරාල් විජිත රවිප්‍රිය මහතාට භාරදෙන ලද අවස්ථාව.
(ඡායාරූපය: රුෂිරු කොළඹතන්ත්‍රිගේ)


2025 දෙසැම්බර් මස 30
106
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
739
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
367
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
රේගුවට කෝටි 400 ක බහාලුම් ස්කෑන් පද්ධතියක්